ලතින් සම්ප්‍රදායේ ආකර්ෂණය එක් කළ ‘’Signature Latin Affair’’ පෙබරවාරි 13 -15 දක්වා City of Dreams Sri Lanka හිදී

Share

Share

Share

Share

නිරන්තරයෙන් සිය පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමට කැපවී කටයුතු කරන City of Dreams Sri Lanka පෙබරවාරි 13 සිට 15 දින දක්වා තවත් නැවුම් අත්දැකීමක් ලබා දීමට කටයුතු කර ඇත. Signature Latin Affair තුලින් ආකර්ෂණීය ලතින් සම්ප්‍රදාය දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයින් වෙත ගෙන එමින් සුඛෝපභෝගී රාත්‍රිී අත්දැකීමක් ලබා දීමට City of Dreams Sri Lanka මෙහිදී කටයුතු කර ඇත්තේ විනෝදාස්වාද අවස්ථාවන් රැසක් ඔවුන් වෙත උදා කර දෙමිනි.

කොළඹ නගරයේ සියලු පහසුකම් සහිත හෝටල් සංකීර්ණයේ අමතක නොවන රාත්‍රීන් 3ක් ගත කිරීමේ අවස්ථාව උදා කරදෙන Signature Latin Affair සියලු අමුත්තන් වෙත ලතින් සංගීතය සමඟින් සැබෑ සැණකෙලිමය අත්දැකීමක් ලබා දීමට මෙහිදී කටයුතු කරනු ඇත. සිය නෑදෑ හිත මිතුරන් සමඟ එක්වෙමින් ජීවිතයේ සතුට විඳ ගැනීමට අවස්ථාව උදා වන මෙහිදී පෙබරවාරි 09 වන දින City of Dreams Melco Club සාමාජිකයින්ට පමණක් වෙන් කර ඇති වින්දනීය රාත්‍රීයක අසිරිය විඳගැනීමට හැකි වීමද විශේෂත්වයකි.

අලංකාර වේදිකාවක් මත දිග හැරෙන ආකර්ෂණීය සංගීත හා නර්තන විශේෂාංගයන් සමඟින් Signature Latin Affair වෙත සපැමිණෙන ඔබ සැණෙකින් අමන්දානන්දයට පත් කරන සුවිශේෂී දර්ශනයන් රැසක් මෙහිදී ඔබට දැකගත හැකි වනු ඇත. ඔබේ නෙත් සිත් පිනවන අලංකාර සජීවී නර්තනයන් සහ ප්‍රණීත ආහාර පාන වැනි බොහෝ දේ ඔබ මෙතෙක් නොවිඳි සන්ධ්‍යාවක් ඔබ වෙත තිළිණ කරනු ඇත.

එපමණක් නොව කොළඹ නගරයේ සුන්දරත්වය සමඟින් සැබෑ විනෝදාස්වාදයේ පාරාදීසයක් සිය අමුත්තන් වෙත කැඳවාගෙන එමින් අමතක නොවන අත්දැකීමක් ලබා දීමට City of Dreams මේ තුලින් සමත් වනු ඇත්තේ පාරිභෝගික අවශ්‍යතාවන්ට මහත් ඉඩකඩක් වෙන් කරමිනි.
සති අන්තය පෙම්වතුන්ගේ දින සැමරුමක් හෝ මිතුරු මිතුරියන් සමඟ සතුට බෙදා හදා ගැනීමේ සොඳුරු මොහොතක් සමඟින් රසවත් කර ගැනීමට බලාපොරොත්තු වන ඔබට මේ මාසයේ ඒ වෙනුවෙන් හොඳම අවස්ථාව දැන් උදා වී තිබේ.

මෙහි හොඳම අත්දැකීම ඔබ සතුකර ගැනීමට නම් ඔබ එහි යා යුතුමය. ඒ සංගීතය, නර්තනය රස විඳමින් ලතින් සම්ප්‍රදායේ සැබෑ අරුත විඳගැනීමට අමතක නොකර City of Dreams Sri Lanka හි Signature Latin Affair වෙත එන්න.

වැඩි විස්තර සඳහා +94 76 316 0481 අමතන්න.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...