සිනහව සහ ඉතිරි කිරීම පෙරදැරිව සිඟිති ගිණුම් හිමියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් HNB, Singithi Day උත්කර්ෂවත් ලෙස සමරයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ලෝක ළමා දිනයට සමගාමීව 2023 ඔක්තෝබර් 21 වන දින දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක 36 කට ආරාධිත සිඟිති ගිණුම් හිමියන් 4,000කට වැඩි පිරිසක් කැඳවා උත්කර්ෂවත් ලෙස Singithi Day සහ ලෝක සකසුරුවම් දිනය සැමරුවේය.

සතුට, සිනහව හා උද්යෝගය පිරී ඉතිරී ගිය මෙම උත්සවය සියලූම වයස් කාණ්ඩවල HNB සිඟිති ගිණුම් හිමියන්ගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණි. ඔවුන් වෙනුවෙන් විනෝදජනක කී‍්‍රඩා සහ ක‍්‍රියාකාරකම් රැසක් පැවැත්වුණු අතර මෙදින සිඟිති ගිණුම් හිමියන්ට හා සහභාගීවූවන්ට හොඳ ඉතුරුම් පුරුදු ප‍්‍රවර්ධනය කළේය.

HNB විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, දිල්ශාන් රොද්‍රිගෝ, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking Group දමිත් පල්ලේවත්ත සහ HNB පාරිභෝගික බැංකුකරණ සමූහ – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ජේ විජේමාන්න යන මහත්වරුන් ඇතුළු බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ ප‍්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සව පැවැත්විණි.

මුහුණ පින්තාරු කිරීම (face-painting), සංගීත වැඩසටහන් හා ක‍්‍රියාකාරකම්, චිත‍්‍ර ඇඳීම, එළිමහන් ක‍්‍රීඩා ආදි විවිධ අංගවලින් රසවත් වූ මෙම උත්සවයේදී සහභාගී වූවන්ට කාටූන් චිත‍්‍රපට නැරඹීමට ද අවස්ථාව හිමි වූ අතර පැවැති විනෝද ක‍්‍රීඩා සහ ක‍්‍රියාකාරකම්වල ජයග‍්‍රාහකයින්ට වටිනා ත්‍යාග පිරිනැමීමට ද HNB කටයුතු කළේය.

 

2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය...
Prime සමූහය LMD වෙතින් මෙරට...
FACETS Sri Lanka 2027: ஒரு...
Shantha Bandara reappointed SLCPI President...
500 ட்ரோன்கள், முன்னணி கலைஞர்களின் இசை...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...