ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය මගින් ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව වැඩ සටහන් රැසක් දිවයින පුරා දියත් කරයි.

Share

Share

Share

Share

2023 අප්‍රේල් 29 වන දින ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව විශේෂ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය (SLVA) මගින් සංවිධානය කර ඇත. මෙවර එහි තේමාව වන්නේ “පශු වෛද්‍ය

වෘත්තියෙහි විවිධත්වය, සමානාත්මතාවය සහ සියළු පාර්ශ්වයන්ගේ අන්තර්ගතබව ප්‍රවර්ධනය කිරීමයි” (Promoting Diversity, Equity and Inclusiveness in the Veterinary Profession) යන්නයි. පශු වෛද්‍ය වෘත්තිය තුළ සත්ත්ව සෞඛ්‍ය සහ සුභසාධනය, සත්ත්ව නිෂ්පාදන සහ එහි අපනයනයන් පුළුල් කිරීම, මහජන සෞඛ්‍ය, පෝෂණ අවශ්‍යතාවයන් සපුරාලීම සහ ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම යන අංශ ඔස්සේ ඉටු කරනු ලබන කාර්යභාරය පිළීබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බව  මෙහිදී විශ්වාස කරයි.

මෙම සුවිශේෂී දිනය නිමිත්තෙන් විවිධ ස්ථානවල වැඩ සටහන් රාශියක් මෙම  සංගමය මගින් සංවිධානය කර ඇත. වගකීම් සහගත සුරතල් සතුන්ගේ හිමිකාරිත්වය සහ නගර ආශ්‍රිත වනජීවීන් (Urban Wildlife) පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන්, සත්ත්ව පාලන ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන්, සුනඛ වන්ධ්‍යාකරණ සහ ජල භීතිකා මර්දන හා එන්නත්කරන වැඩසටහන් ඊට ඇතුළත් වේ.

ඒ අනුව අප්‍රේල් 25 වෙනි දින ,  ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන්  ස්වාධීන රූපවාහිනී (ITN) නාළිකවේ “හත්වන පැය” වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ පශු වෛද්‍ය වෘත්තියෙහි  වැදගත්කම සහ ලෝක පශු වෛද්‍ය දින සැමරුම් පිළිබඳව සාකච්ඡා කර ඇත. මෙම වැඩසටහනෙහි අරමුණක් ලෙස සත්ත්ව සෞඛ්‍ය සහ සුභසාධනය ප්‍රවර්ධනය කිරීමේදී පශු වෛද්‍ය වෘත්තියෙහි මනා කාර්යභාරය පිළිබදව ජනතාව දැනුවත් කිරීම ද අන්තර්ගත විය.

අප්‍රේල් 26 වැනි දින, “වගකිම් සහගත සුරතල් සතුන් හිමිකාරීත්වය තුළින් සුනඛ සපාකෑම් වැලැක්වීම සහ නගර ආශ්‍රිත වනජීවීන්” මැයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් සියළු සාන්තුවරයන්ගේ බාලිකා විද්‍යාලය, කොළඹ 8 සහ සංඝබෝධි විද්‍යාලය, තොටලග යන විද්‍යාලවල පවත්වා ඇති අතර “සමබර පෝෂණයක් පහසුවෙන් ලබාගැනීම සඳහා දියර කිරි භාවිතයේ ඇති වැදගත්කම” පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් කට්ටමුරිච්චාන විද්‍යාලය, තිරප්පනේ සහ පෑතිස් රබෑව යන විද්‍යාලවලදී පැවැත්විය.

මීට අමතරව SLVA විසින් සුනඛ වන්ධ්‍යාකරණ සහ ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් අප්‍රේල් 27 සහ 28 යන දින වලදී මිල්ලනිය රත්නපුර පශු වෛද්‍ය රෝහල, කෑගල්ල පශු වෛද්‍ය කාර්යාලය, කිරිවත්තුඩුව කිරි එකතුකිරිමේ මධ්‍යස්ථානය සහ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ස්ථානවල සහ සත්ත්ව පාලන ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හෝමාගම පශු වෛද්‍ය කාර්යාලයේදී ද සංවිධානය කර තිබුණි.

අප්‍රේල් 28 වැනි දින “බුරුළු ප්‍රදාහය වැළැක්වීම” මැයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විය. එමෙන්ම පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙවි බාලිකා විද්‍යාලය – කොළඹ 8  , සුසම්‍යවර්ධන විද්‍යාලය – බොරැල්ල, වාරියපොල සුමංගල විද්‍යාලය –  මහනුවර, සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය – කොළඹ 8 සහ ගෝතමී බාලිකා විද්‍යාලය, කොළඹ යන ස්ථානවල දී පැවැත්විය. මේ අනුව දිවයින පුරා පාසැල් සිසුන් 2500 කට ආසන්න සංඛ්‍යාවක් දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සහභාගී වී ඇත.

අප්‍රේල් 29 වැනි දින ද  SLVA විසින් සුනඛ  වන්ධ්‍යාකරණ සහ ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහනක් මිල්ලනිය දී සහ සුනඛ  වන්ධ්‍යාකරණ සහ සත්ත්ව සායනයක් කිඹුලාඇල නිවාස සංකීර්ණයේ ද පවැත්විණි..

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති ආචාර්ය වෛද්‍ය ඩිලාන් අමිල සතරසිංහ මහතා ප්‍රකාශකර සිටියේ ලෝක පශු වෛද්‍ය දිනය සැමරීම සහ සත්ත්ව  සෞඛ්‍ය, සුභසාධනය සහ මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා පශු වෛද්‍යවරුන් විසින් සිදුකරනු ලබන  වැදගත් වූ මනා කාර්යභාරය පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව අප සංගමය සතුටට පත්වනබවයි.  මෙම වැඩසටහන් පශු වෛද්‍යවරුන් විසින් ඉටු කරනු ලබන  වැදගත් කාර්යභාරය අවබෝධ කරගැනීමට  ජනතාවට උපකාරී වනු ඇතැයි අප අපේක්ෂා කරන බවත් මෙම වැඩසටහන් සඳහා සහභාගි වූ සහ උපකාර කළ සියළුදෙනා වෙත තම සංගමය වෙනුවෙන් ස්තූතිය පුදකරන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරනලදී.

Sri Lanka Unlocks New Market...
Sampath Bank Launches Priority Reserve...
2025 වසරේ මැයි මස අපනයන...
Shantha Bandara Appointed President at...
கண்கவர் திருமண கனவுகளை நனவாக்க Weddings...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය...