නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය සහ සහයෝගීතාව පදනම් කරගත් “Design Code” 2023 එළි දක්වයි

Share

Share

Share

Share

මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨ සමෝධානිත නිර්මාණ අධ්‍යනාංශය (Department of Integrated Design) විසින් සංවිධානය කරන “Design Code” වාර්ෂික නිර්මාණ ප්‍රදර්ශනය නොවැම්බර් 23 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වීමට නියමිත බව නිවේදනය කරන ලදී. පසුගිය 14 වන දින කොළඹ Trace Expert City හි පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කර සිටි අතර දින 4ක් පුරා ක්‍රියාත්මක මෙම සුවිශේෂී නිර්මාණ ප්‍රදර්ශනය ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද එහිදී සඳහන් කරන ලදී.

මෙම මාධ්‍ය හමුවට එක් වූ නිර්මාණ ක්ෂේත්‍රය හා සම්බන්ධ ප්‍රවීනයින් විසින් නවෝත්පාදන නිර්මාණ ප්‍රමුඛ කොට ගත් “Design Code” වැනි වැඩසටහන් සමඟින් ආර්ථික වශයෙන් නැගී සිටීමේදී නිර්මාණයන් තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරන බව සඳහන් කරන ලදී. විශේෂයෙන් පරිවර්තනීය බලවේගයක් ලෙස නිර්මාණ නව්‍යකරණය වෙනුවෙන් වන ගෝලීය ඉල්ලුම මනාව අවධාරණය කරනු ලබන මෙය නව මං පෙත් විවර කිරීමේ ප්‍රධාන සාධකයක් බව පෙන්වා දුන් ඔවුන් අභියෝග ජය ගැනීම සඳහා මෙරට නිර්මාණශීලීත්වය හා පෙරටුගාමී අදහස් උපාය මාර්ගිකව භාවිත කිරීම පිළිබඳවද අවධාරණය කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ Design Code වැඩසටහනෙහි හා IDR හි සභාපතිනි ආචාර්ය සුමන්ත්‍රී සමරවික්‍රම මහත්මිය සඳහන් කර සිටියේ “2023 වසර සඳහා වන Design Code සමාරම්භය පිළිබඳව නිවේදනය කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. IDR සමඟ වන සහයෝගීතාව අපගේ ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන බවද මෙහිදී සඳහන් කළ යුතුයි. අපගේ අරමුණ වන්නේ සිසුන් සහ වෘත්තිකයින් වෙනුවෙන් සම අවස්ථා නිර්මාණය කිරීම හා ආසියාවේ නිර්මාණ ප්‍රමුඛයා ලෙස අපගේ ස්ථාවරය තහවුරු කිරීමයි. ඒ තුළින් නැගී එන නිර්මාණ ප්‍රමුඛතාවන් ආවරණය කරමින් හා නව්‍ය අන්තර්ජාතික නිර්මාණකරුවන් සහභාගී කරගනිමින් සුවිසල් ප්‍රේක්ෂකාගාරයක් වෙනුවෙන් ‘Design Code’ තව දුරටත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

2017 වසරේ ආරම්භයේ සිටම නිර්මාණත්වයේ හා නවෝත්පාදනයේ විශිෂ්ට සලකුණක් සනිටුහන් කිරීමට සමත්ව සිටින ‘Design Code’ ඒකාබද්ධ නිර්මාණ සිසු සිසුවියන්ගේ කැපී පෙනෙන හැකියාවන් ප්‍රදර්ශනය කරන සුවිශේෂී වේදිකාවක් ලෙස තව දුරටත් කටයුතු කරමින් සිටියි. මේ වසරේදී එම අංශයේ නිර්මාණ පර්යේෂණ අංශය වන IDR (Integrated Design Research) සමඟ එක්ව නව ජවයකින් සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති එය නිර්මාණ පර්යේෂණ, අධ්‍යාපන හා ප්‍රායෝගික ගෝලීය සහයෝගීතාව වර්ධනය කරන අන්තර් ප්‍රතිඵත්ති වේදිකාවන් වෙත සිදු කරන පරිවර්තනයද ඒ තුළින් සනිටුහන් කරනු ලබයි.

මෙම මාධ්‍ය හමුව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ – අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සහයෝගය දැක්වූ අතර අහමදාබාද් (ඉන්දියාව) ජාතික නිර්මාණ ආයතනය, Google (ඇමරිකා එක්සත් ජනපදය), ෆෝඩ් මෝටර් සමාගම (ඇමරිකා එක්සත් ජනපදය) නියෝජනය කරමින් නිලධාරීන් අදහස් ඉදිරිපත් කරන ලදී. නිපෝන් පේන්ට් ලංකා, පුවක්අරඹ එන්ටර්ප්‍රයිස් පුද්. සමාගම, ග්ලෝබල් විනිල්, ඩී්‍රම් ෆැක්ටරි පුද්. සමාගම, MullenLowe ,පැන්තර් ග්‍රැෆික්ස්, ප්‍රින්ට් කෙයා සොලූෂන් සහ තවත් ආයතන කිහිපයක්ද මේ වෙනුවෙන් සහයෝගී දායකත්වය ලබා දෙන ලදී.

මෙම ප්‍රදර්ශනයට, (නොවැ. 23-25), වැඩමුළු (නොවැ. 25-26), Fashion Alley (නොවැ. 24), LearnX Challenge (නොවැ. 25) අපනයන සඳහා ඇසුරුම් නිර්මාණ (නොවැ. 25), Space Concave (නොවැ. 25), Design Research Conference (නොවැ. 25 – 26) සහ නිර්මාණ අදහස් වැඩමුළුව (නොවැ. 26) යන වැඩසටහන්ද ඇතුළත් වේ.

හුදෙක් ප්‍රදර්ශනයකට එහා යමින් නිර්මාණශීලීත්වය, නව්‍යකරණය හා නිර්මාණකරණ ලෝකය තුළ ඇති අසීමිත හැකියාවන් සැමරීමේ අවස්ථාවක් ලෙස Design Code උපාධි ප්‍රදර්ශනය නම් කළ හැකිය. නොවැම්බර් 23 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වෙන මෙම සුවිශේෂී ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා පැමිණෙන ලෙස නිර්මාණකරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන්, උපාධි අපේක්ෂකයින් සහ පශ්චාත් උපාධි හදාරණ සිසු සිසුවියන් වෙත මොරටුව විශ්ව විද්‍යාලය ආරාධනා කර සිටියි.

නිර්මාණකරණයේ අනාගතය හැඩගස්වන සුවිශේෂී කථිකාවතක කොටස් කරුවකු වීමට, ලියාපදිංචි වීමට හා ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීමට www.idresearch.uom.lkවෙත පිවිසෙන්න. නිර්මාණ සම්මන්ත්‍රණ කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට (+94) 77 348 7276 අමතන්න.

අවසන්

Design Code පිළිබඳව

ශ්‍රී ලංකා මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයට සම්බන්ධ සමෝධානිත නිර්මාණ අධ්‍යනාංශය (Department of Integrated Design) උපාධි ප්‍රදර්ශනය වන Design Code 2017 වසරේ සිට වාර්ෂිකව දින 4ක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනු ලබයි. දේශීය හා ගෝලීය මට්ටමින් නිර්මාණ පර්යේෂණය, නිර්මාණ අධ්‍යාපනය හා නිර්මාණ භාවිතය අතර සහයෝගීතාව වර්ධනය කරන ප්‍රමුඛ වේදිකාවක් බවටද මෙය පිළිගැනීමට ලක්ව ඇත.

ඡායාරූප හා විස්තරය –

(වමේ සිට) – නිපෝන් පේන්ට් පුද්. සමාගමේ සාමානා්‍යාධිකාරී නෙමන්ත අබේසිංහ මහතා, මොරටුව විශ්ව විද්‍යාලයීය සමෝධානිත නිර්මාණ අධ්‍යනාංශයේ Design Code හා IDR සභාපතිනි ආචාර්ය සුමන්ත්‍රී සමරවික්‍රම මහත්මිය, මොරටුව විශ්ව විද්‍යාලයීය සමෝධානිත නිර්මාණ අධ්‍යනාංශ ප්‍රධානි මෙලනි දිසානායක මෙනවිය සහ Balmond Studio හි නිර්මාණ අධ්‍යක්ෂ ජේම්ස් බැල්මන්ඩ් මහතා ඡායාරූපයේ වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...