ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් සවිබල ගන්වන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ සාර්ථකව අවසන් වෙයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප‍්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වාර්ෂිකව පවත්වනු ලබන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ මෙවරත් අති සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගෙන් 130 කට අධික ප‍්‍රමාණයක් තම නිෂ්පාදන ගැමි පුබුදුව අවුරුදු පොළේදී ප‍්‍රදර්ශනය කළ අතර ඔවුන්ට තම නිෂ්පාදන අලෙවියට අතිරේකව නව වෙළඳපොල අවස්ථාවන් හිමි වීමද මෙහිදී විශේෂත්වයක් විය.

කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන්ට සහාය වීමේ අරමුණින් බැංකුව විසින් දියත් කළ රු. මිලියන 20 ප‍්‍රදානය යටතේ ප‍්‍රතිලාභලැබූවන් ද සිය නිෂ්පාදන මෙම ගැමි පුබුදුව අවුරුදු පොළට එක් කර තිබීම තවත් සුවිශේෂත්වයකි.

HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරි ජොනතන් අලස් මහතා මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ අතර CBSL ප‍්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ M. S. K ධර්මවර්ධන, මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ – SMELoC වසන්ති විජේරත්න සහ HNB විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී දිල්ශාන් රොද්‍රිගෝ යන මහත්ම මහත්මීන් ද විශේෂ ආරාධිතයින් ලෙස මෙම අවස්ථාවට එක්ව සිටියේය. මීට අමතරව HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, Wholesale Banking, දමිත් පල්ලෙවත්ත, HNB ක්ෂුද්‍ර මූල්‍ය අංශ ප‍්‍රධානී, විනෝද් ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළුව හැටන් නැෂනල් බැංකුවේ ආයතනික හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද මෙයට සහභාගී විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේ ‘‘අපගේ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකාරභවතුන්ගේ සාර්ථකත්වය මැනවින් ප‍්‍රදර්ශනය කළ 2023 ගැමි පුබුදුව අවුරුදු පොළ මෙවරත් ඉතා සාර්ථකව පැවැත්වීමට හැකි වීම ගැන මට සතුටුයි. අවුරුදු 34ක් පුරාවට ක‍්‍රියාත්මක වූ මෙම වැඩසටහන පසුගිය අවුරුදු දෙක තුළ අපට මුහුණ දීමට සිදු වූ අසීරු අභියෝග සැලකීමේදී බිම් මට්ටමේ ව්‍යාපාරවලට අඛණ්ඩව සහාය වීමට අපට හැකි වු බව මා මෙහිදී සඳහන් කිරීමට කැමතියි. මෙම වැඩසටහන ඔවුන්ගේ ව්‍යාපාරවල දියුණුව උදෙසා අප ලබා දුන් ස්ථිර කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක්.

මෙම වැඩසටහන අපගේ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සාර්ථකත්වය ප‍්‍රදර්ශනය කිරීමට කදිම අවස්ථාවක් බව මා පැවසීමට කැමතියි. අපගේ සහාය ඇතිව දියුණු වූ විවිධ ව්‍යාපාර දැකීමට ලැබීම සැබවින්ම සතුටක්. මෙරට ආර්ථිකය නැවත නගා සිටුවීමට සහ තිරසාර සංවර්ධනයක් අත් ගැනීම සඳහා බිම් මට්ටමේ කුඩා ව්‍යාපාරවලට අතහිත දීම ඉතා වැදගත් බව අප විශ්වාස කරනවා.’’ යනුවෙනි.

අපේ‍්‍රල් මස 8 සහ 9 යන දිනයන් හීදී පැවති මෙම අවුරුදු පොළ සඳහා ඉතා විශාල නරඹන්නන් පිරිසක් පැමිණි අතර ව්‍යවසායකයින් විසින් එළවලූ, පළතුරු, ආයුර්වේද නිෂ්පාදන, මල්, අත්කම් නිර්මාණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, සාම්ප‍්‍රදායික කැවිලි වර්ග  සහ පිත්තල භාණ්ඩ යනාදී නොයෙක් නිෂ්පාදන අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබිණි. ග‍්‍රාමීය කර්මාන්තයන්ට සහ ක්ෂුද්‍ර ව්‍යවසායිකයින්ට මෙය සැබවින්ම නවමු අත්දැකීම් එක් කරන සහ නව ව්‍යාපාරික අවස්ථාවන් උදා කරන වෙළඳ ප‍්‍රදර්ශනයක් විය.

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ගේ වර්ධනය වෙනුවෙන් ඔවුන් හා සමීපව කටයුතු කරන HNB මෙරට ග‍්‍රාමීය ආර්ථික සංවර්ධනය හා සමෘද්ධිමත් කිරීමේ නිශ්චිත අරමුණ සහිතව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (MSME) ක්ෂේත‍්‍රයට ඇතුළු වූ පුද්ගලික අංශයේ පළමු වාණිජ බැංකුව බවට පත් විය. මේ ක්ෂේත‍්‍රයේ ඇති දශක තුනකට අධික සේවා අත්දැකීම් සමඟ HNB, ව්‍යවසායක සංවර්ධනය වේගවත් කිරීමට සහ කුඩා ව්‍යාපාර වර්ධනයට අතහිත ලබා දීමට හැකි වීම පිළිබඳව සාඩම්බර වේ

Minoli Wickramasinghe appointed President of...
City of Dreams பெருமையுடன் வழங்கும்...
ஜனசக்தி பைனான்ஸ், பெண்களின் புத்திசாதுரியமான நிதி...
Janashakthi Foundation and President’s Fund...
ජනශක්ති පදනම සහ ජනාධිපති අරමුදල...
Samsung இன் புதிய Galaxy A57...
Stopping Financial Fraud Before It...
Janashakthi Life strengthens commitment to...
Samsung இன் புதிய Galaxy A57...
Stopping Financial Fraud Before It...
Janashakthi Life strengthens commitment to...
HNB FINANCE PLC, BMPC 2026...