කොකා-කෝලා පදනම සහ හේලීස් වැවිලි සමාගම එක්ව ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ පළමු පුනර්ජනනීය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

Share

Share

Share

Share

SWYFT ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුන්‍ය විමෝචන අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී.

කොකා-කෝලා පදනමේ (TCCF) මූල්‍ය දායකත්වයෙන් නිර්මාණය වන මෙම ව්‍යාපෘතිය Janathakshan මගින් ක්‍රියාත්මක කරනු ලබයි. තලවකැලේ වතු සමාගම සමඟ එක්ව මෙහි ප්‍රතිචක්‍රීයකරණ සහකරු ලෙස Neptune Recyclers ආයතනය කටයුතු කරනු ලබයි.

ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනය නිමිති කර ගනිමින් ‘අපද්‍රව්‍ය සම්පතක් බවට පත් කිරීම’ යන තේමාව යටතේ මෙම Somerset ECO අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරන ලදී.

බේලර් යන්ත්‍ර, ඉලෙක්ටි්‍රක් බයික් සහ ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථවලින් සමන්විත මෙම මධ්‍යස්ථානය මෙහෙයවනු ලබන්නේ කාන්තාවන් විසිනි. වතු ප්‍රජාවේ තරුණ තරුණියන්ට සහ කාන්තාවන්ට රැකියා අවස්ථාවන් හිමි කර දෙන එය වතු ක්ෂේත්‍රයේ අපද්‍රව්‍ය කළමනාකරණය සදහා ඇති ප්‍රථම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මෙහෙයවනු ලබයි. ඒ තුලින් අපද්‍රව්‍ය ක්‍රමවත් ආකාරයෙන් එකතු කිරීම, අපද්‍රව්‍ය වෙන් කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය ඉහළ නංවමින් චක්‍රීය ආර්ථිකයක් ශක්තිමත් කිරීම සිදු වේ.

හේලීස් වැවිලි සමාගමට අයත් තලවකැලේ වතු සමාගම මඟින් පාලනය වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ නානු ඔය ප්‍රදේශයේ පිහිටා ඇති සමර්සෙට් වතු යාය පරිසර හිතකාමී, උසස් තත්වයේ තේ නිෂ්පාදනය කරනු ලබන වතු යායක් ලෙස ප්‍රසිද්ධය. හෙක්ටයාර 456.14ක භූමි භාගයක් පුරා විසිරී ඇති සමස්ත වතු යායේ හෙක්ටයාර 324.38ක ප්‍රදේශයක තේ වගා කොට ඇත. මෙම වතු යායේ සියලු කටයුතු සඳහා ජල විදුලිය භාවිත කරන අතර එමඟින් බලශක්ති පිරිවැය සහ කාබන් විමෝචනය අවම කිරීමට එයට හැකි වී තිබේ. 2024/25 වසරේදී ජාතික විදුලිය බල පද්ධතියට ඒකක 3,940,449ක විදුලි දායකත්වයක් ලබා දීමට සමර්සෙට් වතු යාය සමත්ව ඇත්තේ පෙර වසර සාපේක්ෂා ඒකක 515,109ක වර්ධනයක්ද සනිටුහන් කරමිනි.

මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් නුවරඑළිය නගරාධිපතිතුමා, ප්‍රාදේශීය සභා සභාපතිතුමා සමඟින් කොකා-කෝලා බෙවරේජස්, තලවකැලේ වතු සමාගම, Janathakshan, Neptune Recyclers යන ආයතනවල නියෝජිතයින් මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව සිටියේය.

මේ වන විට ශ්‍රී ලංකාවේ අවිධිමත් අපද්‍රව්‍ය කළමනාකරණ අංශය තුළ කාන්තා සහ තරුණ සහභාගීත්වය ශක්තිමත් කිරීමේ (SWYFT) ව්‍යාපෘතිය යටතේ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථාන පහක් ස්ථාපිත කර ඇත. මෙය දේශීය අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීමටත්, ප්‍රතිචක්‍රීයකරණ යටිතල පහසුකම් නැංවීමටත් මෙන්ම කාන්තාවන් සහ තරුණ තරුණියන් සඳහා තිරසාර ජීවනෝපායන් නිර්මාණය කිරීමටත් ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉහළ...
இலங்கையில் மருந்து உற்பத்தியை வலுப்படுத்துவதற்கு கைகோர்க்கும்...
கல்வி மற்றும் சுகாதாரத் துறையில் புதிய...
உணவு மேசையில் குடும்பங்களை ஒன்றிணைக்கும்‘TikTok அப்பா’
Mahindra Ideal Finance කොළඹ ප්‍රධාන...
Xiaomi 17T அறிமுகத்துடன், Xiaomi இன்...
காலி நகரின் பிரம்மாண்டமான கொண்டாட்டங்களுக்கான புதிய...
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி...
Xiaomi 17T அறிமுகத்துடன், Xiaomi இன்...
காலி நகரின் பிரம்மாண்டமான கொண்டாட்டங்களுக்கான புதிய...
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி...
Perituza engages Sri Lanka’s agency...