නවෝත්පාදනය සහ උරුමය තුළින් අග්‍රගන්‍ය තේ නිෂ්පාදනය කරන කෙනිල්වර්ත් වතුයාය

Share

Share

Share

Share

කෙනිල්වර්ත් වතුයායෙහි 1942 වසරට පෙර පැවති ගොඩනැගිලි ව්‍යුහය මත 1947 දී ඉදිවූ වර්තමාන තේ කර්මාන්තශාලාව අද දක්වාම ක්‍රියාත්මක වන අතර නිසි ප්‍රමිතියකට අනුව අඹරා ගන්නා ලද දිගු සිහින් කොළ මගින් පැය 2 කුත් විනාඩි 30ක කාලයක් ගත වන සාම්ප්‍රදායික ඔතඩොක්ස් තේ නිෂ්පාදනය කරයි.

එමගින් ලැබෙන තඹ පැහැති පෑස්සුනු උකු තේ දියරය පිරිපුන් උසස් ගුණයෙන් යුක්ත වන අතර දැවමය හා සියුම් පැඟිරි සුවඳකින් යුක්ත වේ. මධ්‍ය කඳුකරයේ ගිනිගත්හේන නගරයට ආසන්නව පිහිටි කෙනිල්වර්ත් වතුයාය මැදරට තේ කාණ්ඩයට අයත් වන අතර වර්තමානයේදී මෙම වතුයාය හැටන් ප්ලාන්ටේෂන් පී.එල්.සී සමාගමට අයත් වෙයි. වර්තමානයේදී මෙම වතු යාය මගින් ප්‍රමිති කාන්ඩ 14කට අයත් තේ දලු නිෂ්පාදනය කරන අතර මේ අතුරින් TRI 2043 ප්‍රභේදය මගින් නිෂ්පාදනය කරන තේ දලු සඳහා කොළඹ තේ වෙන්දේසියේදී ඉහළම මිලක් ලැබෙන්නේ කිරි සමග මුසු වීමේදී ඇති වන සුවිශේෂී රසය සහ උදෑසන තේ වර්ග අතර රසයෙන් ඉහල ස්ථානයක් ගන්නා බැවිනි.

19 වන ශතවර්ෂයේදී මධ්‍ය කඳුකරයේ පැවති කෝපි වගාව ක්‍රමයෙන් තේ වගාවට පරිවර්තනය වෙමින් පැවති යුගයක උඩරට ප්‍රදේශයේ ඇරඹි කෙනිල්වර්ත් වතුයාය අද වන විට නිසි නියාමනයකින් සහ ප්‍රමිතීන්ට අනුකූලව තේ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් බවට පත් ව ඇත. 2008 වසරේදී සාධාරණ වෙළෙඳාම සඳහා වූ Fairtrade-certified සහතික ලත් කෙනිල්වර්ත් වතුයාය මෙහි සේවකයින්ගේ ජීවන තත්වය, අපනයන ආදායම්, සහ අග්‍රගන්‍ය සිලෝන් ටී නාමය ලෝකයට ගෙන යන තෝතැන්නක් බවට පත් ව සිටින්නේ බ්‍රිතන්‍ය පාලන සමයෙහි අතපත් කර ගත් නවෝත්පාදනය වර්තමානයට ගැලපෙන ලෙස නවීකරණයට සහ ප්‍රමිතියානුකූල නිෂ්පාදනයට අනුගතව කටයුතු කරන බැවින්ය.

උපායමාර්ගික පිහිටීම, ‌ෙඒතිහාසික පදනම සහ හිමිකාරීත්ව වෙනස්වීම
කෙනිල්වර්ත් වතුයාය මධ්‍යම පලාතේ නුවරඒලිය දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති අතර කොළඹ සිට කිලෝමීටර් 102ක දුරකින් පිහිටි ගිනිගත්හේන නගරයට ආසන්නව පිහිටා ඇත. මෙම වතුයායට ඒම නම ලැබී ඇත්තේ ඒක්සත් රාජධානියෙහි වර්වික්ෂයර් ප්‍රාන්තයේ පිහිටි කෙනිල්වර්ත් බලකොටුව සිහිවීම සඳහාය. මෙම වතුයාය මුලින්ම කළමනාකරනය කරනු ලැබුවේ බ්‍රිතාන්‍යයට අයත් ගෝර්ඩන් ඇන්ඩ් ෆ්‍රේසර් සමාගම විසිනි.

මහවැලි සහ කැළණී ගංගාවන්ට මැදිව පිහිටි මෙම වතුයාය මුහුදු මට්ටමේ සිට මීටර් 616ක් සහ 640ක උසකින් පිහිටා ඇති අතර මේ නිසාම මෙහි වාර්ෂික වාර්ෂාපතනය මිලිමීටර් 4500 ක තත්වයක් වසරේ දින 200ක් වත් පවතී. මෙම වර්ෂා පතනයන් ඊසාන දික සහ නිරිත දිග මෝසම් වැසි මගින් ලැබෙයි. පිහිටීම, දේශගුණය, ජල මුලාශ්‍රයන් ආහ්‍රිතව පිහිටිම යන සාරවත් පාරිසරික ලක්ෂණ හේතුවෙන් මැද රට තේ වගාවටක සුදුසු හොඳම තත්වය කෙනිල්වර්ත් වතුයායට හිමි ව ඇත. මේ නිසාම කොළඹ තේ වෙන්දේසියේදී ඉහලම මිලක් වාර්තතා කිරීමට ද මෙම වතුයායේ තේ නිෂ්පාදනයන්ට අවස්ථාව ලැබී ඇත.

මෙම වතුයායේ ඉතිහාසය 1880 දක්වා ඈතට දිවයන අතර බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් කෝපි වගාව අතහැර තේ වගාවට පිවිසීම සමග මධ්‍ය දඳුකරයේ කෝපි වගාව බිඳ වැටුණි. මුල් කාලයේ හිමිකාරීත්වය ආර් .පී රඩ් ( 1880- 1892), මිඩ්ලන්ඩ් සිලෝන් ටී ( 1898 – 1899 ) සහ කාලයේදී ක්‍රියාත්මක වූ කෙනිල්වර්ත් සිලෝන් ටී සමාගමේ (1923- 1928) යන ආයතනයන්ට අයත් විය. මෙය 19 සහ 20 සියවසේ තේ වගාව සිදු කල සමාගම් පිලිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් ලබා දෙයි. කෙනිල්වර්ත් වතුයායේ අවසන් බ්‍රිතාන්‍ය වතු පාලකවරයා බවට පත්වූයේ ඩබ්ලිව්. ආර්.ඩී වොලර් මහතා වන අතර ඉන් පසුව මෙහි පාලනය වටවල වැවිලි සමාගමටත්, 2019 වසරේ සිට හැටන් ප්ලාන්ටේෂන් සමාගමට හිමි ව ඇත.

පරිමාණය, ඵලදායීතාව මිනුම්
වර්තමානය වන විට කෙනිල්වර්ත් වතුයාය ප්‍රමුඛ තේ නිෂ්පාදන ඒකකයක් ලෙස සැලකේ. වතුයායේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 603.11ක් වන අතර, එයින් හෙක්ටයාර් 295.36ක්, එනම් සියයට 49ක්, තේ වගාව සඳහා වෙන් කර ඇති අතර ඉතිරි භූමි ප්‍රමාණය ඉන්ධන දැව වගාව, වනාන්තර සංවර්ධනය සහ අනාගත නැවත වගා කිරීම් සඳහා නියමිත තණබිම් සඳහා යොදාගෙන ඇත. ඒමගින් වත්මන් නිෂ්පාදන අවශ්‍යතා සපුරාලීමත්, දිගුකාලීන ප්‍රතිස්ථාපන හා තිරසාර සංවර්ධනයත් සමබරව පවත්වාගෙන යාම සිදු කරයි.

සමස්ත භූමි ප්‍රමාණයෙන් 86%ක පමණ භූමි කොටසක තේ වගාව සිදු කෙරෙන අතර ඒ සඳහා භාවිතා වන තේ ප්‍රභේද ඉහළ ඵලදාවක් ලබා දෙන දිගු කාලීන පලා පැහැය සහිත ප්‍රභේදයන් වන අතර හෙක්ටයාරයකින් උපරිම තේ අස්වැන්නක් ලබා ගැනීමට මෙය උපාකිරී වෙයි. වාර්ෂික නිෂ්පාදනය අසාන්න වශයෙන් කිලෝග්‍රෑම් 560,000ක් පමණ තේ වතුයායෙන් ලැබෙයි. මේ අනුව හෙක්ටයාරයක තේ අස්වැන්න කිලෝග්‍රෑම් 1900ක් පමණ වේ. මේ තත්වය වතුයායේ ලාභදායීත්වයට සහ අපනයන ධාරිතාව පවක්වාගෙන යෑමට උපකාරී වී ඇත. තවද අවට වෙසෙන කුඩා තේ වතු හිමියන්ගේ ද සහාය ඇති කෙනිල්වර්ත් තේ ක්මාන්තශාලාව මගින් වසරකට කිලෝග්‍රෑම් ලක්ෂ 8ක පමණ තේ නිෂ්පාදනයක් සිදු කරනු ලබයි.

මෙම නිෂ්පාදන පරිමාණය හරහා විදේශ විනිමය සහ රාජ්‍ය බදු ආදායම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අතර මෙම වතුයාය ආශ්‍රිතව ජීවත් වන 3029 දෙනෙකුගේ ජීවනෝපායද මෙම වතු යාය සමග බැඳී ඇත. කෙනිල්වර්ත් වතුයාය ක්‍රමානුකූලව සිය තේ නිෂ්පාදන වටිනාකමේ සාමාන්‍ය ඉහළ නංවා ගනිමින් සිටින අතර ගෝලීය වෙළෙඳපොලේ සුපිරි මිලක් හිමිකර ගැනීමට ද සමත් ව සිටී. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තේ වෙන්දේසි ක්‍රමය අනුව ශක්තිමත් සහ ඉහළ වෙළෙඳපොල කොටසක් කෙනල්වර්ත් වතුයේ තේ සඳහා හිමිකර ගෙන සිටී. කෙනිල්වර්ත් මැද රට තේ කාණ්ඩයේ ප්‍රමුඛතම තේ සන්නාම අතරින් එකක් ලෙස සැලකෙන අතර, එහි ඔර්තොඩොක්ස් තේ සඳහා කොළඹ තේ වෙන්දේසියේ බොහෝ අවස්ථාවල ඉහළ මිල ගණන් ද හිමිකර ගනී. එයට පදනම වී ඇත්තේ විශ්වාසදායක දලු ගුණාත්මකභාවය, ඉල්ලුමේ ස්ථාවර බව සහ දශක ගණනාවක් පුරා ගොඩනැගුණු ගැනුම්කරුවන්ගේ විශ්වාසයය යන සාධකයන්ය.

තමන්ටම ලැබෙන වාසි ඉක්මවා, කෙනිල්වර්ත් අනෙකුත් වතු සඳහා ද ප්‍රමිතියක් තබා දෙන අතර, ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා තේවල උසස් ස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි. රට පුරා සිටින වතු කළමනාකරුවන්ට කෙනිල්වර්ත් ලබා දෙන පණිවිඩය පැහැදිලියි. එනම්, ක්ෂේත්‍රයේ දැඩි සැලකිල්ල, නිවැරදි නිෂ්පාදන ක්‍රියාවලිය සහ දිගුකාලීන විශ්වාසනීය නාමයක් ගොඩනැගීම තුළින්, ගෝලීය තරගකාරිත්වය මධ්‍යයේ වුවද වැඩි මිලක් සහ වඩා හොඳ වෙළඳ වටිනාකමක් දිනාගත හැකි බවයි.

කෘෂි ආර්ථික නවෝත්පාදනය, භූමි විවිධාංගීකරණය සහ ගෝලීය අනුකූලතාවන්
කෙනිල්වර්ත් වතුයාය යනු කෘෂි ආර්ථික සාර්ථකත්වය අභිබවා ගිය තේ වතුයායකි. මෙහි පවතින සමස්ත භුමි ප්‍රමාණය වතු ඒකක 5කට වෙන් කර ඇති අතර බ්ලැක් ස්ටෝන් ඩිවිෂන් හි පිහිටි ‌ෙඒතිහාසික පොකුණ සහ බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකල කුඩා ජලවිදුලි උත්පාදන මධ්‍යස්ථානය , සහ ජෙනිස්රොක් ඩිවිෂන් හි පිහිටි පුළුල් කලාත්මක වගාව මෙම වතුයායේ ජීව ගුණය තවත් ඔප් නංවයි. තේ පර්යේෂණ ආයතනය විසින් KNK 16-3 ක්ලෝනීකරණයෙන් නිපදවූ තේ ප්‍රභේදය මේ වන විට කිනෙල්වර්ත් වතුයායට සාර්ථක ප්‍රතිඵල අත්කර දීමට සමත් ව ඇත. නවෝත්පදනය මත පදනම් වූ වඩාත් සාර්ථක තේ ප්‍රභේද වගාවට ගැනීම තුල අප මුහුණ දෙමින් සිටින දේශගුණික විපර්යාසයන් තුල ලෝක වෙළෙඳපොලේ ශ්‍රී ලංකා තේ සඳහා යම් වාසියක් හිමි කර ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වනු ඇත. 2008 ජූලි මාසයේදී කෙනිල්වර්ත් වතුයාය FLO නිෂ්පාදකයකු ලෙස සාධාරණ වෙළෙඳාම් තත්වයට පැමිණි අතර , HACCP, ආචාර ධාර්මික තේ සහයෝගීතාව, වැසිවනාන්ත සහයෝගීතාව, CQC 2 Star, 5S, SLSI, සහ SGS යන සහතික හිමි‍කර ගෙන ඇත. මෙවැනි සහතිකයන් මඟින් ගුණාත්මක පාලනය, ආහාර සුරක්ෂිතතාව, සදාචාරාත්මක ක්‍රියාපටිපාටි සහ පරිසර සංරක්ෂණය යනාදිය තහවුරු කරයි. ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සඳහා මෙවැනි වතුයායන්, ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා සපුරාලමින් වෙළඳපොළ ප්‍රවේශය ආරක්ෂා කර ගැනීමටත්, උසස් තත්ත්වයේ නිෂ්පාදන ඉිදිරිපත් කෙරෙන බැවින් ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම සපුරාලන බැවින් වැඩි වටිනාකමක් ගැණුම්කරුවන්ගෙන් ලබා ගැනීමට හැකිවේ.

ප්‍රජා මූලික කර ගැනීම සහ දිගු කාලීන ධනාත්මක බලපෑම
කෙනිල්වර්ත් වතුයාය වැවිලි ක්ෂේත්‍රයේ ශතවර්ෂයකට අධික කාලයක් මුලුල්ලේ සිය වතු ආශ්‍රිත ප්‍රජාව සමග වඩාත් ජීවගුණයෙන් පිරි සබඳතාවක් පවත්වාගෙන යනු ලබයි. මුල් කාලන මෙහෙයුම් මගින් බ්‍රිතාන්‍ය ජාතික පාලකයින් සහ ඉන්දියානු දෙමල වතු කම්කරුවන් අතර පැවති වෙනස පිලිබිු වූවද , අද වන විට වඩාත් ප්‍රශස්ත නිවාස පද්ධතියක් මෙම වතු සේවකයින්ට ලබා දීමටත්, අත්‍යාවශ්‍ය පහසුකම්, සහ ස්ථාර රැකියා තත්වයක් යටතේ වතු සේවකයින් දහස් ගණනක් මෙහි සේවය කරති.

කෙනිල්වර්ත් ඉතිහාසය තුල 1930 දශකයේ සිදුවූ දුක්ඛිත අවස්ථාවක් ද ඇතුළත් වේ. එහිදී අරමුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඇති වූ සාහසික ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස අධිකාරීවරයෙකු වූ රොබට්ස් මහතාට ජීවිතය අහිමි විය. කෙනිල්වර්ත් වතුයාය අයිතිවාසිකම් මාරුවීම්, ගෝලීය වෙළඳපොළ උච්චාවචන සහ වෙනස් වන ජාතික ප්‍රතිපත්ති අතරින් ගමන් කළද, කෙනිල්වර්ත් වතුයාය නිරන්තරයෙන් රැකියා, ග්‍රාමීය ස්ථාවරත්වය සහ අපනයන ආදායමට දායක වී ඇත.

සාරාංශගත ව පවසන පරිදි, කෙනිල්වර්ත් තේ වතුයාය ශ්‍රී ලංකාවේ වතු කර්මාන්තයේ දිරාපත් නොවන ශක්තියට සජීවී උදාහරණයකි. යටත් විජිත පදනම්වලින් ආරම්භ වී තාක්ෂණික නවෝත්පාදන සහ දැඩි ප්‍රමිතීන් හරහා අද ලෝක තේ වෙළඳාම තුළ ආර්ථික වටිනාකම, උසස් තත්ත්ව නායකත්වය සහ ප්‍රජා ජීවනෝපාය රැකවරණය සැපයෙන නවීන ශක්තිමත් කේන්ද්‍රස්ථානයක් ලෙස එය පවතී.

Experiencing the Sinhala and Tamil...
Ceylon Tobacco Company PLC appoints...
නවෝත්පාදනය සහ උරුමය තුළින් අග්‍රගන්‍ය...
HNB FINANCE PLC, BMPC 2026...
E. B. Creasy & Co.,...
ITC Ratnadipa, the Jewel of...
නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu...
2026 Huawei IP සමුළුවේදී ශ්‍රී...
ITC Ratnadipa, the Jewel of...
නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu...
2026 Huawei IP සමුළුවේදී ශ්‍රී...
Coca-Cola “Real Magic” සමඟින් 2026...