නවලෝක රෝහලේ වාර්ෂික නත්තල් සැමරුම් උළෙල

Share

Share

Share

Share

නවලෝක රෝහල් සමූහය විසින් වාර්ෂිකව සංවිධානය කරන නත්තල් සැමරුම් උළෙල අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගියදා නිමාවට පත් විය. වාර්ෂික නත්තල් සැමරුම් උළෙලේ පළමු අංගය වූ නත්තල් කේක් මිශ්‍රණය සකස් කිරීම පසුගියදා සිදු වූ අතර දෙසැම්බර් මාසය ආරම්භය සනිටුහන් කරමින් සමස්ත රෝහල් පරිශ්‍රයම නත්තල් සැරසිලි සහ විදුලි ආලෝක රටාවන් ගෙන් වර්ණ ගැන්වීය.

නවලෝක රොහලේ වාර්ෂික නත්තල් සැමරුම් වැඩසටහන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා නත්තල් කැරොල් ගායනා ප්‍රසංගය පුරා දින 3ක් පැවති අතර අවසන් ප්‍රසංගය දෙසැම්බර් 15වන දින නවලෝක රෝහල් ආලින්දයේදී පැවැත්විය. මේ සඳහා නවලෝක රෝහල් සමූහයේ විවිධ අංශ නියෝජනය කරමින් සේවක සේවිකාවන් 20කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට සමගාමීව නවලෝක රෝහලේ ළමා සායනය සඳහා සහභාගී වන දරුදැරියන් සඳහා නත්තල් සීයා වෙතින් ත්‍යාග ලබා දීම ද සිදුකෙරිණ. මේ සඳහා දරුදැරියන් 50කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දරුදැරියන් සඳහා ආහාර පාන ලබා දෙන ලදි.

නවලෝක රෝහලේ වාර්ෂික නත්තල් වැඩසටහන පිළිබඳව අදහස් දක්වන රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා “ වාර්ෂික නත්තල් උත්සවය නවලෝක රෝහලේ අනිවාර්ය අංගයක් වන අතර කෝවිඩ් කාලසීමාව හැරුණුකොට අනෙක් සෑම වසරකදීම මෙමම උත්සවය සංවිධානය කිරීමට අපගේ කාර්ය මණ්ඩලය කටයුතු කරනු ලැබුවා. ඒ පිළිබඳව මාගේ ප්‍රණාමය ඔවුන් වෙත පිරිනමනවා. එමෙන්ම නත්තල් කැරොල් සහ සෙසු නත්තල් සැමරුම් උත්සව හරහා රෝගීන්වෙත මානසික සතුටක් ලබා දීමට අපට හැකියාව ලැබෙනවා” යනුවෙන් පැවසීය.

 

 

 

Sri Lanka strengthens business confidence...
ජී.එස්.පී ප්ලස් යලි සලකා බැලීම...
99x Rebuilds Flood-Damaged IT Labs...
Sunshine Holdings records 16.6% YoY...
Janashakthi Life සමාගම Great Place...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය...