කැමැත්ත, ආහාර හා TikTok හි පන්නරය සමඟින් සාර්ථකත්වය හඹා ගිය රිද්මිගේ වට්ටෝරුව

Share

Share

Share

Share

ආහාර යනු පෝෂණය පමණක්ම නොවේ. ඒ පිටුපස යම් කතාවක්, මතකයක් මෙන්ම සම්බන්ධතාවයකුත් තිබිය හැකිය. TikTok හි Stories of Lash නිර්මාතෘ රිද්මිගේ සාර්ථකත්වය පිටුපසද ඇත්තේ එයයි. සාමාජිකයින් රැසකගෙන් සැදුම් ලත් නිවසක තම මව විසින් පිසූ ආහාර හා අවන්හල් අත්දැකීම් සමඟින් සිය ගමනට ශක්තියක් එක් කරගත් රිද්මි අද වන විට 439K followers සහ 13.8Mn likes සමඟින් බොහෝ දෙනා වෙත සිය රසවත් අත්දැකීම් බෙදා දෙන්නට සමත්ව ඇත.

“මම කුඩා කාලයේ සිටම ආහාරපාන සම්බන්ධයෙන් අලුත් අලුත් දේ සොයා බැලීමට වැඩි කැමැත්තක් දැක්වුවා. මගේ අම්මා හොඳ කෝකියෙක්. එයා හැම වර්ගයකම කෑම ගෙදර හදනවා. තාත්තා අලුත් අවහන්වලට අපිව එක්කගෙන යනවා. ඒ හැම අවස්ථාවක්ම මගේ ගමනට ලොකු අත්දැකීමක් වුණා” ඇය තමන්ගේ මතකයන් අවදි කළේ ඒ අයුරිනි.

“මම මගේ සහකරු සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කළාට පස්සේ අපි අලුත් කෑම වර්ග අත්හදා බලන්න අවන්හල්වලට, කැෆේවලට ගියා. මම ලබපු අත්දැකීම් අනෙක් අය සමඟ බෙදා ගැනීමට අවශ්‍ය වූ නිසා TikTok හි මගේ අන්තර්ගතයන් පල කිරීමට කටයුතු කළා. මගේ අනුගාමිකයන් මම ඉදිරිපත් කළ නිර්දේශයන් කෙතරම් අගය කරනවාදැයි මම දුටුවේ එවිටයි” TikTok වේදිකාව වෙත ඇගේ ආගමනය හා ජනප්‍රියත්වයේ ආරම්භය ඇය වචනවලට පෙරලුවේ එලෙසිනි.

ඇගේ අන්තර්ගතයන් බොහෝ අනුගාමිකයින්ගේ විශ්වාසයට පාත්‍ර වී ඇති අතර ආහාර සම්බන්ධයෙන් රිද්මිගේ උපදෙස් පැතීමටද ඔවුන් කටයුතු කර සිටිති. ඒ නිසාම TikTok හි තව තවත් අන්තර්ගතයන් පල කිරීමට රිද්මි කටයුතු කළාය.
Stories of Lash තුළින් ගෙන එන්නේ එයයි. ශ්‍රී ලංකාවේ වීදි ආහාරයන්හි රසයේ සිට භෝජන සංග්‍රහයන්ගේ ආකර්ෂණීය බව දක්වා අත්දැකීම් ලබන රිද්මි ඒ සෑම අවස්ථාවක්ම තමන්ගේ ගමනට අත්දැකීමක් කොට ගැනීමට උත්සාහ දරයි.

“වීදි ආහාරවල සිට භෝජන සංග්‍රහයන් දක්වා සෑම ආහාර වේලකම ඊට ආවේණික කතාවක්, රසයක් සහ සංස්කෘතියක් තිබෙනවා. ඒ විවිධත්වය මගේ ගමනට අත්වැලක් වුණා. වීදි ආහාර ක්ෂණික වන අතර විනෝදය හා රසයෙන් පිරී තිබෙනවා. ආහාර වේලක නිර්මාණශීලීත්වය හා කුසලතාව ගැබ්ව තිබෙනවා. එකිනෙකට වෙනස් මේ අවස්ථාවන් ලබා දෙන අත්දැකීම් තුළින් ඒවායෙහි සියුම් වෙනස්කම් සොයා ගැනීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි.” ඇය පවසයි.

“ආහාර සංස්කෘතිය හා සම්ප්‍රදාය සමඟ දැඩි බැඳීමක් ඇති ශ්‍රී ලංකාවේ ජනතාවට ආහාර ගැනීමේ අත්දැකීම් ගවේෂණය කිරීමට හා ලබා ගැනීමට නව අවස්ථාවක් TikTok උදා කර දී තිබෙනවා. #wheretoeat, #srilankanfood, #slfoodreview සහ #foodie වැනි හෑෂ් ටැග් හරහාකෑමට හොඳම තැනක් සොයා ගැනීමේ පහසුව උදා වී තිබෙනවා.” ඒ රිද්මිගේ අදහසයි.

බොහෝ විට සිංහල මාධ්‍යයෙන් ඇයගේ වීඩියෝ අන්තර්ගතයන් ඉදිරිපත් කරන නිසාම TikTok හරහා ප්‍රේක්ෂකයින් සමඟ සුවිසල් සබඳතාවක් ගොඩනගා ගැනීමට ඇයට හැකිවී ඇති අතර බොහෝ ප්‍රේක්ෂකයින් ඇයගේ අන්තර්ගතයන් අනුගමනය කිරීමට කටයුතු කර ඇත්තේ ඒ පිළිබඳ විශ්වාසය පල කරමිනි. තමන්ගේ භාෂාවෙන් කතා කිරීම තුලින් මෙරට ආහාර ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාමට කටයුතු කර ඇති ඇය තමන්ගේ නිර්දේශයන් තුළින් වඩා පුද්ගලික හා බලපෑම් සහගත සබඳතාවක් ගොඩනැගීමට සමත්ව සිටියි.

රිද්මි තමන්ගේ ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේදී මෙරට ආහාර සංස්කෘතිය විචිත්‍රවත් කරන රස, කථා, අත්දැකීම් බෙදා ගැනීමට ඇය බලාපෙරොත්තුවෙන් සිටියි. ආශාව හා කැපවීම තුළින් සාර්ථකත්වය වෙත පැමිණ සිටින ඇය තමන්ගේ හැකියාවන් එළි දැක්වීම සඳහා වේදිකාවක් සපයා දීම පිළිබඳව TikTok වෙත සිය ස්තුතිය පුද කර සිටියි.

“නිර්මාණකරුවකු ලෙස මගේ ගමන වෙනස් නොකළ TikTok මා කිසි දිනෙක නොසිතූ අයුරින් මිනිසුන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව උදා කර දුන්නා” ඇය පවසයි.

ආහාර සම්බන්ධ ඇයගේ පළමු ඉදිරිපත් කිරීමේ සිට සාර්ථකත්වය දක්වා වූ ගමන කැමැත්තේ හැකියාව, අව්‍යාජත්වය හා නිවැරදි වේදිකාව පිළිබඳ කදිම සාක්ෂියක් ලෙසද සඳහන් කළ හැකිය. වරකට එක් වීඩියෝවක් බැගින් පළ කරමින් Stories of Lash හරහා ආහාර බෙදා ගැනීමට පමණක් නොව සම්බන්ධතා ගොඩනගා ගනිමින් නිර්මාණශීලීත්වය ඉහළ නැංවීමටද ශ්‍රී ලංකාවේ හොඳම දේ ප්‍රදර්ශනය කිරීමටද ඇය කටයුතු කරයි.

HNB FINANCE PLC අධ්‍යක්ෂ මණ්ඩලයට...
யாழ். நல்லூர் திருவிழாவில் சுவை மற்றும்...
Perituza concludes second AI workshop,...
BYD සහ Denza පාරිභෝගිකයින්ට HNB...
John Keells Foundation and City...
OMEGA TRADERS MARKS 45 YEARS...
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි...
45 ஆண்டுகால பயணத்தில் புதிய அத்தியாயத்தைத்...
OMEGA TRADERS MARKS 45 YEARS...
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි...
45 ஆண்டுகால பயணத்தில் புதிய அத்தியாயத்தைத்...
2026 முதல் அரையாண்டில் ரூ. 7.2...