නවලෝක රෝහල් සමූහය ආර්ථික, දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ තව තවත් ශක්තිමත්ව ඉදිරියට

Share

Share

Share

Share

පසුගිය මාස කිහිපය තුළ ශ‍්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය බොහෝ ව්‍යාපාර, කර්මාන්ත සහ පුද්ගලයන්ට අහිතකර ලෙස බලපා ඇත. නවලෝක රෝහල් සමූහය පවතින අභියෝගාතමක වාතාවරණයට වඩාත් ශක්තිමත්ව මුහුණ දෙමින් ජනතාවට ඉහළ සෞඛ්‍ය යහපැවැත්මක් ලගාකර දීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙයි.
නවලෝක රෝහල් සමූහයේ සභාපති වෛද්‍ය ජයන්ත ධර්මදාස මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වූවේය, ”ජනතා අවශ්‍යතා පදනම් කරගත් ජනතාව වෙනුවෙන්ම කි‍්‍රයාත්මක වන රෝහලක් ලෙස, රෝගීන්ට අපගේ ඉහළ සේවාවන් දැරිය හැකි මිලකට ලබාදීමේ අරමුණින් බොහෝ වියදම් අප විසින්ම දරා ගත්තා. මෙය අප ජනතාව ගැනම සිතා ගත් තීරණයක්. මෙවැනි ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම තුළින් අපගේ ඔරොත්තු දීමේ හැකියාව වඩාත් හොදින් ඉස්මතු වෙනවා.”
මෙම කාලසීමාව තුළ නවලෝක රෝහල් සමූහය රෝගීන් සඳහා නොමිලේ ප‍්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් ද කටයුතු කරන අතර එම සේවාව තුළින් ජනතාවට කිනම් බාධක තිබුණද තම සෞඛ්‍ය යහපැවැත්ම පවත්වාගැනීම වෙනුවෙන් රෝහල වෙත පැමිණීමට දිරිමත් කරයි. රෝහලට යාමට අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් සපයා ගැනීමට අපහසු රෝගීන් සිටින ප‍්‍රදේශවලට මෙම සේවාව ව්‍යාප්ත කරන ලදි.
මීට අමතරව, රෝහල සිය ජංගම රසායනාගාර සේවාවන් ද ආරම්භ කරන ලද අතර, මාර්ගගත පහසුකම් සමඟ රසායනාගාර පරීක්ෂණ, එහි ජංගම ඖෂධ බෙදා හැරීමේ සේවාව සමඟ, රෝගීන්ට ඔවුන්ගේ නියමිත ඖෂධ පහසුවෙන් ඔවුන්ගේ දොරකඩට ගෙන්වා ගැනීමට හැකි විය. පශ්චාත් කොවිඞ් සංකූලතා ඇති රෝගීන් සඳහා විශේෂයෙන් ම මධ්‍යස්ථානයක් පිහිටුවූ මෙරට ප‍්‍රථම රෝහල ද නවලෝක රෝහල් සමූහය වන අතර එහි ප‍්‍රධානියා ශ්වසන වෛද්‍ය වෛද්‍ය රියාස් මවුජූඞ් මහතාය.
රෝගීන්ට තවදුරටත් පහසුව, ආරක්ෂාව සහ රැකවරණය සැලසීම සඳහා රෝහල විසින් මෙම කාලය තුළ විද්‍යුත් බිල්පත් ක‍්‍රමයක් ද හඳුන්වා දුන් අතර ඒ ඔස්සේ රෝගීන්ට තම නිවසේ සිටම බිල්පත් ගෙවීමට අවස්ථාව සලසා දුන්නේය. එමෙන්ම නවලෝක ජංගම දුරකතන යෙදවුම ^Nawaloka App& හදුන්වාදීම මෙම වසරේ රෝහල ලැබූ තවත් සුවිශේෂී ජයග‍්‍රහණයක් විය.
නවලෝක රෝහල් සමූහය විසින් අදාළ පාර්ශවකරුවන් වෙත විද්‍යුත් ඡුායාරූප සුරක්ෂිතව ගබඩා කර ඩිජිටල් ලෙස සම්පේ‍්‍රෂණය කිරීම සඳහා ඡුායාරූප සංරක්ෂණය සහ සන්නිවේදන පද්ධතියක් ^PACS& ද ක‍්‍රියාත්මක කර ඇත. මෙම අතිනවීන තාක්ෂණය සමඟින්, ලෝකයේ ඕනෑම ප‍්‍රදේශයක සිටින විකිරණවේදීන්ට රෝගීන්ට අදාළ සියලූම විකිරණ වාර්තා සහ ඡුායාරූප පරිශීලනය කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, ඒ ඔස්සේ ඔවුන්ට පහසුවෙන් වෛද්‍ය උපදේශන සේවාවන් ලබාගැනීමට හැකි වේ. අපගේ රෝගීන්ට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා මෙන්ම කාලීන අවශ්‍යතාවයන් හදුනාගෙන ඒවාට සාධනීය විසඳුම් ලබාදීම සඳහා මෙවැනි ප‍්‍රවේශයන් වඩාත් යෝග්‍ය වේ. ඒ බව සනාථ කරමින් වසංගතය අතරතුර වෛද්‍යවරුන් සහ රෝගීන් විසින් මෙම පහසුකම බහුලව භාවිතා කරන ලදී.
රෝහල් කාර්ය මණ්ඩලයේ ඵලදායිතාව තහවුරු කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා පියවරයන් රැුසක් ක‍්‍රියාත්මක කිරීම ද මෙම කාලය තුළ අවධානය යොමු වූ ප‍්‍රධාන අංශයක් වී ඇත. කොවිඞ් අතරමැදි සත්කාර මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන යාමට අමතරව රෝහල සිය අභ්‍යන්තර COVID ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කළ අතර, ජංගම සෞඛ්‍ය සේවා කණ්ඩායමක් වෛද්‍යවරයකු සමඟ රෝගීන්ගේ නිවෙස්වලට ගොස් රෝගීන් ගේ සෞඛ්‍ය තත්වය සොයා බලන ජංගම පශ්චාත්-කොරෝනා සායනය ද හඳුන්වා දෙන ලදී.

இலங்கைச் சுற்றுலாத்துறையில் புதிய மைல்கல்: City...
இலங்கையின் பெருந்தோட்டத் துறை உற்பத்தியை வீழ்ச்சியடையச்...
How Vietnam turned FTAs into...
Sampath Bank Strengthens Ocean Plastic...
උපරිම ඉතිරියක් සහ සුවිශේෂී මිල...
JKCG Auto partners with BOC...
Minoli Wickramasinghe appointed President of...
City of Dreams பெருமையுடன் வழங்கும்...
JKCG Auto partners with BOC...
Minoli Wickramasinghe appointed President of...
City of Dreams பெருமையுடன் வழங்கும்...
ஜனசக்தி பைனான்ஸ், பெண்களின் புத்திசாதுரியமான நிதி...