023 මුල් භාගයේදී (1H23) තේ සහ රබර් මිල තියුණු ලෙස අඩුවීම හේතුවෙන්, පාම් ඔයිල් වැනි වඩාත් ලාභදායී භෝග විවිධාංගීකරණය සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) බලධාරීන්ගෙන් නැවතත් ඉල්ලා සිටී.
2022 වසරේදී වාර්තාගත මිලක් වාර්තා කිරීමෙන් පසු තේ මිල ජුනි මාසයේදී කිලෝ ග‍්‍රෑම් 1ක් රු. 704.7 සිට කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 1,245.2 ක් වූ අතර, සැප්තැම්බර් වන විට එය කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 1,599.5ක් දක්වා මෙතෙක් වාර්තා කළ ඉහලම අගය වාර්තා කළේය. නමුත් 2023 දී මිල ගණන්වල අඛණ්ඩ පහත වැටීමක් දක්නට ලැබේ.
2022 ජනවාරි මාසයේ දී කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 1,466 කින් ආරම්භ වූ අතර, 2023 ජූනි වන විට සාමාන්‍ය මිල ගණන් කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 974.4 ක් දක්වා අඩු වී ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව 24.4% ක පහත වැටීමක් වන අතර 2023 ජනවාරි සිට ජුනි අතර 40.3% ක කැපී පෙනෙන අඩු වීමකි.
National Tea Price Averages
රබර් මිල ද 2022 දී කැපී පෙනෙන මිල උච්ඡාවචනයන්ට ලක් වූ අතර, පළමු ශ්‍රේණියේ Ribbed Smoked ෂීට් (RSS1) කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 461 සිට 2023 ජුනි මාසයේදී රුපියල් 800ක වාර්ෂික ඉහළ අගයක් වාර්තා කර 2023 ජනවාරි මාසයේදී කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 472.7ක් දක්වා පහත වැටුණි. මේ අතර 2023 ජුනි මාසයේදී රබර් මිල කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 536.3ක් දක්වා සුළු වැඩි වීමක් පෙන්නුම් කළද 2023 පළමු භාගයේදී රබර්වල සාමාන්‍ය මිල 2022 අදාල කාල කාලපරිච්ෙඡ්දයට සාපේක්ෂව 21.4%කින් අඩු විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සේනක අලවත්තේගම මහතා පැවසුවේ ‘‘ශ‍්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට කඩිනමින් හදිසි ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. පසුගිය මාස 6 තුළ මිල ගණන්වල වෙනස්වීම්වලින් තේ සහ රබර් යන දෙඅංශයේම දැඩි පසුබෑමක් පෙන්නුම් කරනවා. තරඟකාරී රටවල නිෂ්පාදනය ඉහළ යාම තේ මිලට බලපා ඇති අතර, කොවිඞ් වසංගතය හමුවේ අඛණ්ඩව ඉල්ලූම-සැපයුම්වල නොගැලපීම රබර් මිල පහළ යාමට දැඩි හේතුවක් වුනා. නිමි රබර් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලූමේ සුළු ප‍්‍රගතියක් පෙන්නුම් කළත් සමස්ත වර්ධනය පසුගිය වසර තුනට සාපේක්ෂව නොවෙනස්ව තිබෙනවා. ඒවගේම ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන ඵලදායිතාව අවම වීම හේතුවෙන් කලාපයේ අනෙකුත් රටවල් සමඟ තරඟ කිරීමට අපහසුයි.
‘‘ශ‍්‍රී ලංකාවේ තේ සහ රබර් සඳහා ඇති වැදගත්කම පිළිබඳව අප නැවත අවධාරණය කරන අතරම රටේ වැවිලි කර්මාන්තයේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා පුළුල් භෝග විවිධාංගීකරණයක් අවශ්‍ය බව අප පිළිගත යුතුයි. අපට තවදුරටත් ප‍්‍රධාන භෝග දෙකකට පමණක් සීමා විය නොහැකියි. පළතුරු, කෝපි සහ විවිධ බෙරි වර්ග ඇතුළත් RPC ක්ෂේත‍්‍රය තුළ විවිධ භෝග සඳහා සැලකිය යුතු ආයෝජන සඳහා අවධානය යොමු කර තිබෙනවා. කෙසේ වෙතත්, තිරසාර පාම් ඔයිල් වගාව ව්‍යාප්ත කිරීමේ සුළු ප‍්‍රගතියක්වත් තවමත් නොමැති බව අප මෙහිදී කණගාටුවෙන් සඳහන් කිරීමට කැමතියි.’’ යනුවෙනි.
තේ සහ රබර්වලට වඩා පාම් ඔයිල් සැලකිය යුතු වැඩි ලාභදායී භෝගයක් බව පිළිගැනේ. 2020 දත්ත වලට අනුව, පොල් හෙක්ටයාරයකින් උපයන රු. 269,600 ක ලාභය හා සසඳන විට පාම් ඔයිල් හෙක්ටයාරයකින් රුපියල් 605,000 ක ලාභයක් උපයා ගත හැකිය. තේ සහ රබර් යන දෙකම දැනට පාඩු ලබමින් ක‍්‍රියාත්මක වේ. මින් අදහස් වන්නේ පාම් ඔයිල්වලට අඩු ඉඩම් ප‍්‍රමාණයකින් සහ අනෙකුත් කෘෂිකාර්මික සම්පත් භාවිත කරමින් සැලකිය යුතු ලෙස විශාල වශයෙන් විදේශ මුදල් ඉපැයීමට හැකි බවයි.
වර්තමානයේදී දේශීය පාම් ඔයිල් පරිභෝජනය මෙටි‍්‍රක් ටොන් 264,000 ක් පමණ වන අතර ඉන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ 20-25% ක් පමණි. ඉහළ යන ඉල්ලූමට සරිලන පරිදි පොල් නිෂ්පාදනය වැඩි කිරීම ආර්ථික හෝ තාක්ෂණික වශයෙන් කළ හැක්කක් නොවේ. ශ‍්‍රී ලංකාවේ පාම් ඔයිල් වගාව හෙක්ටයාර 12,000 ක් පමණ වන අතර එය රටේ මුළු කෘෂිකාර්මික භූමි ප‍්‍රමාණයෙන් 1% ට අඩු ප‍්‍රමාණයක් වෙයි.
‘‘පාම් ඔයිල් වගාවන් නැවත ස්ථාපිත කිරීමට සහ රෝපණ අවස්ථාවේ පසුවන බීජ පැල කිරීම සඳහා RPC වලට ඇත්තේ ඉතා කෙටි කාලයක්. මෝසම් සමය ආරම්භ වූ පසු, ලබන වසර දක්වා අපට ඉන් ප‍්‍රගතියක් ලබා ගැනීමට නොහැකියි. පාම් ඔයිල් නැවත වගා කිරීමේ සහ ව්‍යාප්ත කිරීමේ වැදගත්කම රජය හඳුනාගෙන ඇති බැවින් RPCs වලට ඉදිරියට ක‍්‍රියාත්මක වීමට ඔවුන්ව සවිබල ගැන්වීමට අදාල බලධාරීන් කඩිනමින් ක‍්‍රියාත්මක වීම ඉතා වැදගත් වනවා. අවාසිදායක මිල ගණන් සහ ශ‍්‍රී ලංකාවේ අපනයන ආදායම පහත වැටීම සලකන විට, අපට තවදුරටත් ප‍්‍රමාද විය නොහැකියි.’’ යනුවෙන් අලවත්තේගම මහතා වැඩිදුරටත් පැවසුවේය