අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය 2026 අයවැය පිලිගනි

Share

Share

Share

Share

2026 වසර සඳහා ඉදිරිපත් කල අයවැය යෝජනාවලිය පිලිගනිමින් අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිලිබඳව රජය විසින් ඉදිරිපත් කල යෝජනා ඒකබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ඇගයීමට ලක් කරමින් අපනයනය මුල් කර ගත් වර් ධනය, අයෝජන සඳහා පහසුකම් සැලසීම, සහ සාර් ව ආර් ථික ස්ථායිතාව වැනි කරුණු පිලිබඳව ද අවධානය යොමු කල යුතු බවට අවධාරණය කලේය. විදේශ විනිමය ඉපැයීමේ බාහිර අංශය සහ ආයෝජක විශ්වාසය දින ගැනීම සඳහා රජයේ අවධානය අයවැය තුලින් හිමි වීම පිලිබඳව ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රසාදය පළ කරන අතරම ඉක්මනින් කල යුතු ප්‍රතිසංස්කරණ සිදු කිරීම තුල ආර් ථිකයේ තිරසර බව පවත්වාගෙන යෑම පිලිබඳව ද ඒකාබද්ධ ඇඟලුම් සංසදය සිය මධ්‍ය නිවේදනය තුලින් පෙන්වා දී ඇත.

ඇඟලුම් ක්ෂේත්‍රය මෙරට කර් මාන්ත ක්ෂේත්‍රයේ විශාලතම අපනයනකරු වන අතර ඩිජිටල්කරණය, සහ වෙළෙඳ මගපෙන්වීම, වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම තුල මෙරට කාර් මික අපනයන ක්ෂේත්‍රය සඳහා නව ආයෝජන ළඟා කර ගත හැකි බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය කියා සිටී.

සරල කරන ලද වැට්බදු ක්‍රමය අහෝසි වීම තුල ඒයින් ඇති කෙරෙන බලපෑම සමනය කිරීම සඳහා දේශීය ආදායම් දේපාර් තමේන්තුව සඳහා සිදු කල යුතු ප්‍රතිසංස්කරණ, RAMIS 3.0 හඳුන්වා දීම, විද්යුත් ලදුපත් ක්‍රමය හඳුන්වාදීම, වැනි වෙනස්කම් ඉතා ඉක්මනින් සිදු විය යුතු බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසා සිටී. කෙසේ වෙතත් අපනයනාභිමුඛ ආර් ථිකයක් කරා යෑමේ රජයේ අවංක උත්සාහය ඵල ගැන්වීමට නම් ඉහතින් සඳහන් කල ප්‍රතිසංස්කරණයන් නොපමාව සිදු කල යුතු බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අදහස වී තිබේ.

මේ පිලිබඳව අදහස් දක්වන ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසුවේ “ 2026 අයවැය මගින් අපනයන මත පදනම් වූ ආර් ථිකයක් වෙත යෑමේ ගමන දිරි ගන්වන සංඥාවන් පවතින නමුත් මේ සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අපහැදිලි බැවින් අවසාන අරමුණු මුදුන් පමුනුවා ගැනීම නිසැක වශයෙන්ම අපහසු විය හැකියි. ඇඟලුම් ක්ෂේත්‍රය දැඩි ගෝලීය තරගකාරී වෙළෙඳපොලක් මත ක්‍රියාත්මක වන බැවින් සිදු වින කුඩා හෝ අතපසුවීමක් ක්සේත්‍රයට දැවැන්ත පාඩුවක් සහ බලපෑමක් සිදු කල හැකියි. මෙහි අවසන් බලපෑම ලක්ස සංඛ්‍යාත පිරිසකගේ රැකියා සහ ජීවනෝපාය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කල හැකියි. ඒබැවින් අපි බලධාරීන්ට කියා සිටින්නේ වහා සිදු කල යුතු ආර් ථික ප්‍රතිසංස්කරණයන් ගැන පුද්ගලික අංශය සමග වඩාත් සධනීය සාකච්ඡාවක් ආරම්භ කල යුතු බවයි.

இலங்கை நுரையீரல் நிபுணர்கள் கல்லூரியின் ‘RESPIRE...
Lina මැනුෆැක්චරින්,ශ්‍රී ලංකා ශ්වසන රෝග...
2026 சர்வதேச மகளிர் தினத்தை ஒட்டி...
Lina Manufacturing supports SL College...
Sampath Bank and Apartner Bring...
How Samsung’s Hospitality TV Series...
HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
How Samsung’s Hospitality TV Series...
HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...