සුවිශේෂී නිවාස ණය පිරිනැමීම සඳහා HNB, Prime Group සමඟ ඇති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආයෝජකයින්ට සුවිශේෂී ගනුදෙනු සහ ප‍්‍රතිලාභ පිරිනැමීම සඳහා මෙරට දේපල වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන Prime Group (ප‍්‍රයිම් සමූහය) සමඟ ඇති සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් අලූත් කර ඇත.

මෙම හවුල්කාරිත්වය මගින් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන ප‍්‍රවර්ධන කාලසීමාව තුළ විශේෂ පොලී අනුපාත ඇතුළුව පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ රැසක් ලබා දෙනු ඇත. වෝඞ් පෙදෙසේ පිහිටි The Grand, උස්වැටකෙයියාව The Beachfront II සහ දෙහිවල Marine Drive හි 43 by the Sea 43 ඉහ එයැ ීැ් වැනි සුවිශේෂී ප‍්‍රයිම් රෙසිඩන්සීස් ව්‍යාපෘති ඇතුළුව ප‍්‍රයිම් සමූහයේ සියලූම දේපළ වෙනුවෙන් මෙම සුවිශේෂී දීමනාව පිරිනමනු ලබයි.

”ශ‍්‍රී ලංකාවේ පවතින වාතාවරණය තුළ ඔබේම නිවසක් තැනීම තරමක් අභියෝගාත්මක විය හැකියි. උද්ධමනය ඉහළ යාමට සමගාමීව ඉදිකිරීම් පිරිවැය ද ඉහළ යාම ඊට හේතුවක්. මොනයම් බාධාවක් මධ්‍යයේ වුවද HNB හි අපි සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම තමන්ගේම නිවසක් හිමිකර ගැනීමට ඔවුන්ව දිරිමත් කරනවා. එබැවින්, අපගේ ගනුදෙනුකරුවන්ට දැරිය හැකි මූල්‍ය විකල්ප සහ සුවිශේෂී සේවාවන් ලබාදීම සඳහා ප‍්‍රයිම් සමූහය සමඟ නැවත හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.” යනුවෙන් HNB සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික මූල්‍ය සේවා (PFS) කාංචන කරුණාගම මහතා පැවසුවේය.

HNB තම පාරිභෝගිකයන් වෙත ඉහළම වටිනාකම ලබාදෙමින්, ප‍්‍රවර්ධන කාල සීමාව තුළ විශේෂ පොලී අනුපාත පිරිනමයි. අනාගතයේදී තමන්ගේම නිවහනක හිමිකාරිත්වය ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින්ට අතේ ඇති මුදලට ගැලපෙන පහසු සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ විකල්ප භාවිත කළ හැකි අතර, HNB විසින් සපයනු ලබන නිවෙස් වෙතටම ගොස් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් වන උපදේශන සේවා සමඟින්, ඊට අවශ්‍ය නීතිමය ලියකියවිලි සඳහා සහාය වනු ඇත.

”ප‍්‍රයිම් සමූහය ලෙස අපගේ අරමුණ වන්නේ මෙවැනි අභියෝගාත්මක කාලවලදී ශ‍්‍රී ලාංකිකයින්ට ස්ථාවරත්වය සහ අවස්ථාවන් ලබා දෙමින් නිවාස හිමියන් බවට පත්වීමට උපකාර කිරීමයි. එබැවින්, අපගේ පාරිභෝගිකයින්ට උසස් සේවා සැපයීම සඳහා HNB සමඟ හවුල් වීමට ලැබීම සතුටට කරුණක්.” යනුවෙන් ප‍්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂ – ආයතනික කටයුතු නලින්ද හීනටිගල මහතා පැවසීය.

HNB සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික මූල්‍ය සේවා (PFS) කාංචන කරුණාගම (වමේ සිට හතරවැන්නා) සහ ප‍්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂ – ආයතනික කටයුතු, නලින්ද හීනටිගල යන මහත්වරුන් (වමේ සිට පස්වැන්නා) අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්. (වමේ සිට දකුණට) HNB ණය උපදේශක, රාජික නිශාන්ත, HNB කළමනාකරු – නිවාස සහ පුද්ගලික ණය, සම්පත් දොඩන්වෙල, HNB කළමනාකරු – පුද්ගලික මූල්‍ය සේවා (PFS), අසිත ප‍්‍රනාන්දු, ප‍්‍රයිම් සමූහයේ විධායක අධ්‍යක්ෂ, ශෙහානා බ‍්‍රාහ්මණගේ, ප‍්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂ – නීති, දිනූෂා ප‍්‍රනාන්දු, ප‍්‍රයිම් ලෑන්ඞ්ස් රෙසිඩන්සීස් පීඑල්සී හි විකුණුම් ප‍්‍රධානී, සුරංග පීරිස්, ප‍්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂ – මූල්‍ය, අනුර පතිරගේ, සහ ප‍්‍රයිම් ලෑන්ඞ්ස් රෙසිඩන්සීස් පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු – විකුණුම් සහ අලෙවිකරණය, තුවාන් හනිෆා යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ වෙයි.

 

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා 2026...
BYD සහ DENZA වාහනවලට පමණක්...
Bairaha Farms Wins NCE Gold,...
Capital Trust Properties’ Minoli Wickramasinghe...
2025இல் வலுவான வளர்ச்சிப் பாதையில் பயணிக்கும்...
NPCI International Strengthens UPI Merchant...
The Routes We Take Marks...
NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන්...
NPCI International Strengthens UPI Merchant...
The Routes We Take Marks...
NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන්...
இந்திய சுற்றுலாப் பயணிகள் எளிதாக பணம்...