ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් සුව දිවිය වෙතින් නොවැම්බර් 4 වැනිදාට නොමිලේ මහජන වැඩසටහනක්

Share

Share

Share

Share

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් සහ දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය, ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් 2023 නොවැම්බර් 4 වැනි දිනට ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි තේමාව වන්නේ “Unmask Diabetes’’ යන්නයි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ දියවැඩියාව, එය වැළැක්වීම සහ සුව දිවිය මගින් සිදු කරන ප‍්‍රජා මෙහෙවර පිළිබඳ අවධානය යොමු කිරීමයි. මහජනතාවට විවෘත මෙම වැඩසටහන එදින පෙරවරු 9 සිට මධ්‍යහ්න 12 දක්වා පැවැත්වේ.

එදින වැඩසටහන දියවැඩියාව වැළැක්වීම පිළිබඳ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමකින් ආරම්භ වීමට නියමිත අතර එයට සහභාගිවන්නන්ට දියවැඩියාව වැළඳීමේ අවදානම අවම කිරීම සඳහා අනුගමනය කළ හැකි ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ග පිළිබඳ ඉතා වටිනා අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත. මෙම වැඩසටහනේ ආරාධිත දේශකයා ලෙස කීර්තිමත් අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරයෙකු වන දිමුතු මුතුකුඩ මහත්මිය සහභාගී වීමට නියමිත අතර ඇය විසින් දියවැඩියා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ හරවත් සැසියක් පවත්වනු ඇත. වෛද්‍යතුමිය විසින් මෙම නිදන්ගත රෝගී තත්වයේ සංකූලතාවන් පිළිබඳව හොඳින් පැහැදිලි කරමින් පැමිණ සිටින්නන්ට ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙනු ඇත.

මෙම වැඩසටහනට අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්, වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්, පවුලේ වෛද්‍යවරයෙක්, ප‍්‍රවීන පෝෂණවේදියෙක් සහ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ විශේෂඥයෙක් ඇතුළු කීර්තිමත් සහ විශේෂඥ කණ්ඩායමක් ද සහභාගී වීමට නියමිතය. මෙම විශේෂඥ කණ්ඩායම ප‍්‍රශ්නෝත්තර සැසියකට සහභාගී වන අතර සහභාගීවන්නන්ට ඔවුන්ගෙන් සෘජුවම ප‍්‍රශ්න ඇසීමට, වටිනා උපදෙස් හා දැනුම ලබා ගැනීමට හැකියාව ලැබේ.

මෙම සැසිවලට අමතරව, හෘදය හා හෘද වාහිනී පිළිබඳව සහ දියවැඩියාව පාලනය කිරීමේදී පෝෂ්‍යදායී ආහාර ගැනීමේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කරන කොටස් දෙකක් ද මෙම වැඩසටහනට ඇතුලත්ය. සහභාගීවන්නන් ප‍්‍රබෝධමත් සහ ක‍්‍රියාශීලි කිරීමටත් උද්යෝගිමත් කිරීමටත් Zumba සැසියක් ද එදින පැවැත්වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් සුව දිවිය ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය කයාත‍්‍රී පෙරියසාමි මහත්මිය අවධාරණය කළේ, ”සුව දිවිය අපගේ අරමුණ වන්නේ දියවැඩියාව වැළැක්වීම සහ ඵලදායීව කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ මෙවලම්වලින් මහජනතාව සන්නද්ධ කිරීමයි. ලෝක දියවැඩියා මාසයේ පැවැත්වෙන මෙම වැඩසටහන අපගේ නොසැලෙන කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක්. දියවැඩියාවෙන් තොර අනාගතයක් උදෙසා දැනුවත් වීමට, සහභාගීවීමට සහ දියවැඩියා රෝගය වළක්වා ගැනීමට පූර්ව ක‍්‍රියාමාර්ග ගැනීමට නොවැම්බර් 4 වැනිදා අප හා එක්වන ලෙස අපි සැමට හෘදයාංගමව ආරාධනය කර සිටිනවා.”

තවද, මෙම වැඩසටහන දියවැඩියා රෝගයට සම්බන්ධ විවිධ තොරතුරු සහ නිෂ්පාදන වලින් ද සමන්විත වේ. සහභාගිවන්නන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලමින් පාවහන්, ඖෂධ නිෂ්පාදන, පෝෂ්‍යදායී ආහාර, අතිරේක පෝෂ්‍යදායී ආහාර/නිෂ්පාදන සහ ඇස් පරීක්ෂා කිරීමේ සේවා ඇතුළුව දියවැඩියා රෝගීන් සඳහා නිර්මාණය කර ඇති නිෂ්පාදන රැසක් මෙම වැඩසටහන පැවැත්වෙන පරිශ‍්‍රයට පැමිණ සිටින වෙළෙඳමහතුන්ගෙන් ලබා ගත හැකිය.

මෙම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට හෝ සම්බන්ධ වීමට සුව දිවිය සමාජ මාධ්‍ය පිටු වෙත පිවිසෙන්න නැතහොත් 77 353 3791 අමතන්න.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...