එක්සත් ජනපද අපනයනයන් සඳහා 20%ක තීරුබදු සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයට ස්තුතිය පල කරයි

Share

Share

Share

Share

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලාංකේය අපනයනයන් වෙත පනවා තිබූ විශාල අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම ඒ සඳහා කටයුතු කළ සියලු දෙනාට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය සිය ස්තුතිය පල කර සිටියි. මෙරට පොල් නිෂ්පාදන ආනයනය සිදු කරන විශාලතම අපනයන වෙළෙඳපොල වෙනුවෙන් අත්කර ගනු ලැබූ මෙම ජයග්‍රහණය කර්මාන්තයේ පැවැත්ම සඳහා සුවිසල් පිටිවහලක් වනු නිසැකය. එසේම මෙම බදු ප්‍රතිශතය අඩුවීම හේතුවෙන් ඉන්දුනීසියාව, වියට්නාමය සහ පිලිපීනය වැනි කලාපයේ ප්‍රමුඛ රටවල් සමඟ තරඟකාරීව කටයුතු කිරීමටද හැකියාව උදා වේ. එම රටවල් ශ්‍රී ලංකාවට වඩා 1%ක සුළු බදු අනුපාතයක් අඩු කරගනිමින් අපනයන වෙළෙඳපොලට එක්ව සිටියි.

ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් නිවේදනය කරනු ලැබූ මූලික තීරුබදු පැනවීමේ සිට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නායකත්වය යටතේ විද්වත් කණ්ඩායමක් විසින් සිය තිරසාර හා උපාය මාර්ගික උත්සාහයන් තුළින් බදු ප්‍රතිශතය අවම කර ගැනීමට සියලු උත්සාහයන් යොදවන ලදී. ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට වඩා සාධාරණ හා තරඟකාරී වෙළෙඳ පරිසරයක් දායාද කිරීම සඳහා ඔවුන් දැක්වූ කැපවීම පිළිබඳවද මෙහිදී ලංකා පොල් කර්මාන්ත මණ්ඩල ප්‍රශංසාව පළ කර සිටියේය.

සංශෝධනය කරන ලද මෙම තීරු බදු හේතුවෙන් ඉහළ වටිනාකමක් සහිත එක්සත් ජනපද වෙළෙඳපොල වෙත මෙරට පොල් අපනයනකරුවන්ට ප්‍රවේශ වීමේ හැකියාව තවදුරටත් ආරක්ෂා වන අතර කලාපීය තරඟකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමේ අවස්ථාවද උදා වේ.

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය, අමුද්‍රව්‍ය හිඟය සහ දේශගුණික විපර්යාස වැනි විවිධ අභියෝග මධ්‍යයේ වුව ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත. අපනයන සංවර්ධන මණ්ඩලයේ නවතම වාර්තාවන්ට අනුව 2025 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ඇමරිකනු ඩොලර් මිලියන 537ක අපනයනයන් සිදු කර ඇත. එය 32%ක වාර්ෂික වර්ධනයක් වන අතර ඒ තුලින් මුළු වෙළෙඳ භාණ්ඩ අපනයනය සඳහා 8%ක දායකත්වයක් ලබා දී ඇත. මෙම වසරේදී අදාල අංශය ඇමරිකානු ඩොලර් බිලියන 1ක සංධිස්ථානය ඉක්මවා යාමේ මාවතට පිවිසෙමින් මෙරට ප්‍රධාන ආදායම් උපයන්නනෙකු ලෙස සිට හැකියාවන් නැවත නැවතත් තහවුරු කරමිනි සිටියි.

කෙසේ වුවද ඉහළ පරිමාවන්ට වඩා ඉහළ වෙළෙඳපොල මිල ගණන් මඟින් මෙම වර්ධනය මෙහෙයවනු ලබන බව අවබෝධ කර ගැනීම වඩාත් වදගත් වේ. තරඟකාරී රටවල් වඩාත් ඉක්මණින් සාමාන්‍ය තත්වයට පත් වීම ආරම්භ කරන විට සිය තරඟකාරී තත්වය පවත්වා ගැනීම සඳහා දේශීය සැපයුම් සීමාවන් පිළිබඳ ගැටලු හැකි ඉක්මණින් විසඳා ගැනීමට ශ්‍රි ලංකාව කටයුතු කළ යුතුය.

ඒ වෙනුවෙන් අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා සහයෝගය ලබා දෙමින් කෙටි, මධ්‍ය හා දිගු කාලීන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි. පොල් වගාවන්ගෙන් 85%ක් පමණ වන කුඩා පොල් වතු හිමියන්ට දැරිය හැකි මිලකට පොහොර, කෘෂිකාර්මික මෙවලම් හා රෝපණ ද්‍රව්‍ය ලබා දීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔවුන් පෙන්වා දෙයි. එසේම දිගු කාලීන සැපයුම් ස්ථාවර බව සහතික කිරීම සඳහා රාජ්‍ය – පෞද්ගලික සහයෝගීතාවයෙන් වගා කරන ලද ප්‍රදේශය තවදුරටත් පුළුල් කිරීමද ඉතා වැදගත් වනු ඇත.

ස්ථාවර හා දැරිය හැකි දේශීය පොල් සැපයුමකින් දේශීය පාරිභෝගිකයාට සහ අපනයන අංශයට වැඩි ප්‍රතිලාභයක් අත්කර දීමට හැකි වන අතර එය ජීවනෝපාය ශක්තිමත් කිරීම, ග්‍රාමීය සංවර්ධනය ඉහළ නැංවීම සහ විදේශ විනිමය ආදායම් ඉහළ නැංවීමටද බෙහෙවින් ඉවහල් වනු ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ බදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා සම්බන්ධ වූ සියලු කොටස්කරුවන්ට නැවත නැවතත් සිය ස්තුතිය පල කර සිටින ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ඊට අදාල සීමාවන් තව දුරටත් අඩු කිරීම හෝ නිදහස් කිරීම සඳහා රජය විසින් සිදු කරන සාකච්ඡා සම්බන්ධයෙන් සිය සුභ පැතුම් එක් කර සිටියි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ අඛණ්ඩව වර්ධනය වෙනුවෙන් සිය පූර්ණ කැපවීම සහතික කිරීමටද ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය කටයුතු කර ඇත.
අවසාන වශයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කිරීම පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයාටත්, ජනතාවටත් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය සිය කෘතඥතාව පළ කර සිටියි.

 

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...