විශිෂ්ට බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා Acuity Partners හි සභාපතිවරයා ලෙස පත් වෙයි

Share

Share

Share

Share

Acuity Partners හි සභාපතිවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. මීට පෙර එහි සභාපති ධූරය දරනු ලැබුවේ DFCC බැංකුවේ තිමල් පෙරේරා මහතා වන අතර වසර 2ක කාලයක් (2022 – 2024) ඔහු එම ධූරයෙහි සාර්ථකව කටයුතු කළේය. පල්ලෙවත්ත මහතා Acuity Partners හි සභාපතිවරයා ලෙස පත්වන්නේ තිමල් පෙරේරා මහතාගේ ඉවත් වීමෙන් පසුවයි.

බැංකු ක්ෂේත්‍රයේ වසර 28කට වැඩි අත්දැකීම් සහිත පල්ලෙවත්ත මහතා වසර 14කට වැඩි කාලයක් ජ්‍යෙෂ්ඨ ආයතනික කළමනාකරණ තනතුරු දරා ඇත.

දැනට හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරන පල්ලෙවත්ත මහතා ඊට පෙර එහි Wholesale Banking Group නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරනු ලැබීය. එහිදී විශාල/නැගී එන ආයතන, ව්‍යාපෘති මූල්‍ය, බැංකුකරණ ගනුදෙනු, වෙළෙඳ මූල්‍ය, මූල්‍ය ආයතන, භාරකාර හා භාරකාර සේවා සහ ඉස්ලාමීය බැංකුකරණ ඇතුළු ප්‍රධාන ව්‍යාපාරික අංශ අධීක්ෂණය කිරීමට පල්ලෙවත්ත මහතා කටයුතු කළේය. එසේම හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අවදානම්/ප්‍රධාන අවදානම් නිලධාරී, ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී යන තනතුරුවලද ඒ මහතා කටයුතු කර ඇත.

මෙම පත්වීම පිළිබඳව අදහස් දැක්වූ Acuity Partners හි කළමනාකරණ අධ්‍යක්ෂ රේ අබේවර්ධන මහතා සඳහන් කර සිටියේ “අපගේ නව සභාපතිවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කිරීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. අපගේ සේවාවන් තව තවත් පුළුල් කරන විට ඔහු සතු බැංකුකරණ, අවදානම් කළමනාකරණ සහ මූල්‍ය සැලසුම්කරණ යනාදී ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම සහ නායකත්ව හැකියාවන් සුවිසල් ආයෝජනයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා’‘ යනුවෙනි.

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා DFCC හි සභාපතිවරයා ලෙස වසර 2ක කාලයක් කටයුතු කරමින් ශ්‍රී ලාංකේය ආර්ථිකයේ අභියෝගාත්මක අවධියේදී DFCC බැංකුවට ස්ථාවර නායකත්වයක් ලබා දීමට කටයුතු කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමිකර ගෙන ඇති පල්ලෙවත්ත මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ London School of Economics හි කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියකටද හිමිකම් කියයි. එසේම ගෝලීය අවදානම් වෘත්තිකයන්ගේ සංගමය විසින් පිළිගත් මූල්‍ය අවදානම් කළමනාකරු ලෙස කටයුතු කර ඇති ඒ මහතා GARP විසින් තිරසාර හා කාලගුණික අවදානම් සහතිකයක් හිමිකරගෙන ඇත.

බැංකු ක්ෂේත්‍රය හා කළමනාකරණ භූමිකාවන්හි පල්ලේවත්ත මහතා සතු අත්දැකීම් හා පළපුරුද්ද සමඟින් Acuity Partners හි සමස්ත උපාය මාර්ගික මඟ පෙන්වීම් හා අධීක්ෂණ කටයුතු ඉතා හොඳින් සිදු කරමින් සිය ගනුදෙනුකරුවන් සහ පාර්ශවකරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීමේ අවස්ථාව Acuity Partners වෙත උදා කර දෙනු ඇත.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...