ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කර ගැනීමට දිරි දෙමින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය ජූලි මසදී විවෘත වේ

Share

Share

Share

Share

අනාගත ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම රාජ්‍ය – පුද්ගලික සහයෝගීතාවය වන MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය පිහිටුවීම සඳහා MAS Holdings වෙත පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය. ඒ අනුව එම සුවිශේෂී ව්‍යාපෘතිය එළඹෙන ජූලි මාසයේදී දියත් කිරීමට නියමිතය.

 

රුපියල් මිලියන 550ක සුවිසල් ආයෝජනයක් වන මෙම පුහුණු ඇකඩමිය තුළින් 2028 වසරේ ලොස් ඇන්ජලීස්හි මෙන්ම 2032 වසරේ බි්‍රස්බේන්හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරඟාවලි නියෝජනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම, සංවර්ධනය හා සහයෝගය ලබා දීමට නියමිතය. වසර 8ක කාලයක් පුරා ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම පුහුණු ඇකඩමිය තුළින් ඉලක්කගත පුහුණුව, ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩා උපකරණ, ජාත්‍යන්තර අවස්ථා, පෝෂණ හා අධ්‍යාපන සහාය ලබා දීමට අදහස් කර ඇති අතර මලල ක්‍රීඩකයින්ට හා ඔවුන්ගේ පුහුණු කරුවන් වෙත අවශ්‍ය අරමුදල් හා උපකරණ ඍජුවම සපයා දීමටද නියමිතය.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ MAS Holdings හි සම නිර්මාතෘ සහ සභාපති මහේෂ් අමලියන් මහතා “වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට හිමි වූ ඔලිම්පික් පදක්කම් සියල්ල දිනා ගනු ලැබුවේ මලල ක්‍රීඩා ඉසව් තුළිනි. ඒ සඳහා අපට හැකියාවන් පැවතියත් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ග්‍රාමීය ප්‍රදේශයන්ගෙන් පැමිණෙන නිසා ඔවුන් වෙත ලැබෙන සහයෝගය ඉතා සීමිතයි. මෙරට මලල ක්‍රීඩාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන අප ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් වඩා ඵලදායී ආයෝජනයක් කිරීමට කටයුතු කළා. මේ තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමට මෙන්ම ගෝලීය වශයෙන් ඔවුන්ගේ උපරිම දස්කම් ප්‍රදර්ශනය කිරීම සඳහා සූදානම් කිරීමට හා ජයග්‍රහණයන් වෙනුවෙන් අවශ්‍ය මඟ පෙන්වීම හා පුහුණුව ලබා දීමට අපි බලාපොරොත්තු වනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

 

අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩකයින්ගේ සංගමය සමඟින් එක්ව ආරම්භ කිරීමට නියමිත MAS මලල ක්‍රීඩා ඇකඩමිය තුළින් දක්ෂ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගනිමින් ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා සුවිසල් ක්‍රියාවලියක් දියත් කිරීමට කටයුතු යොදා ඇත. එසේම විශේෂිත පරීක්ෂණ හා තෝරා ගැනීමේ කඳවුරු හරහා විශිෂ්ට දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමද මෙහිදී සිදු වේ. තවද මෙහි ප්‍රතිලාභී මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ඔවුන්ගේ මලල ක්‍රීඩා වෘත්තීන් හරහා, අරමුදල්, උපකරණ, අධ්‍යපාන සහයෝගය, පෝෂණ අතිරේක, පුහුණු ගාස්තු සහ ජාත්‍යන්තර පුහුණුව හා අවස්ථාවන් ලබා දීමද මෙහි අරමුණක් වී ඇත.

 

2024 මැයි මසදී පවත්වනු ලැබූ සමස්ත ලංකා පාසල් තරඟාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට අධික ප්‍රමාණයක් ඇගයීමට ලක් කළ අතර ඉන් තෝරා ගනු ලැබූ ක්‍රීඩිකාවන් 24ක් හා ක්‍රීඩකයින් 32ක් සමඟින් 56 ක සංචිතයක් මෙම ඇකඩමියෙහි පළමු කණ්ඩායම ලෙස තෝරාගෙන ඇත. රට පුරා පළාත් 9 ම නියෝජනය වන පරිදි කෙටි, මධ්‍ය හා දිගු දුර ධාවන ඉසව් මෙන්ම වෙනත් විවිධ ඉසව් තුළින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගනු ලැබීය. මෙම පුහුණු ඇකඩමියේදී අති නවීන ඩිජිටල් යෙදුමක් (app) භාවිතයෙන් ඔවුන්ගේ දක්ෂතාවයන් හා පුහුණු ප්‍රමිතීන් නිරීක්ෂණය කරනු ඇත.

 

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ සභාපතිනි ශ්‍රියාණි කුලවංශ මහත්මිය “ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මලල ක්‍රීඩාව තුළින් විශිෂ්ට දක්ෂාතා දැක්වීමේ හැකියාව තිබෙනවා. පසුගිය කාලය තුළ මූලික පුහුණුවීම් තුළින් පමණක් විශිෂ්ට ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමට අපගේ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. මෙම ඇකඩමිය අපගේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතා වටිනා අවස්ථාවක් වනු නිසැකයි. ඒ තුළින් නවීන පුහුණු තාක්ෂණය හා සහයෝගය සමඟින් විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ලොවට දායාද කිරීමේ හැකියාව අපට තිබෙනවා. හිටපු ඔලිම්පික් ක්‍රීඩිකාවක් ලෙස හෙට දවසේ ශූරයින්ගේ අභිවෘද්ධිය අරමුණු කොට ගත් මෙම ඇකඩමිය වෙනුවෙන් මගේ සහයෝගය ලබා දීමට ලැබීම පිළිබඳව ඉතා සතුටුයි. ඔලිම්පික් සිහිනය සැබෑ කරවනු වස් ක්‍රීඩාව පිළිබඳ ජාතියේ බලාපොරොත්තු ඉහළ නැංවීමට කටයුතු කිරීම පිළිබඳව MAS Holdings ආයතනයට මාගේ හෘදයාංගම ස්තුතිය මේ මොහොතේ පුද කිරීමට කැමතියි.” යනුවෙනි.

கண்டி நகரில் நவீன விருந்தோம்பல் சேவையின்...
Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...