2025 වසරේ මැයි මස අපනයන කාර්යසාධනය පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්

Share

Share

Share

Share

2025 වසරේ මැයි මාසය තුළ මෙරට ඇඟලුම් අපනයනය සම මට්ටමක පැවතියද එය පසුගිය වසරේ අදාල මාසයට සාපේක්ෂව 0.63%ක පහත වැටීමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 356.08කි.

පසුගිය කාලය තුළ යුරෝපා කලාපය වෙත සිදු කළ නැව්ගත කිරීම් 5.15%කින් වර්ධනය වූ අතර අනෙකුත් වෙළෙඳපොල වෙත සිදු කළ අපනයන 11.1%කින් ඉහළ ගියද ප්‍රධාන වෙළෙඳපොල කිහිපයක සිදු වූ පසු බැසීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි. එහිදී විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය සඳහා සිදු කරන අපනයන 7.59%කින්ද එක්සත් රාජධානිය සඳහා සිදු කරන අපනයන 6.81%කින්ද පහත වැටුණේ බටහිර පාරිභෝගික වෙළෙඳපොල ඉල්ලුමේ අස්ථාවරත්වය අඛණ්ඩව ප්‍රදර්ශනය කරමිනි.

2025 මැයි මාසය තුළ මේ ආකාරයේ පහත වැටීමක් දක්නට ලැබූණද එම වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මුලු ඉපයීම් 9.8%කින් ඉහළ නංවා ගනිමින් ඇමරිකානු ඩොලර් බිලියන 2.02 දක්වා ළඟා වීමට සමත් වූයේ ඇඟලුම් අපනයනයේ වර්ධනයක් පෙන්නුම් කරමිනි.

තවද එක්සත් රාජධානිය හැර අනෙකුත් යුරෝපීය වෙළෙඳපොල වෙත අපනයනය 15.36%ක සැලකිය යුතු වර්ධනයක් අත් කරගත් අතර සාම්ප්‍රදායික නොවන වෙළෙඳපොලවල වර්ධනයද 13.12%ක් විය. එසේම ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වෙත සිදු කළ නැව් ගත කිරීම් තුලින් පිළිවෙලින් 6.52%ක සහ 3.74ක මධ්‍යස්ථ ලාභයක් වාර්තා කිරීමට සමත්වීමද මෙහි විශේෂත්වයක් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සඳහන් කරන්නේ කර්මාන්තයේ වාර්ෂික කාර්ය සාධනය තුළින් ප්‍රදර්ශනය කරනු ලබන්නේ උපාය මාර්ගික වෙළෙඳපොල වෙත මාරුවීම හා අගය එකතු කළ නිෂ්පාදනයන්හි අඛණ්ඩ ආයෝජන මඟින් මෙහෙයවනු ලබන ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීමේ හැකියාව බවයි. එහිදී විශේෂයෙන් යුරෝපා කලාපීය වෙළෙඳපොල හැකියාව තමන් දිරිමත් කිරීමට හේතු වී ඇති බවද එම සංසදය පවසා සිටියි.

මෙහිදී JAAF අවධාරණය කර සිටින්නේ මෙම ප්‍රගතිය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා දිගු කාලීන තරඟකාරීත්වය සඳහා අවස්ථාව ලබා දෙන හා ගෝලීය දුෂ්කරතාවන් ජය ගැනීම සඳහා අපනයනකරුවන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන ස්ථාවර හා පුරෝකතනය කළ හැකි වෙළෙඳ ප්‍රතිපත්තියක අවශ්‍යතාවයි.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...