ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා වන කැපවීම පෙන්නුම් කරමින් HNB පළමු අර්ධයේදී ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

Share

Share

Share

Share

2025 පළමු අර්ධයේදී හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ස්ථාවර සහ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර ඇත. ඒ අනුව HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 42.5% කින් රුපියල් බිලියන 23.16 ක් දක්වා වර්ධනය වී ඇති අතර බැංකුවේ බදු පසු ලාභය 37.9% කින් වර්ධනය වී රුපියල් බිලියන 21.19 ක් බවට පත්ව ඇත.

පොලී සීමාවන්ට එරෙහි පීඩනයක් තිබූ නමුත්, 2025 පළමු අර්ධය තුළ බැංකුවේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 45.6 ක් ලෙස ස්ථාවර මට්ටමක පැවතුණි. ණය පොත ශක්තිමත් ලෙස වර්ධනය වුවද, පොලී අනුපාත පහත වැටීම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව HNB හි පොලී ආදායම 11.3% කින් පහත වැටුණි. කෙසේ වෙතත්, ජංගම ගිණුම් හා ඉතිරි කිරීමේ තැන්පතු (CASA) පදනම ශක්තිමත් කිරීමට ගත් උපායමාර්ගික පියවර මගින් පොලී වියදම් ද 18.7% කින් අඩු වීම හේතුවෙන් මෙම බලපෑම සැලකිය යුතු ලෙස සමනය විය.

HNB ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සභාපති නිහාල් ජයවර්ධන මහතා පැවසුවේ “2025 වසරේ පළමු අර්ධය සඳහා අප ලබා ගත් මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව ඉතා සතුටුයි. එමගින් අපගේ හැට්නා පවුලේ නොසැලෙන කැපවීම සහ අපගේ වටිනා ගනුදෙනුකාරභවතුන් අප කෙරෙහි තබා ඇති දිගු කාලීන විශ්වාසය පෙන්නුම් කරනවා.”

IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිව්වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම තුළින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කර තිබෙනවා. මෙරට මූල්‍ය පද්ධතිය සඳහා ශක්තිමත් හා වැදගත් බැංකුවක් ලෙස HNB රටේ ප්‍රගතියේ විශ්වසනීය සහකරුවෙකු බවට පත්ව සිටින අතර සැමට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික වර්ධනයකට සහාය වීමට සහ රට පුරා සිටින ජනතාවගේ ජීවිත නගා සිටු වීම සඳහා බැංකුව කැපවී සිටිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2025 පළමු අර්ධයේදී බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 19.7% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර ඉහළ කාඩ්පත් ගනුදෙනු සහ ඩිජිටල් සේවාවල ක්‍රියාකාරකම් වැඩි වීම මෙයට මූලික වශයෙන් හේතු විය. මීට අමතරව විදේශ විනිමය ගනුදෙනුවලින් HNB රු. බිලියන 2.8 ක් උපයා ඇත. මෙය 2024 වසරේ අදාල කාල පරිච්ඡේදයේදී වාර්තා කළ රු. බිලියන 1.3 ක අලාභයට සාපේක්ෂව කැපී පෙනෙන දියුණුවක් වන අතර ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය.
ආර්ථිකයෙහි ඇතිවන උච්චාවචනයන්ට ඔරොත්තූ දෙන අවදානම් කළමනාකරණ ව්‍යුහය, විචක්ෂණශීලී ණය අභිප්‍රෙරණ සහ විස්තීරණ ණය අයකර ගැනීමේ උත්සාහයන් හේතුවෙන් පසුගිය කාර්තුව තුල වත්කම්වල ගුණාත්මක බව ශක්තිමත්ව වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස Stage 3 (අක්‍රීය) ණය අඩු කිරීමට හැකි වූ අතර පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයේදී වෙන් කළ රු. බිලියන 1.5 ක හානිපූරණ ගාස්තුවට සාපේක්ෂව බැංකුව රු. බිලියන 5.1 ක හානිපූරණ ප්‍රතිවර්තනයක් වාර්තා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ශුද්ධ Stage 3 අනුපාතය 2024 දෙසැම්බර් මාසයේ වාර්තා කළ 1.88% සිට 1.59% දක්වා පහත වැටුණි. මේ අතර Stage 3 ආවරණ අනුපාතය 74.88% ක් ලෙස ඉහළ මට්ටමක පැවතුනි.

“2025 පළමු මාස හය තුළ අපගේ මූල්‍ය ප්‍රතිඵල මගින් HNB හි ශක්තිය, නම්‍යශීලීභාවය හා උපායමාර්ගික අවධානය මැනවින් පෙන්නුම් කරනවා. ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු වීමත් සමඟ සැමට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික වර්ධනයක් කෙරෙහි අවධානය යොමු කරන අතරතුර බැංකුව පාරිභෝගිකයින්ට වඩා හොඳ අත්දැකීමක් ලබා දීම, බැංකු මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සහ අනාගතයේදී බැංකුව වර්ධනය වීමට වැඩි අවස්ථාවන් නිර්මාණය කිරීමෙන් අපගේ ඩිජිටල් පරිවර්තන ගමන වේගවත් කරමින් සිටිනවා.” යනුවෙන් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේය.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...