කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය එළිදක්වයි

Share

Share

Share

Share

තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමී පියවරක් ලෙස කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනය (CCBSL), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සමඟ එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය (E-Tuk) පසුගියදා එළිදැක්වීය. මාර්තු 18 වැනි දිනට යෙදුන ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාල පරිශ්‍රයේදී මෙම එළි දැක්වීම සිදු වූ අතර මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය හා සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ. පිරිසිදු, හරිත අනාගතයක් සඳහා තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීමේදී ප්‍රතිචක්‍රීයකරණයේ හා සාමූහික වගකීමේ වැදගත්කම අවධාරණය කිරීමටද මෙම අවස්ථාව හේතු විය.

Vega Innovations විසින් නිර්මාණය කරන ලද මෙම අතිනවීන E-Tuk රථය, මධ්‍යම පරිසර අධිකාරියේදී එහි සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා විසින් වාද්දුව අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානය (MRF) වෙත නිල වශයෙන් භාර දෙන ලදී. Eco Spindles හි සහාය ඇතිව ක්‍රියාත්මක වූ මෙම ව්‍යපෘතිය ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම වැඩිදියුණු කිරීම මෙන්ම CCBSL හි තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ විස්තීර්ණ නිෂ්පාදක වගකීම (EPR) සඳහා කැපවීම ශක්තිමත් කිරීම අරමුණු කරයි. තවද ‘අපද්‍රව්‍යවලින් තොර ලෝකයක්’ (World Without Waste) ගෝලීය වැඩසටහන සමඟ සමපාත වන “නැවත ජීවය දෙමු” යන CCBSL හි PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනේ කොටසක් ලෙස මෙම E-Tuk හඳුන්වා දීම පෙන්වා දිය හැකියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා “මෙම පුරෝගාමී වැඩසටහන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම හා තිරසාර පාරිසරික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික අරමුණු සමඟ මනාව ගැලපෙනවා. ජාතික තිරසාර වැඩසටහන් සඳහා පුද්ගලික අංශයට දායක විය හැකි ආකාරය පිළිබඳ කදිම ආදර්ශයක් ලෙස කොකා-කොලා බෙවරේජස් ශ්‍රී ලංකා, Eco Spindles සහ Vega Innovations අතර වන මෙම සහයෝගීතාවය සහ කැපවීම පෙන්වා දිය හැකියි” යනුවෙන් පැවසුවේය.

දීර්ඝ කාලයක් තිස්සේ තිරසාර වැඩසටහන්වල පෙරමුණ ගෙන කටයුතු කරන කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථාන (MRFs) ස්ථාපිත කිරීම සඳහා වන මෙරට ප්‍රථම ආයතනය බවට පත්වෙමින් අද වන විට ශ්‍රී ලංකාව පුරා එම පහසුකම් 10ක් ස්ථාපිත කිරීමට සමත්ව ඇත. දිවයින පුරා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ බඳුන් 600කට අධික ප්‍රමාණයක් යොදවා ඇති ඔවුන් වෙරළ තීරයන් දිනපතා පිරිසිදු කිරීම සඳහා කටයුතු කර ඇත්තේ සමෘද්ධිලාභීන් 50කට අධික පිරිසක් වෙත ප්‍රතිලාභ සලසමිනි.

මෙහිදී අදහස් දැක්වූ කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා හි මහජන සම්බන්ධතා, සන්නිවේදන හා තිරසාරත්ව අධ්‍යක්ෂිකා තමරි සේනානායක මහත්මිය සඳහන් කර සිටියේ “මෙම E-Tuk රථ වැඩසටහන තිරසාරත්වය සහ විස්තීරණ නිෂ්පාදන වගකීම සඳහා වන අපගේ නොසැලෙන කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි. නවෝත්පාදනයන් තුලින් පරිසර හිතකාමී භාවිතයන් ක්‍රියාත්මක කිරීම, කාබන් විමෝචනය අවම කිරීම හා කසල කළමනාකරණයේ අර්ථවත් වෙනසක් ඇති කිරීම සඳහා අනෙකුත් සමාගම් දිරිමත් කිරීම අපගේ අරමුණ වී තිබෙනවා. පරිසර අධිකාරිය සමඟ එක්ව ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේදී මෙම E-Tuk රථය දියත් කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි.” යනුවෙනි.

මෙම E-Tuk රථය දියත් කිරීම තුලින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන CCBSL සිය මෙහෙයුම් සඳහා තිරසාර විසඳුම් ඒකාබද්ධ කිරීමට ආයතනික පාර්ශ්වකරුවන් දිරිමත් කරයි. හරිත අනාගතයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේදී මේ ආකාරයේ වැඩසටහන් නවෝත්පාදනයේ හා වගකීම් සහගත පාරිසරික භාරකාරත්වයේ වැදගත් පියවරක් සනිටුහන් කරනු ලබයි.

தொழிலாளர் தட்டுப்பாடு காரணமாக இயந்திரங்கள், தரவுகள்...
පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...