ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් කීර්තිමත් COVID -19 Resilience සම්මානයෙන් පිදුම් ලබයි

Share

Share

Share

Share

සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් නවලෝක හෝල්ඩිංග්ස් හි සභාපති සහ කොළඹ සිංගප්පූරු ජනරජයේ ගෞරවනීය කොන්සියුලර් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත පසුගිය දිනකදී COVID-19 Resilience සම්මානය (COVID-19 Resilience Award) ප‍්‍රදානය කරන ලදී. සිය විශිෂ්ට සේවාව වෙනුවෙන් ධර්මදාස මහතාව ජාත්‍යන්තර ආයතනයක් විසින් ඇගයීමට ලක්වීම රටක් වශයෙන් අප තෘප්තිමත් විය යුතු සුවිශේෂී සංධිස්ථානයකි.

සිංගප්පූරුවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් පිරිනමනු ලබන COVID-19 Resilience සම්මානය, COVID-19 වසංගතයට එරෙහි සටනේදී පුද්ගලයින්ගේ කැපවීම, නොපසුබට සහය සහ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පිරිනමන ගෞරව ඇගයීමකි. මෙම සම්මානය 2023 ඔක්තෝබර් 12 වන දින ටාජ් සමුද්‍රා හෝටලයේදී අධ්‍යාපන හා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය එම්. මලිකි ඔස්මාන් විසින් ආචාර්ය ධර්මදාස මහතා වෙත පිරිනමන ලදී.

වසංගත තත්වය තුළ සිංගප්පූරු පුරවැසියන්ට අත්‍යවශ්‍ය කොන්සියුලර් සහය ලබා දීමේදී ධර්මදාස මහතා දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය. සිංගප්පූරු පුරවැසියන් 40කට වැඩි පිරිසකට සහ ඔවුන්ගේ පවුල්වල අයට ආරක්ෂිතව ආපසු පැමිණීමට මෙතුමා උපකාර කළ අතර, ඔවුන්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා එතුමාගේ දැඩි කැපවීම පෙන්නුම් කළේය.

මෙම ගෞරවනීය ඇගයුම පිළිබඳව සිය කෘතඥතාව පළ කළ ධර්මදාස මහතා, ”අර්බුදකාරී අවස්ථා වලදී, මානව දයාව සහ එකමුතුකම පෙරටුකර ගනිමින් අපි අපගේ වගකීමකට එහාගිය යුතුකම් ඉටුකිරීමට නොපසුඹටව කැපවෙනවා. COVID-19 ට එරෙහි සිංගප්පූරුවේ අඛණ්ඩ සටනේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මම ඉතා සතුටු වන අතර මෙවැනි ඇගයීම්, තව තවත් ජනතාව වෙනුවෙන් ඇප කැපවීමට මාව දිරිමත් කරනවා.” යනුවෙන් ප‍්‍රකාශ කරන ලදි.

 

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...