අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්

Share

Share

Share

Share

දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka එළැඹෙන අගෝස්තු 2 වන දින උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම අරමුණු කොටගත් සුවිශේෂී සංචාරක ගමනාන්තයක් ලෙස පෙන්වා දිය හැකි City of Dreams හි මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා ලොව පිළිගත් මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන් 100කට අධික සංඛ්‍යාවක් පිළිගැනීමට සැලසුම් කොට ඇත. මේ සඳහා ඉන්දියාව, ආසියාව හා ගල්ෆ් කලාපය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් රැසක්ද සහභාගී වීමට නියමිය.

2025 වසර අවසන් වන විට සංචාරකයින් මිලියන 3ක පමණ පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ “Seeing is Believing” යන ජාතික සංචාරක ව්‍යාපාරයේ දැක්මට අනුව මෙම ව්‍යාපෘතිය සිදු වෙයි. විශේෂයෙන් ගෝලීය නිර්මාණකරුවන් මෙරටට ගෙන්වා ගැනීම තුලින් මෙම සුවිශේෂී විවෘත කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ඔවුන්ගේ අදහස් පළකරනු ඇති අතර එය ලොව පුරා සිටින ජනතාව වෙත City of Dreams පිළිබඳ පණිවුඩය රැගෙන යනු ඇත. එසේම මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මෙරට විවිධත්වය, ශක්තිමත් බව හා අද්විතීය ස්වභාවික පාරිසරික සුන්දරත්වය නව්‍ය ආකාරයෙන් ඔවුන් වෙත ගෙන යාමට ද කටයුතු කරනු ලබයි.

මෙරට ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන එක් ක්ෂේත්‍රයක් ලෙස සංචාරක ව්‍යාපාරය සඳහන් කළ හැකිය. වසංගත තත්වයට පෙර මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 4.3%ක් සඳහා දායකත්වය දැක්වූ සංචාරක කර්මාන්තය ඍජු හා වක්‍ර රැකියා 400,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරමින් සිටී. 2019 වසරේදී සංචාරකයින් මිලියන 1.9ක් මෙරටට පැමිණි අතර ඒ තුළින් උපයා ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3.6 කි. 2024 වසරේදී සංචාරකයින් මිලියන 1.3කට වැඩි පිරිසක් මෙරටට පැමිණි අතර 2025 වසරේ මැද භාගය වන විට එම තත්වය තවදුරටත් ඉහළ යමින් පවතී. අද වන විට සංචාරක කර්මාන්තය සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින්නේ විදේශ විනිමය උපයා ගැනීම හා රටේ ආර්ථික දැක්ම නැවත පණ ගැන්වීම සඳහා ඇති මාර්ගවලින් එකක් ලෙස සංචාරක කර්මාන්තය ඔසවා තබමිනි.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් අතර හවුල්කාරීත්වයේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka සුඛෝපභෝගී කාමර 800කින් සමන්විත වන අතර ජාත්‍යන්තර තත්වයේ ක්‍රීඩා හා විනෝදාස්වාද පහසුකම්, සුපිරි වෙළෙදසැල්, විවිධ රසවත් හා ප්‍රණීත ආහාරපාන වර්ග සහ ව්‍යාපාරික උත්සව සහ සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩකඩ පහසුකම් ඇතුළු සුවිශේෂී පහසුකම් රැසක් ජනතාවට ලබා දීමටද සූදානම්ව සිටියි. තවද ඍජු හා වක්‍ර රැකියා 20,000කට අධික සංඛ්‍යාවක් මේ තුලින් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට කටයුතු කර ඇති City of Dreams Sri Lanka ජාත්‍යන්තර මට්ටමේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සහ ගෝලීය සුඛෝපභෝගී සංචාරක මෙන්ම MICE කාණ්ඩයේ විශිෂ්ටයකු ලෙස ශ්‍රී ලංකාව පත් කිරීමටත් අපේක්ෂා කරයි.

City of Dreams හි තවත් විශේෂත්වයක් වන්නේ එය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත දකුණු ආසියානු කලාපයටම සුවිසල් බලපෑමක් ඇති කරනු ලබන මෙන්ම එම කලාපයේ එවැනි පසුකම්වලින් සමන්විත පළමු හෝටල් සංකීර්ණය වීමයි. විශේෂයෙන් අසමසම සංචාරක, හෝටල් සහ ඒකාබද්ධ විනෝදාස්වාද අත්දැකීමක් ලබා ගැනීමේ නව මානයන් විවර කිරීමට සමත් ඇති City of Dreams මේ වන විටත් ගෝලීය පාරිභෝගික උනන්දුව ඉහළ නැංවීමට සමත්ව ඇත්තේ කලාපීය සහයෝගීතාව, සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා නව අවස්ථාවන් විවර කරමිනි.

මේ සියලු දේ සමඟින් ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇතැයි අපේක්ෂා කරන මෙම විවෘත කිරීමේ අවස්ථාවේදී තෝරා ගත් මාධ්‍ය නියෝජිතයින් පිරිසකට මෙම සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයේ විශේෂාංග, සජීවී විනෝදාස්වාද, සංස්කෘතිකමය අත්දැකීම්වලට අමතරව සේවාවන් පිළිබඳ විශේෂ මාධ්‍ය ප්‍රදර්ශනයක් ලබා දෙනු ඇත. එසේම මෙම ව්‍යාපෘතියෙහි නිර්මාණකරුවන් සමඟ ප්‍රජාව සම්බන්ධ වෙමින් සම්පූර්ණ හෝටල් සංකීර්ණය දැකබලා ගැනීමටත්, ගෝලීය ප්‍රේක්ෂකයින්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීමටත් මෙය කදිම අවස්ථාවක් වනු ඇත. සිල්ලටම වඩා City of Dreams ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලොවට සංකේතවත් කරනු ඇත.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...