තිරසාර වර්ධනය සඳහා එක්සත් වීම: හේලීස් වැවිලි සමාගම පළමු කාබන්-ශූන්‍ය ජාත්‍යන්තර තිරසාර සමුළුව සාර්ථකව පවත්වයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප‍්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම BMICH හි පැවති ලොව ප‍්‍රථම කාබන් ශූන්‍ය ජාත්‍යන්තර වැවිලි තිරසාර සමුළුව (IPSS) සාර්ථකව අවසන් වූ බව සතුටින් නිවේදනය කළේය.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාව සහ ලොව පුරා වැවිලි, කෘෂිකර්මය සහ තිරසාරභාවය පිළිබඳ විශේෂඥයින් එක් විය. ඔවුන් ඉදිරි දශකය තුළ කර්මාන්තය සැලකිය යුතු ලෙස පරිවර්තනය කළ හැකි කෘෂි විද්‍යාත්මක කළමනාකරණය සහ මානව සම්පත් පිළිබඳ නව හොඳම භාවිතයන් සහ නව්‍ය අදහස් බෙදා ගත්හ.

සමුළුවේදී ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප‍්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා සහභාගී වූ කථිකයන්ට සහ විද්වත් මණ්ඩලයට ස්තුතිය පුද කළේය. ආර්ථිකයට පමණක් නොව ජන ජීවිතය නඟා සිටුවීමට සහ රටේ ස්වභාවික සම්පත් සංරක්ෂණයට ද වැවිලි කර්මාන්තය කෙතරම් අත්‍යවශ්‍යද යන්න ඔහු අවධාරණය කළේය.

”හේලීස් රටේ තේ නිෂ්පාදනයෙන් 4.6%ක් සහ රබර් නිෂ්පාදනයෙන් 4.7%ක් පමණ ප‍්‍රමාණයකට දායක වීම ගැන අපි ආඩම්බර වෙනවා. අපගේ සදාචාරාත්මක සහ තිරසාර භාවිතයන් නිසා පිට පිටම වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ඉහළම ආයතනික ශ්‍රේණිගත කිරීම සහ Fitch හි කීර්තිමත් AAA ශ්‍රේණිගත කිරීම අපට ලබා දී තිබෙනවා. මෙය සහයෝගයෙන් කටයුතු කිරීමට සහ ධනාත්මක වෙනස්කම් සිදු කිරීමට හොඳ අවස්ථාවක්. කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා නිර්දේශ ලබා දීම සහ ක‍්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමු කරනවා.”

මෙම උත්සවයේදී හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා, දැනුම බෙදාහදා ගැනීමේ සහ තිරසාර අනාගතයක් සඳහා එක්ව කටයුතු කිරීමේ සමුළුවේ වැදගත්කම අවධාරණය කළේය. සිලෝන් ටී හි වසර 150ක උරුමය සහ තේ ප‍්‍රමුඛයා ලෙස එහි ගෝලීය පිළිගැනීම ඔහු ඉස්මතු කළේය. දේශගුණික විපර්යාස අභියෝගවලට මුහුණ දීම සඳහා, කර්මාන්තය තුළ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් ගොවිතැන් පිළිවෙත් (climate-smart) සහ නව්‍ය කෘෂිකාර්මික භාවිතයන් සහ තාක්ෂණයන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය.

”IPSS හි දී, විශේෂඥයින් සහ පාර්ශ්වකරුවන් එකතු වන බැවින් මෙය ප‍්‍රබල දැනුම බෙදාගැනීමේ මුලපිරීමක් ලෙස අපි දකිනවා. අපගේ ඉලක්කය වන්නේ ආචාර ධර්ම, පාරිසරික රැකවරණය සහ ශක්තිමත් වර්ධනය අවධාරණය කරමින් වතුකරය යහපත් අනාගතයක් කරා ගෙන යාමට මෙම දැනුම භාවිතා කිරීමයි.”

’තිරසාර වැවිලි කර්මාන්තයක් කරා – නැවත සිතා බැලීමඳ ප‍්‍රතිනිර්මාණයඳ ඔරොත්තු දීමේ හැකියාව’ (Towards Sustainable Plantations – Reimagined | Redesigned | Resilient) යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වේ. එහි අරමුණ වන්නේ සහයෝගීතාව ප‍්‍රවර්ධනය කරන නව මාර්ග නිර්මාණය කිරීම සහ නවීන වැවිලි කළමනාකරණ උපායමාර්ගවලට තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) ඇතුළත් කිරීමයි.

විශේෂඥ මණ්ඩලය කෘෂි වන වගාව, දේශගුණයට ඔරොත්තු දෙන ගොවිතැන, ස්මාර්ට් කෘෂිකර්මය, කාබන් වෙන් කිරීම සහ ජෛව විවිධත්වය සංරක්ෂණය වැනි විවිධ මාතෘකා ආවරණය කළේය. ඔවුන් ESG සහ තිරසාර හිඩැස්, දැනුම කළමනාකරණය, තිරසාරභාවය සඳහා දත්ත භාවිතා කිරීම, තිරසාර මූල්‍යකරණය සහ ව්‍යාපාරික භාවිතයන් තුළ චක‍්‍රීය හරිත ආර්ථික සංකල්ප ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා කළහ.

නව්‍ය වැවිලි නිෂ්පාදන පද්ධති සහ නව ව්‍යාපාර ආකෘති සඳහා ඇති අවස්ථා සඳහා තිරසාර ප‍්‍රවේශයන් පිළිබඳ ගෝලීය ප‍්‍රවණතා පිළිබඳ ප‍්‍රධාන දේශනය පවත්වමින්, ඉන්දියාවේ ලෝක සම්පත් ආයතනයේ (WRI), අධ්‍යක්ෂ සහ උපාය මාර්ග ප‍්‍රධානී ආචාර්ය ඒ. නම්බි අප්පදුරයි මහතා පැවසුවේ ”දේශගුණික විපර්යාස යනු ලොව පුරා භෝග සඳහා පුලූල්ව පැතිරී ඇති බලපෑම් සහිත ප‍්‍රධාන තර්ජනයක්. මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා, අපි එහි බලපෑම අවබෝධ කර ගත යුතු අතර අනාගතයේදී සියලූ දෙනා ඇතුළත් කර ඇති බව සහතික කිරීමට අනුවර්තනය විය යුතුය.”

නෙදර්ලන්තයේ Wageningen විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ Mirjam Pulleman විසින් පුනර්ජනනීය කෘෂිකර්මය (RA) – වැවිලි වල පාංශු සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා තිරසාර ප‍්‍රවේශයක්‘ යන මැයෙන් ආරාධිත දේශනයක් පැවැත්වීය. බහු වාර්ෂික භෝග සමඟ පුනර්ජනනීය කෘෂිකර්මාන්තය ඒකාබද්ධ කිරීමෙන් විවිධ පද්ධති වැඩිදියුණු කළ හැකි බවත්, වැවිලි ශක්තිමත් සහ ආරක්ෂිත කළ හැකි බවත් ඇය අවධාරණය කළාය. කර්මාන්තයේ තිරසාර බව සහතික කිරීම සඳහා මෙය අත්‍යවශ්‍ය වේ.

හේලීස් වැවිලි සමාගම පාරිසරික වගකීම සහ දේශගුණික ක‍්‍රියාකාරකම් පිළිබඳව වඩාත් වගකීම්සහගත ලෙස සැලකීය. ඔවුන් ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදල හරහා කාබන් ඩයොක්සයිඞ් ටොන් 15ක් ^tCO2e& වැය කරමින්, උත්සවය සඳහා කාබන් පියසටහන මැන බලා තහවුරු කරන ලදී. මෙවැනි ප‍්‍රයත්නයන් හි ප‍්‍රතිඵලයක් ලෙස ලොව ප‍්‍රථම කාබන් ශූන්‍ය ජාත්‍යන්තර වැවිලි තිරසාර සමුළුව (IPSS) සාර්ථකව අවසන් කිරීමට හේලීස් වැවිලි සමාගමට හැකියාව ලැබුණි.

 

 

HNB සමූහය 2025 වසරේ පළමු...
Samsung Sri Lanka Ushers in...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිංහල හා හින්දු...
Samsung Unveils Vision AI for...
Sunshine Holdings ushers in Sinhala...
විශේෂ වාහන ලීසිං විසඳුම් ලබා...
From Singapore to Colombo: MasterChef...
පෑන් ඒෂියා බැංකුව, IBM හි...
විශේෂ වාහන ලීසිං විසඳුම් ලබා...
From Singapore to Colombo: MasterChef...
පෑන් ඒෂියා බැංකුව, IBM හි...
HNB Financeஇன் “வெசக் சிரிசர” கொண்டாட்டம்...