සැම්සුන් ක්ෂේත‍්‍රයේ ඉහළම කාර්යක්ෂමතා ප‍්‍රමිතිය අභිබවා තවත් අමතර 10% ඉතුරු කරමින් බලශක්ති ඉතිරිකිරීමේ තාක්ෂණය නව මානයට රැගෙන යයි

Share

Share

Share

Share

ක්ෂේත‍්‍රයේ බලශක්තිය ඉතිරිකිරීමේ ඉහළම ශ්‍රේණිය ඉක්මවන බලශක්ති ඉතිරිකිරීම් පරිශීලකයින්ට ලබා දීමෙන් ඔවුන්ට තිරසාර නිවාස නිර්මාණය කිරීමට සහාය වීමට සැම්සුන් ගෘහ විදුලි උපකරණ කෘතිම බුද්ධිය කේන්ද්‍ර කොටගත් විශේෂාංග භාවිත කරයි

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් යුරෝපයේ නවීනතම බලශක්ති කාණ්ඩගත කිරීමේ ක‍්‍රමය යටතේ ක්ෂේත‍්‍රයේ ඉහළම කාර්යක්ෂමතා ප‍්‍රමිතියට අමතර 10% ක් ඉතිරියක් එක් කරමින් සිය පරිසර හිතකාමී ගෘහ විදුලි උපකරණ නිවසේ දී ඵලදායී බලශක්ති ඉතිරියක් ලබා දෙන ආකාරය පිළිබඳ අදහස් දක්වා සිටී.

ගෘහ විදුලි උපකරණවල බලශක්ති-කාර්යක්ෂමතාවයෙන් ලොව අංක 1 සන්නාමය බවට පත්වීමේ සිය දැක්ම සාක්ෂාත් කරගැනීම උදෙසා ඔවුන්ගේ උපකරණ සහ තාක්ෂණය කදිම සාක්ෂියක් සපයන බව ඔවුන් පෙන්වා දෙයි. SmartThings Energy මගින් සැම්සුන් උපකරණවල ඇති විශේෂාංග උපරියෙන් භාවිත කරනු ලබන අතර පරිශීලකයින්ට නිවසේ සිට පරිසරය ගැන සැලකිලිමත් වන අතරතුර නවීනතම සැම්සුන් උපකරණ තාක්ෂණයන් ද භුක්ති විඳිය හැකිය.

අංක 1 ශීතකරණ මගින් වැඩිදියුණු කළ සිසිල් කිරීමක් සහ බලශක්ති ඉතිරි කිරීමක් ලබා දෙයි
තිරසාර නිවෙසක් සැලකීමේදී මුළුතැන්ගෙය යනු නිවසක ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු වන ස්ථානයක් වන අතර එහි වන්නේ එහි නිරන්තරයෙන් ක‍්‍රියාත්මක වන ගෘහ විදුලි උපකරණ රැසක් පවතී. නිදසුනක් ලෙස, නැවුම් ආහාර ගබඩා කිරීමේදී ශීතකරණවල ක‍්‍රියාකාරිත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට ස්ථාවර බලශක්ති සැපයුමක් අවශ්‍ය වේ.

මෙය ආමන්ත‍්‍රණය කරමින්, ආහාර ගබඩා කිරීම ප‍්‍රශස්ත මට්ටමක පවත්වා ගෙන යන deodorizing filter සහිතව බලශක්ති පරිභෝජනය අඩු කිරීම සඳහා සැම්සුන් ශීතකරණ නිර්මාණ කර ඇත. බලශක්ති කාර්යක්ෂමතාවය සැලකීමේදී සැම්සුන් ශීතකරණ එම කාණ්ඩයේ ලොව අංක 1 ලෙස ශ්‍රේණිගතව ඇති අතර, එහිදී දැනට පවතින ඉහළම බලශක්ති ශ්‍රේණිගත කිරීමේ ප‍්‍රමිතිය ඉක්මවන 10%ක අමතර ඉතිරියක් ලබා දෙයි.

අංක 1 බලශක්ති පිරිමැසුම්දායක සහ කෘතිම බුද්ධියකින් බලගැන්වෙන රෙදි සෝදන යන්ත‍්‍ර සමඟින් අඩුවෙන් රෙදි සෝදා ගන්න
රෙදි සේදීමේ නවීනතම තාක්ෂණයන්ගෙන් සමන්විත සැම්සුන් හි AI™රෙදි සෝදන යන්ත‍්‍ර මගින් පරිශීලකයින්ට වේගවත්ම, විශිෂ්ට ආකාරයේ රෙදි සෝදන අත්දැකීමක් ලබා දෙන අතරම ඉහළම බලශක්ති ශ්‍රේණිගත කිරීමේ ප‍්‍රමිතිය ඉක්මවන 10%ක අමතර ඉතිරියක් ලබා දෙයි. තවද එම රෙදි සෝදන යන්ත‍්‍රවල ඇති AI Energy mode හේතුවෙන් බලශක්ති පරිභෝජනය 70%ක් දක්වා අඩු කරගැනීමේ හැකියාව ඇති අතර ඒ හේතුවෙන් එම රෙදි සෝදන යන්ත‍්‍ර එම කාණ්ඩයේ බලශක්ති ඉතිරිකිරීම් අතින් අංක 1 ස්ථානයේ සිටී.

තවද, AI රෙදි සෝදන යන්ත‍්‍ර සහ රෙදි වේලන යන්ත‍්‍ර එක් එක් රෙදි වල බර හඳුනා ගැනීමට advanced sensors භාවිතා කරනු ලබයි. පසුව එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අදාල රෙදිවලට ගැලපෙන ආකාරයට සෝදා සහ රෙදි වේලා දෙමින් පරිශීලකයාගේ කාලය හා ශ‍්‍රමයත් ඉතිරි කර දෙයි. මෙම විශේෂාංගය මගින් ජල පරිභෝජනය 24% කින් අඩු කරයි.

තිරසාරත්වය අපගේ එදිනෙදා ජීවිතයේ වැදගත් සාධකයක් බවට පත්වන බැවින්, නිවසේ බලශක්ති සහ සම්පත් ඉතිරි කර ගැනීමට උපකාර වන ගෘහ විදුලි උපකරණ නිර්මාණය කිරීමට සැම්සුන් නිරන්තරයෙන් නවෝත්පාදනයන් හඳුන්වා දෙයි.

Samsung ගෘහ විදුලි උපකරණ Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri, Damro වෙතින් මිලදී ගත හැකිය.

Sri Lanka Unlocks New Market...
Sampath Bank Launches Priority Reserve...
2025 වසරේ මැයි මස අපනයන...
Shantha Bandara Appointed President at...
கண்கவர் திருமண கனவுகளை நனவாக்க Weddings...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය...