සන්ෂයින් හෝල්ඩිංග්ස් විකුණුම් බලකායේ විශිෂ්ඨයින් 2023 SLIM National Sales Awards හිදී ඇගයීමට ලක්වෙයි

Share

Share

Share

Share

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය විකුණුම් කණ්ඩායම්වල සාමාජිකයින් 13 දෙනෙකු මෑතකදී 2023 SLIM National Sales Awards (NSA) හිදී රන් සම්මාන 02 ක්, රිදී සම්මාන 06 ක්, ලෝකඩ සම්මාන 04 ක් සහ කුසලතා සම්මානයක් දිනා ගනිමින් ඇගයීමට ලක් වූ බව නිවේදනය කළේය.

විශේෂයෙන්ම තරඟකාරී ව්‍යාපාරික පරිසරය තුළ විකුණුම් ක‍්‍රියාවලිය ඉතා වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා අතර ඕනෑම ව්‍යාපාරයක වර්ධනයට සහ තිරසාරභාවයට එය අත්‍යන්තයෙන්ම වැදගත් වේ. ඔවුන් නිෂ්පාදන සහ පාරිභෝගිකයින් අතර පාලමක් ලෙස ක‍්‍රියා කරන අතර සන්නාම තානාපතිවරුන්, පාරිභෝගික සබඳතාවල භාරකරුවන් සහ ව්‍යාපාර වර්ධන බලවේගයක් ලෙස ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. විශේෂයෙන්ම පසුගිය වසර දෙක තුළ, විකුණුම් කණ්ඩායම්වල සුවිශේෂී උත්සාහයන් හේතුවෙන් ශ‍්‍රී ලාංකේය සමාගම්වලට දැඩි අපහසු ආර්ථික තත්ත්වයන් තුළ වුවද තව තවත් ඉදිරියට යා හැකි විය.

එවැනි සන්දර්භයක් තුළ, Sunshine Consumer Lanka Sunshine Healthcare Lanka (ෆාමසි සහ වෛද්‍ය උපාංග) අලෙවි කණ්ඩායම්වල සාමාජිකයින් විසින් දිනාගත් මෙම ඇගයුම, ඔවුන්ගේ කැපවීම සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ සාක්ෂියකි. තවද, සෑම සාමාජිකයෙකුගේම කැපවීම, ධෛර්යය සහ නොපසුබට උත්සාහය, දැඩි තරඟකාරිත්වය සහ වෙනස් වන වෙළඳපල තත්වයන් තුළ විකුණුම් ඉහළ නැංවීම සඳහා සුවිශේෂී කාර්ය සාධනයක් සහතික කර ඇත.

”2023 SLIM සම්මාන උළෙලේදී ඔවුන්ගේ කැපවීම සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරන සන්ෂයින් හෝල්ඩිංග්ස් හි අපගේ විකුණුම් බලකායේ විශිෂ්ඨයින් පිළිබඳව අපි ආඩම්බර වෙනවා. අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ, Sunshine Consumer Lanka සහ Sunshine Healthcare Lanka හි අපගේ විකුණුම් කණ්ඩායම් ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී අසමසම උනන්දුවක් සහ කැපවීමක් පෙන්නුම් කර තිබෙනවා.” යනුවෙන් සන්ෂයින් හෝල්ඩිංග්ස් හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ විෂ් ගෝවින්දසාමි මහතා මෙම ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේය.

”මෙම සම්මාන පුද්ගල විශිෂ්ටත්වය හඳුනාගෙන අපගේ ව්‍යාපාර ඉදිරියට ගෙන යන සාමූහික ශක්තිය ඉස්මතු කරනවා. මෙම පිළිගැනීම විශිෂ්ඨ සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා අපගේ කැපවීම නැවත නැවතත් තහවුරු කරනවා. සන්ෂයින් හෝල්ඩිංග්ස් හි සාර්ථකත්වය සහ දායකත්වය සඳහා අපගේ විකුණුම් කණ්ඩායම්වල සෑම සාමාජිකයෙකුටම අපගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා.” යනුවෙන් ගෝවින්දසාමි මහතා වැඩිදුරටත් පැවසුවේය.

ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක් විසින් අයදුම්කරුවන් විනිශ්චය කරනු ලැබූ අතර, වෙනස්වන වෙළඳපල ප‍්‍රවණතාවයන් තුළ ව්‍යාපාර මෙහෙයවීමේ ඔවුන්ගේ හැකියාවන්, ඉලක්ක සපුරා ගැනීම සඳහා ක‍්‍රියාත්මක කරන ලද ක‍්‍රමවේදයන්, නව්‍ය උපායමාර්ග, විකුණුම් ක්ෂේත‍්‍රයේ වර්ධනය වීමේ හැකියාව සහ වෙළඳපල ජය ගැනීමේ හැකියාව ඇගයීමට ලක් කළහ. ඉදිරි පෙළ නියෝජිතයින් සහ විධායකයින් ඔවුන්ගේ කාර්ය සාධනය සහ ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ඉදිරියට යාමට ඇති හැකියාව මත ඇගයීමට ලක් කෙරේ. පවරන ලද ප‍්‍රදේශ තුළ විකුණුම් ආදායම වැඩි කිරීමට, වෙළඳපල ප‍්‍රවේශය වැඩි කිරීමට සහ අනෙකුත් ප‍්‍රධාන කාර්ය සාධන දර්ශක මත ප‍්‍රදේශ කළමනාකරුවන් තක්සේරු කරනු ලැබේ. ප‍්‍රාදේශීය විකුණුම් කළමණාකරුවන් විසින් කැපී පෙනෙන නායකත්වයක් ප‍්‍රදර්ශනය කරන අතරම සමස්ත ව්‍යාපාරික අරමුණු සපුරාලමින් වෙළඳපළ-වෙළඳපළට උපාය මාර්ග තුළ සන්නාම සහ කාණ්ඩ ගොඩනැගීම සහ පාරිභෝගික සංවර්ධන සැලසුම් ක‍්‍රියාත්මක කළ යුතුය.

අඛණ්ඩව වසර 21ක් පුරාවට, SLIM National Sales Awards හි දී විකුණුම් ක්ෂේත‍්‍රයේ වර්ධනය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ප‍්‍රමුඛ පෙළේ විකුණුම්කරුවන් අගය කරනු ලැබේ. ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට සමගාමීව විකුණුම් වෘත්තිකයන් හඳුනා ගැනීම සහ දකුණු ආසියාවේ හොඳම ඇගයුම් ක‍්‍රියාවලිය ලෙස සම්මාන උළෙල ස්ථාපිත කිරීම මෙහි අරමුණයි. මෙම උත්සවය හරහා කර්මාන්ත 20කට වඩා වැඩි ප‍්‍රමාණයක ඉහළ ජයග‍්‍රහණ ලබා ගත් පුද්ගලයන් අගයනු ලබන අතර, ඔවුන්ගේ කාර්ය සාධනය මත පදනම්ව ඔවුන්ගේ සමාගම් හරහා මෙයට අයදුම් කිරීමට ද අවස්ථාව ලැබෙයි.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී යනු ශ‍්‍රී ලංකා ආර්ථිකයේ සුවසේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශ වල උපායමාර්ගික ආයෝජන සමඟ වටිනාකමක් ඇති කරමින් ”ජාතිය ගොඩනැගීමට” දායකත්වයක් දක්වන සමූහ ව්‍යාපාරයකි.

වසර 56 කට පෙර 1967 දී ආරම්භ කරන ලද මෙම සමූහය සේවකයින් 2,000 කට අධික සංඛ්‍යාවකින් සහ FY23 සඳහා රු. බිලියන 51ක ආදායමක් සමඟින් මේ වන විට Zesta Tea, Watawala Tea, Ran Kahata, Daintee Confectionary සහ Healthguard Pharmacy වැනි ප‍්‍රමුඛ පෙළේ ශ‍්‍රී ලාංකේය සන්නාමවලට නිවහන සපයයි. සමූහයේ ව්‍යාපාරික ඒකකවලට Sunshine Healthcare Lanka, Sunshine Consumer Lanka සහ Watawala Plantations PLC ඇතුළත් වන අතර, ඒවා අදාළ අංශවල පුරෝගාමීන් වේ. ඒවායින් බොහොමයක් ආයතන 2023 දී ද “Great Place to Work” සහතිකය හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.

අපගේ දැක්ම වන ‘’යහපත් දේ ජීවිතයට ගෙන ඒම’’ යටතේ අපි සියලූ ශ‍්‍රී ලාංකිකයින්ට ගුණාත්මක ඖෂධ සහ පාරිභෝගික නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා දීමට කටයුතු කරන අතර එමගින් සැමට වඩා හොඳ ජීවන තත්වයක් සහතික කිරීමට හැකියාව ලැබී ඇත. අපගේ අඛණ්ඩ වර්ධනයට පදනම වී ඇත්තේ අපගේ ව්‍යාපාරය තුළ පවත්වාගනෙ යන සදාචාරාත්මක වටිනාකම් සහ දිනා ඇති පාරිභෝගික විශ්වාසයයි.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...