සුව දිවිය පදනම සහ McKinsey ශ්‍රී ලංකා එක්ව පාසල් සඳහා වැඩමුලු සංවිධානය කරයි

Share

Share

Share

Share

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් යනු ජීවිතයේ පැවැත්ම හා දීර්ඝායුෂ ලැබීමේ ප්‍රධාන සාධකයයි. තෘප්තිමත් හා සමබර ජීවිතයක් සඳහා පදනම වන එය සෞඛ්‍යය හා යහපවැත්මේ සියලු සාධකයන් කෙරෙහි බෙහෙවින් බලපාන්නකි. ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවිත නඟා සිටුවීම සඳහා කැපවී කටයුතු කරන, දියවැඩියා රෝගයට එරෙහිව සටනක නිරත ලාභ නොලබන සංවිධානයක් වන සුව දිවිය පදනම විසින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත. එහි සුවිසල් පියවරක් ලෙස සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ වැඩමුලුවක් සංවිධානය කිරීම වෙනුවෙන් Young Leaders Sri Lanka සමඟ සුව දිවිය පදනම පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී.

විශේෂඥ වෛද්‍ය කයත්‍රි පෙරියසාමි විසින් මෙයෙවනු ලබන සුව දිවිය පදනම යනු දියවැඩියා රෝගය පිළිබඳ දැනුවත් කිරීම සහ දියවැඩියාව පාලනය ඉහළ නැංවීම සඳහා කැපවී කටයුතු කරන සෞඛ්‍ය සේවා වෘත්තිකයින්, අධ්‍යපානඥයින් සහ ස්වේච්ඡා සේවකයින්ගෙන් සැදුම්ලත් ජාලයක් ලෙසද සඳහන් කළ හැකිය. නිරන්තරයෙන් ශ්‍රී ලාංකේය ප්‍රජාව සවිබල ගැන්වීමේ ප්‍රයත්නයෙහි නියුතු සුව දිවිය පදනම McKinsey Sri Lanka සමඟ එක්ව පසුගිය මාසයේදී කොළඹ 10 විවේකාන්නද විද්‍යාලයේදී සහ කොළඹ 03 ශාන්ත තෝමස් පූර්ව පාසලේදී සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් උදෙසා වැඩමුලු සංවිධානය කරන ලදී. සුව දිවිය පදනම සමඟ එක්ව සිදු කළ මෙම වැඩසටහන Young Leaders Sri Lanka හි බෝ නොවන රෝග පිළිබඳ ව්‍යාපෘතියේ කාලෝචිත සමාජ සත්කාරයක් ලෙසද සඳහන් කළ හැකිය.

සහභාගී වූවන්ගේ ඉහළ ප්‍රතිචාර හිමිකරගත් එම වැඩමුලු තුළින් ඔවුන් වෙත ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනු ලැබුවේ දරුවන්ට ගැලපෙන ඉගෙනුම් උපකාරණ උපයෝගී කර ගනිමිනි. ඒ තුළින් සෞඛ්‍ය සම්පන්න හා සමබර ජීවන රටාවක සුවිශේෂී සාධකයන් පිළිබඳ ඔවුන්ට මනා අවබෝධයක් ලබා දීමට සුව දිවිය පදනම කටයුතු කර තිබිණ. ජනතාව තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම අරමුණු කොටගත් මෙම වැඩමුලුව තුළින් කුඩා කල සිටම සෞඛ්‍ය සම්පන්න පුරුදු දිරි ගැන්වීමේ වැදගත්කම හඳුනා ගනිමින් ඒවා දරුවන් වෙත කියා දීමට කටයුතු කරන ලදී. බෝ නොවන රෝගයන් ජීවිතයට එල්ල කරන බලපෑම පිළිබඳ වැඩි අවබෝධයක් ලබා දුන් එම වැඩමුලුවේදී එම රෝගී තත්වයන් පාලනය හා ජය ගැනීම සඳහා වන උපාය මාර්ගයන්ද ඉදිරිපත් කරන ලදී.

பிரதான 9 துறைகளில் சிறந்த திறமைகளை...
2026 ONE LOVE ரெகே நிகழ்ச்சி...
SWEDEN: A PUBLIC HEALTH BLUEPRINT...
ලංකා ටයිල්ස් නව ප්‍රදර්ශනාගාරය බොරැල්ලේදී...
LANKATILES Unveiled 60th Showroom, Elevating...
Prime Group අනුග්‍රහය යටතේ අරලියගහ...
Prime Group இனால் பிரதமரின் பாதுகாப்பு...
Prime Melwa Port City (Pvt)...
Prime Group අනුග්‍රහය යටතේ අරලියගහ...
Prime Group இனால் பிரதமரின் பாதுகாப்பு...
Prime Melwa Port City (Pvt)...
2026 One Love Reggae සංගීත...