සැම්සුන් 2023 සඳහා ශ‍්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනාගත් ගෘහ උපකරණ සන්නාමය ලෙස ශ්‍රේණිගත වෙයි

Share

Share

Share

Share

 

තාක්ෂණයේ සහ නවෝත්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්  ලොව ප‍්‍රමුඛතම සන්නාම ඇගයීමට ලක් කරනු ලබන උපදේශන ආයතනය වන Brand Finance විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනාගත් ගෘහ උපකරණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කර ඇත. LMD Brands Annual 2023 හි දැක්වෙන මෙම ගෞරවනීය ශ්‍රේණිගත කිරීම මගින් ශ‍්‍රී ලාංකේය සන්නාමවල වටිනාකම සහ ශක්තිය මත පදනම්ව ඇගයීමට ලක් කරයි.

ගෝලීය පාරිභෝගිකයන් සමඟ ගැඹුරින් සම්බන්ධ වන අතිනවීන ගෙදරදොර/ගෘහ ඉලෙක්ට්‍රොනික විසඳුම් සැපයීම සඳහාවන සැම්සුන් හි අඛණ්ඩ කැපවීම මෙම පිළිගැනීම මගින් අවධාරණය කරයි. එමගින් සමාගමේ විශිෂ්ටත්වය, පාරිභෝගිකයින් තෘප්තිමත් කිරීම සහ ගෘහ ඉලෙක්ට්‍රොනික වෙළඳපොලේ එහි ප‍්‍රමුඛ ස්ථානය සඳහා ඇති කැපවීම මනාව පිළිබිඹු කරයි.

සැම්සුන් සිය නව නිෂ්පාදන හරහා ගෘහ ඉලෙක්ට්‍රොනික අංශයේ පෙරළිකාර වෙනස්කම් සිදු කරමින් තාක්ෂණික නවෝත්පාදනයන් මෙහෙයවීමේ පුරෝගාමියා ලෙස සැමවිටම කටයුතු කරයි. පාරිභෝගික අවශ්‍යතා අවබෝධ කර ගැනීමට සහ අතිනවීන තාක්ෂණය ලබා දීමට සමාගම දක්වන ස්ථිර කැපවීම නිසා සැම්සුන් සන්නාමය ලොව පුරා නිවෙස්වල විශ්වසනීය සහ ගෞරවනීය සන්නාමයක් ලෙස එහි ස්ථානය තහවුරු කර ඇත.

රූපවාහිනී, ගෘහ උපකරණ, ශ‍්‍රව්‍ය උපාංග සහ smart home විසඳුම් වැනි විවිධාකාර ගෘහ ඉලෙක්ට්‍රොනික උපකරණ කළඹක් සමඟින් සැම්සුන් සැමවිටම එදිනෙදා ජීවිතය වැඩිදියුණු කරන උසස් තත්වයේ නිෂ්පාදන ඉදිරිපත් කර ඇත. ක‍්‍රියාකාරීත්වය, අලංකාරත්වය සහ පරිශීලක-හිතකාමී අතුරුමුහුණත් ඒකාබද්ධ කිරීමට සැම්සුන් සතු සුවිශේෂී හැකියාව සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගිකයින්ගේ ප‍්‍රශංසාවට ලක්ව ඇත.

LMD හි Most Loved Brands සම්මානය සමඟින් සැම්සුන් පිළිගැනීමට ලක්වීම විශිෂ්ටත්වය සහ පාරිභෝගිකයින් තෘප්තිමත් කිරීම සඳහා සමාගමේ ස්ථිර කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි. සීමා මායිම් ඉක්මවා යමින් සහ නව කර්මාන්තයේ නව මිණුම් සලකුණු සනිටුහන් කිරීමෙන්, සැම්සුන් ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිතවලට දිගුකාලීන මෙන්ම සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇත.

සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා සඳහන් කළේ ‘‘LMD වෙතින් ශ‍්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනාගත් ගෘහ උපකරණ සන්නාමය ලෙස පිළිගැනීමට ලැබීම අපට මහත් ගෞරවයක්. මෙම ජයග‍්‍රහණය අපගේ පාරිභෝගිකයින්ට සුවිශේෂී අත්දැකීම් ලබා දීමට ඇති අපගේ නොසැලෙන කැපවීම සහ නවෝත්පාදනයන් සඳහා වූ අපගේ දැඩි ආශාව හා උනන්දුව පිළිබඳ සාක්ෂියක්. මෙම සාර්ථකත්වයට හේතු වූ අපගේ පාරිභෝගිකයින්ගේ නොසැලෙන විශ්වාසය සහ සහයෝගය වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමීමට කැමතියි.’’ යනුවෙනි.

තාක්ෂණික දියුණුව සඳහා මෙන්ම ගෘහ ඉලෙක්ට්‍රොනික උපකරණවල සීමා මායිම් ඉක්මවා යමින් පාරිභෝගිකයින් දිරිමත් කරන සහ සවිබල ගන්වන නිෂ්පාදන නිර්මාණය කිරීමට සැම්සුන් කැපවී සිටී. උසස්ම තත්වයේ සහ අතිනවීන විශේෂාංග සැපයීම සඳහා සැම්සුන් හි කැපවීම එම කර්මාන්තයේ ප‍්‍රමුඛයා ලෙස එහි ස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි. මෙම කැපවීම සඳහා උදාහරණයක් ලෙස ඔවුන් ශීතකරණ සහ රෙදි සෝදන යන්ත‍්‍ර සඳහා වන වගකීම වසර 20 දක්වා දීර්ඝ කිරීම පෙන්වා දිය හැකිය.

Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Sri Lanka to Host Leading...
ஆரம்பகால குழந்தைப் பருவ வளர்ச்சியை வலுப்படுத்தும்...
City of Dreams Celebrates One...
Huawei’s Advanced Antenna Technology Delivers...
Prime Group Brings Real Estate...
City of Dreams Celebrates One...
Huawei’s Advanced Antenna Technology Delivers...
Prime Group Brings Real Estate...
Atlas PlayPalz joins national ECD...