උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින් HNB FINANCE PLC නෙල්ලිඅඩි ශාඛාව නව නිවහනකට පිවිසෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE PLC සමාගම, උතුරු පළාතේ ඉහළ යමින් පවතින මූල්‍ය සේවා ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින් සහ පාරිභෝගික ප්‍රවේශය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සිය නෙල්ලිඅඩි ශාඛාව අංක 216/1, යාපනය පාර, නෙල්ලිඅඩි යන නව ස්ථානය වෙත ගෙන ගෙන යන ලදි.

HNB FINANCE සමාගම හඳුන්වා දී ඇති ප්‍රමුඛ සේවාවන් අතර වන රන්ණය, ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම්, ක්ෂුද්‍රමූල්‍ය ණය, ආදී සේවාවන් සියල්ල නෙල්ලිඅඩි ශාඛාව මගින්ද පාරිභෝගික ජනතාව වෙත ලබාදෙන අතර විවිධ පුද්ගල අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සැලසුම් කර ඇති Gold Plan සහ VIP Gold Loan වැනි රන් ණය පහසුකම් මඟින් ඉක්මන් මූල්‍ය ප්‍රවේශයක් මෙන්ම වාරික වශයෙන් ගෙවිය හැකි නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම ද පාරිභෝගිකයන්ට හිමි වේ.

නගර මධ්‍යයේ පිහිටි නව ගොඩනැගිලි පරිශ්‍රයකට ගෙනයන ලද HNB FINANCE නෙල්ලිඅඩි ශාඛාව HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව නියෝජිතයන් සම්භාවනීය ආරාධිතයන්ගේ සහ ගනුදෙනුකාර භවතුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

අභිනව නෙල්ලිඅඩි ශාඛා පරිශ්‍රයට ගෙවදින සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “නෙල්ලිඅඩි ශාඛාව නව නිවහනකට පිවිසීමේ අවස්ථාවට සහභාගී වීම පිලිබඳව පලමුව මගේ ප්‍රණාමය රැස්ව සිටින සියලු දෙනා වෙත පළ කරනවා. වසර 26 කට පෙර ඇරඹි මෙම සමාගම මේ වන විට ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් බවට පත් ව තිබෙන අතර නව ස්ථානයේ පිහිටි නෙල්ලිඅඩි ශාඛාව හරහා පාරිභෝගික අත්දැකීම ඉහළ නැංවීමටත්, පුළුල් පරාසයක විහිදුනු මූල්‍ය විසඳුම් සඳහා ඇති ප්‍රවේශය තවදුරටත් වැඩිදියුණු කිරීමටත් අපි අපේක්ෂා කරනවා. උසස් තත්ත්වයේ මූල්‍ය සේවා සපයන අතරම, අපගේ පාරිභෝගිකයන් සමඟ ශක්තිමත් සහ පුද්ගලික අවශ්‍යතා හඳුනාගත් දිගුකාලීන සබඳතා ගොඩනැගීමට අපි දැඩිව කැපවී සිටිනවා. නෙල්ලිඅඩි ශාඛාව පාරිභෝගික තෘප්තිය, සහ උතුරු පළාතේ ප්‍රජාවන්ගේ ආ¾ථික සංව¾ධනය වෙනුවෙන් HNB FINANCE දක්වන අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරනවා.” යනුවෙන් පැවසීය.

First Capital, சந்தை ஏற்ற இறக்கங்களுக்கு...
MAS, 2026 අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා...
Gather Around the Table: Hot...
යතුරුපැදි ධාවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් Hayleys...
முற்பணங்களில் 224 பில்லியன் ரூபா அதிகரிப்புடன்...
2026 இன் இலங்கையின் மிக மதிப்புமிக்க...
வார இறுதி விடுமுறையை மறக்கமுடியாத நினைவுகளாக...
Huawei மற்றும் HP Inc. இடையே...
2026 இன் இலங்கையின் மிக மதிப்புமிக்க...
வார இறுதி விடுமுறையை மறக்கமுடியாத நினைவுகளாக...
Huawei மற்றும் HP Inc. இடையே...
විවේකය සතුටින් ගෙවන හැටි TikTok...