ඉමිහිරි රසයක් සමඟින් නැවුම් අත්දැකීමක් ගෙන එමින් City of Dreams Sri Lanka, NÜWA හිදී “The Grand Pâtisserie Affair” දියත් කරයි

Share

Share

Share

Share

කොළඹ නගරයේ සුන්දරත්වයෙන් හා පහසුකම්වලින් පරිපූර්ණ City of Dreams Sri Lanka සිය නවතම සංග්‍රහ අත්දැකීම වන The Grand Pâtisserie Affair පසුගියදා එළිදක්වන ලදී. NÜWA හි The Crystal Lounge හිදී එළිදක්වනු ලැබූ මෙම සුවිශේෂී යසටය high tea buffet අත්දැකීම සංචාරක කර්මාන්තය වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබූ නවීනත්වය මුසු කළ සංග්‍රහයක් ලෙස පෙන්වා දිය හැකිය.

 

පසුගිය නොවැම්බර් 08 වන සෙනසුරාදා දින ආරම්භ කරනු ලැබූ මෙම විශේෂ සංග්‍රහය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකම සවස 3.00 සිට 6.00 දක්වා සංවිධානය කිරීමට City of Dreams Sri Lanka කටයුතු යොදා ඇත. එහිදී අතින් සාදන ලද පේස්ටි්‍ර වර්ග ඇතුළු රසවත් කෑම වර්ග රැසකගෙන් සැදුම්ලත් බුෆේ සංග්‍රහයක් අත්විඳීමේ අවස්ථාව උදාකරගත හැකිය.

තවද මෙම සුවිශේෂී තේ පැන් සංග්‍රහය වෙනුවෙන් එක්වන සියලු පාරිභෝගිකයින් හට අලංකාර දර්ශනයන් නෙත් අභියසට එක් කරන The Crystal Lounge හි චමත්කාරය රස විඳීමටද හැකි වේ. ඒ සියලු දේ සමඟින් සතුටින් පිරුණු high tea buffet අත්දැකීමක් ලබා ගැනීමට මෙන්ම NÜWA හි සැබෑ සුඛෝපභෝගී සේවාවන් අත්විඳිමින් සැබෑ යුරෝපීය ජීවන අත්දැකීමක් ජීවිතයට එක් කර ගැනීමටද මේ තුලින් හැකියාව උදා වනු ඇත.

නිරන්තරයෙන් සංචාරක කර්මාන්තය වෙත නවතම හඳුන්වාදීම් තුලින් කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් කැපවන City of Dreams Sri Lanka මෙම සුවිශේෂී සංග්‍රහය සඳහා එක් අයෙකුට අයකරනු ලබන්නේ රු.5000 ක් පමණි. එය පාරිභෝගිකයින්ට තවත් වාසියක් වනු ඇති අතර ඉතා අවම මිලකට NÜWA හි සුඛෝපභෝගී සේවාව අත්විඳීමට මෙන්ම ඊට අනන්‍ය වූ රසවත් ආහාර වර්ග, පේස්ටි්‍ර ඇතුලු බොහෝ දේ සමඟින් රසවත් තේ සංග්‍රහයක් භුක්ති විඳීමට ඔවුන්ට හැකි වනු ඇත.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳ අදහස් දැක්වූ City of Dreams Sri Lanka හි ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ ‘’කලාත්මක බවින් හා නව්‍යකරණ දැක්මකින් යුත් The Grand Pâtisserie Affair, ශ්‍රී ලාංකේය තේ කලාව තව දුරටත් ඉදිරියට ගෙන යමින් සුවහසක් පාරිභෝගිකයින් වෙත රසවත් අත්දැකීමක් උරුම කර දීමට සමත් වනවා ”යනුවෙනි.

City of Dreams Sri Lanka හි 25 වැනි මහලේ පිහිටා ඇති Crystal Lounge හිදී රස විඳිය හැකි මෙම අසමසම අත්දැකීමට ඈතින් දිස්වන අලංකාර දර්ශනයන් තවත් ඉමහත් වටිනාකමක් එක් කරනු නිසැකය. අති දක්ෂ සූපවේදීන්ගේ සුරතින් සුසැදි විවිධ කැවිලි හා කෑම වර්ගයන් ඔබේ මුවග රස කරන විට නෙත ගැටෙන අවට දර්ශනයක් ඔබේ මනසට සැබෑ සුවයක් එක් කරනු නිසැකය.

ඔබේ නෑ හිත මිතුරන් වෙනුවෙන් මෙවන් සුවිශේෂී The Grand Pâtisserie Affair තේ පැන් සංග්‍රහයක් සංවිධානය කරගැනීමේ හැකියාව දැන් ඔබ සතුය. ඒ සඳහා වන විමසීම් සඳහා +94 76 136 5759 අමතන්න. නැත්නම් ඉන්ස්ටර්ග්‍රෑම් හෝ ෆේස්බුක්හි @cityofdreams_sl වෙත පිවිසෙන්න.

South Africa Builds New National...
දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත...
தெற்காசியாவின் முதல் ரெகே இசை நிகழ்ச்சியான...
Sunshine Holdings marks World Diabetes...
‘Unmask Diabetes 2025’ மூலம் உலக...
அன்பும், அர்த்தமும் நிறைந்த பண்டிகைக் கால...
Sophos மற்றும் Sinetcom இடையேயான கூட்டாண்மையுடன்...
සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා...
அன்பும், அர்த்தமும் நிறைந்த பண்டிகைக் கால...
Sophos மற்றும் Sinetcom இடையேயான கூட்டாண்மையுடன்...
සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා...
සැබෑ නිර්මාණයක් හා AI නිර්මාණයක්...