සේවකයින්ගේ ශරීර හා මානසික සුවතාවය ශක්තිමත් කිරීම සඳහා HNB, ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

සේවකයින්ගේ සෞඛ්‍ය සහ ශරීර හා මානසික සුවතාවය සඳහා වන සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව One Galle Face Mall හි පිහිටි රෝහලේ විශේෂිත මධ්‍යස්ථානයෙන් සේවාවන් රැසක් සඳහා උපදේශන සේවා ලබා දීමට ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගත්තේය.

සිංහල දෙමළ හා ඉංග‍්‍රීසී යන භාෂා ත‍්‍රිත්වයෙන්ම ඉහළ සුදුසුකම් ලත් පළපුරුදු වෘත්තීයමය කණ්ඩායමක් විසින් ලබා දෙනු ලබන උපදේශන, මනෝවිද්‍යාව සහ භෞතචිකිත්සාව ඇතුළු පුළුල් පරාසයක විසිරුණු සේවාවන් සඳහා මෙම පහසුකම මඟින් උපදේශන සේවා ලබා දේ. HNB සහකාර සාමාන්‍යාධිකාරී, ඩිජිටල් ව්‍යාපාර, චම්මික වීරසිංහ සහ ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි යන මහත්වරුන් මෙම හවුල්කාරිත්වයට එළැඹීමේ උත්සවය සඳහා එක්ව සිටියහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB සහකාර සාමාන්‍යාධිකාරී, ඩිජිටල් ව්‍යාපාර, චම්මික වීරසිංහ මහතා පැවසුවේ ”විශේෂයෙන්ම පසුගිය කාලය පුරාවට අප මුහුණ දුන් දුෂ්කරතා සහ අභියෝග සැලකිල්ලට ගනිමින් අපගේ සේවකයින්ගේ සෞඛ්‍යය සහ සුබසාධනය සඳහා අපි පූර්ව පියවර ගනිමින් සිටිනවා. අපගේ සේවකයින්ට ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට මෙය වැදගත් පියවරක් බව අපි දැඩිව විශ්වාස කරනවා. අපගේ සේවකයින් වෙනුවෙන් මෙවැනි මුලපිරීමක් හඳුන්වා දීමට ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි සතුටු වනවා.’’ යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය මගින් සේවකයින්ට HNB හි Staff Hospitalization Entitlement (SHE) හි අරමුදල් භාවිතා කරමින්, සම්පූර්ණ උපදේශන සේවා හතරක සහ වෛද්‍ය ගාස්තුව නැවත ලබා ගැනීමට හැකියාව ලැබේ.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා පැවසුවේ ‘‘අනෙක් ආයතනවලට ආදර්ශයක් වෙමින් සේවකයින්ගේ සුවතාවය පිළිබඳව HNB හි ඇති කැපවීම ගැන අපි සතුටු වෙනවා. මෙම හවුල්කාරිත්වය මගින් ප‍්‍රමුඛ සමාගම් ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ යහපැවැත්මට ප‍්‍රමුඛත්වය ලබා දීමේ ඉහළයමින් පවතින ප‍්‍රවණතාව මැනවින් පෙන්නුම් කරනවා. පසුගිය වසර කිහිපය සෑම අයෙකුටම ඉතා අභියෝගාත්මක වුනා. සිය ආයතනික සේවකයින්ගේ යහපැවැත්මට සහාය වීමේ වැදගත්කම හඳුනන සංවිධානයක් සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අප ඉතා සතුටුයි.”

ලබා දෙනු ලබන පුළුල් පරාසයක විසිරුණු උපදේශන සේවාවලට සම්බන්ඳතා සහ විවාහ සම්බන්ධ ගැටළු, මූදල් සම්බන්ධ ගැටළු ඇතුළුව නින්ද පිළිබඳ ගැටළු, තරහ පාලනය පිළිබඳ ගැටළු වැනි මානසික ගැටලූ ද, දෙමාපියන්ට දරුවන් පිළිබඳ ඇති ගැටළු, මත්පැන් හා මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, ලිංගික ගැටළු වැනි රැකියාව හා පුද්ගලික ජීවිතය සමබරව පවත්වාගෙන යාමේදී ඇති වන ගැටළු සහ පරීක්ෂණ, පුද්ගලික දියුණුව සහ වෙනත් ගැටළු ආදී ප‍්‍රධාන අංශ ඇතුළත් වේ.

සෞඛ්‍ය සහ රූපලාවන්‍ය නිෂ්පාදන අන්තර්ජාලය...
மாதவிடாய் வறுமையை எதிர்த்துப் போராட இணைகிறது...
HNB Finance පසුගිය වසරට සාපේක්ෂව...
Uniting the Pulse of a...
TWC Capital Advises CBL Group...
ஐசிசி ஆடவர் T20 உலகக் கிண்ணத்தின்...
முதல் ஒன்பது மாதங்களில் 48.9 பில்லியன்...
Charcoal හි කොළඹ ආගමනය සමඟින්...
ஐசிசி ஆடவர் T20 உலகக் கிண்ணத்தின்...
முதல் ஒன்பது மாதங்களில் 48.9 பில்லியன்...
Charcoal හි කොළඹ ආගමනය සමඟින්...
හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන කමල්...