ජනශක්ති ලයිෆ් මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය සනිටුහන් කරමින් CA Sri Lanka TAGS Awards 2025 හිදී රන් සම්මානයකින් පිදුම් ලබයි

Share

Share

Share

Share

මූල්‍ය සේවා කාණ්ඩයේ ආයතනික පාලනයේ විශිෂ්ටත්වය වෙනුවෙනුත් ඇගයීමට ලක් වේ.
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමය වන Janashakthi Life, පසුගියදා පැවති TAGS සම්මාන උළෙලේදී Gross Written Premium වටිනාකම රු. බිලියන 10 දක්වා වන රක්ෂණ සමාගම් කාණ්ඩයේ රන් සම්මානය හිමි කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ආයතනික වාර්තාකරණය සම්බන්ධ වඩාත්ම ගෞරවණීය සම්මාන උළෙලක් ලෙස සැලකෙන මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සංගමය (CA Sri Lanka) විසිනි.
එමෙන්ම නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ අධීක්ෂණය පිළිබිඹු කරමින් මූල්‍ය සේවා ආයතනික පාලන හෙළිදරව් කිරීමේ විශිෂ්ටත්වය (Excellence in Financial Services Corporate Governance Disclosure) වෙනුවෙන්ද Janashakthi Life මෙහිදී ඇගයීමට ලක් විය.

මෙම වසරේදී 60 වන සංවත්සරය සැමරූ මෙම සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. දශක 6 ක කාලයක පටන් ශ්‍රී ලංකාවේ ආයතනික වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් මෙම සම්මාන උළෙල මඟින් සුවිශාල මෙහෙවරක් ඉටු වී තිබේ. කොළඹ කොටස් හුවමාරුව සමඟ එක්ව සංවිධානය කරන ලද TAGS සම්මාන උළෙල, වාර්ෂික වාර්තාකරණයේ විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්වය සම්බන්ධයෙන් මෙරට වඩාත්ම ශක්තිමත් ඇගයුම් ක්‍රියාවලියක් සහිත සම්මාන උළෙල ලෙස සැලකේ.

TAGS Awards (Transparency, Accountability, Governance and Sustainability) යනු ජාත්‍යන්තර වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන සම්මාන උළෙලකි. එම සම්මාන උළෙලේදී Janashakthi Life වෙත රන් සම්මානයක් හිමි වීම, සමාගමේ ඒකාබද්ධ වාර්තාකරණය, අවදානම් හා ප්‍රාග්ධන තොරතුරු අනාවරණය සහ දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය යනාදී අංශ කැපීපෙනෙන ලෙස දියුණු වී ඇති බවට මනා සාක්ෂියකි.

Janashakthi Life 2025 වාර්ෂික වාර්තාව මඟින් සමාගමේ ක්‍රමෝපාය, අවදානම් කළමනාකරණය සහ මූල්‍ය ප්‍රතිඵල අතර ඇති සම්බන්ධය පැහැදිලිව පෙන්වා දී තිබිණි. එමෙන්ම ආයතනික පාලනය සහ අධ්‍යක්ෂ මණ්ඩල කමිටු මඟින් සිදුකරන අධීක්ෂණය, ද්‍රවශීලතාව, ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව සහ මෙහෙයුම් ශක්තිය මෙන්ම තිරසාරත්වය සහ දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය සම්බන්ධ දූරදර්ශී ඉලක්ක යනාදිය පිළිබඳ තොරතුරු රැසක් ඊට ඇතුළත් වූ අතර, පරිශීලකයන්ට ඉතාමත් පහසුවෙන් සහ අවශ්‍ය නම් ඩිජිටල් මාධ්‍ය ඔස්සේද පරිශීලනය කිරීමට හැකි වන ආකාරයට එය ප්‍රකාශයට පත් කර තිබිණි.

මෙම වසරේ ජයග්‍රහකයන් තීරණය කිරීමේදී එකිනෙකට වෙනස් ක්ෂේත්‍රවලට අදාළ විශේෂ නිර්ණායක අනුව, ආයතනික වාර්තාකරණය සම්බන්ධ නවතම ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් ඇගයීම් ක්‍රියාවලිය සිදුකරන ලද අතර, එහිදී සුපැහැදිලිතාව, විශ්ලේෂණයේ ගැඹුරු බව සහ ආයතනික පාලනයේ විනිවිදභාවය වැනි නිර්ණායක අනුව Janashakthi Life වාර්තාව අදාළ කාණ්ඩවල අනෙකුත් වාර්තා අතර බෙහෙවින් කැපීපෙනිණි.

කාලීන වාර්ෂික වාර්තාකරණය තුළින් පාර්ශ්වකරුවන් වෙත අර්ථවත් ලෙස කරුණු සන්නිවේදනය කිරීම දිරිමත් කිරීම, මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම, ව්‍යවස්ථාපිත ප්‍රමිතීන්ට හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම දිරිගැන්වීම සහ ජාත්‍යන්තරව පිළිගත් වාර්තාකරණ පිළිවෙත් අනුගමනය කිරීම ප්‍රවර්ධනය කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණු අතර ප්‍රධාන තැනක් ගනී.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Janashakthi Life හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය. “විශ්වාසය යනු ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ වටිනාකම් නිර්මාණය කිරීමේ පදනමයි. 60 වන සංවත්සරය සැමරූ මෙවර TAGS සම්මාන උළෙලේදී ලැබුණු මෙම රන් සම්මානය, Janashakthi Life හි වාර්තාකරණ ප්‍රමිතීන් මඟින් නියාමන අනුකූලතාව පමණක් නොව, රක්ෂණ හිමියන්, ආයෝජකයන් සහ නියාමන ආයතන ඇතුළු සියලුම පාර්ශ්වයන් අපේක්ෂා කරන ආයතනික පාලන විනය සහ විනිවිදභාවය මැනැවින් පිළිබිඹු වන බවට මනා සාක්ෂියක්. පාර්ශ්වකරුවන්ගේ සුපරීක්ෂාකාරී බව ඉහළ යාමට සමගාමීව අපගේ ආයතනික වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ වගවීම අඛණ්ඩව ඉහළ නැංවීමට අප කැප වී සිටිනවා . ”

Janashakthi Life ප්‍රධාන මූල්‍ය නිලධාරී ජූඩ් ෂන්මුගම් මහතා මෙසේ සිය අදහස් පළකළේය. “මෙම වසරේ සම්මාන උළෙලේ ඇගයීම් ක්‍රියාපටිපාටිය තවදුරටත් ශක්තිමත් කර තිබූ අතර, එමඟින් අපට ඒකාබද්ධ සහ පැහැදිලි ඉදිරි දැක්මක් සහිත වාර්තාකරණයේ වැදගත්කම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව පැහැදිලි වනවා. පසුගිය වසර තුළ අපගේ ඒකාබද්ධ වාර්තාකරණ ක්‍රියාවලිය සහ අවදානම් සම්බන්ධ විනිවිදභාවය වැඩිදියුණු කිරීමටත්, නිරවද්‍යතාව සහ පරිශීලනයේ පහසුව සඳහා ප්‍රධාන වාර්තාකරණ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමටත් අප පියවර ගත්තා. ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින TAGS ඇගයීම් රාමුව මඟින් මේ වන විට ඉදිරි දැක්ම පිළිබඳ අවබෝධය සහ ආයතනික පාලනයේ සුපැහැදිලිතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර, එවන් පසුබිමක් තුළ අපගේ උත්සාහයන් මේ ආකාරයට අදාළ කාණ්ඩ තුළ ඉහළම මට්ටමින් ඇගයීමට ලක් වීම අපට මහත් සතුටක්. වාර්තාකරණ විශිෂ්ටත්වය සඳහා Janashakthi Life මූල්‍ය කණ්ඩායමේ උනන්දුව, කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම මෙම සම්මාන හා ඇගයුම් මඟින් මැනැවින් පිළිබිඹු වනවා.”

හුදෙක් මූල්‍ය කාර්යසාධනය පමණක් නොව, පාර්ශ්වකරුවන්ට තීරණ ගැනීමට බලය ලබා දීම යන සාධකයද සැලකිල්ලට ගනිමින් TAGS සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තීරණය කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ වරලත් ගණකාධිකාරීවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් තල කිහිපයක් ඔස්සේ සිදුකරනු ලබන තාක්ෂණික සමාලෝචන ක්‍රියාවලියක් තුළිනි.

මේ ආකාරයට කාණ්ඩ මට්ටමින් මෙන්ම ආයතනික පාලන අනාවරණය වෙනුවෙන්ද (අංශ දෙකෙන්ම) ඇගයීමට ලක් වීම, ශක්තිමත් අභ්‍යන්තර පාලනයන්, නියාමන අනුකූලතාව සහ දීර්ඝකාලීන තිරසාරත්වය උදෙසා Janashakthi Life සමාගමේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි. දශක තුනක උරුමයක් සමඟින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිය වාර්තාකරණ සහ ආයතනික පාලන රාමු ශක්තිමත් කරමින්, ප්‍රාග්ධන විනය, පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය සහ තිරසාර වර්ධනය ඔස්සේ Janashakthi Life සමාගම අඛණ්ඩව ඉදිරියට ගමන් කරමින් සිටී.

Janashakthi Life පිළිබඳව
1994 වසරේදී ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ආරම්භ වූ Janashakthi Insurance PLC (Janashakthi Life) වසර 30 කට අධික උරුමයක් සමගින් මෙරටට නව්‍ය රක්ෂණ විසඳුම් හඳුන්වා දෙන, දොරින් දොර කියැවෙන නාමයක් බවට පත්වීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍රලාභී රක්ෂණ සමාගමක් වන Janashakthi Insurance PLC මේ වන විට දිවයින පුරා ශාඛා 76 කට අධික සංඛ්‍යාවක් පිහිටුවා ඇත. “Uplifting lives and empowering dreams” (‘ජිවිතයන් නඟා සිටුවීම සහ සිහිනයන් බලගැන්වීම’) යන ආයතනික අරමුණට සමගාමීව සිය ගනුදෙනුකරුවන්ට සහ සියලුම හවුල්කරුවන්ට රක්ෂණ ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගිය විශිෂ්ට සේවාවක් සලසමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම එම සමාගමේ අරමුණ වී තිබේ.

ව්‍යාපාර අඛණ්ඩතාව සහ මෙහෙයුම්වල ශක්තිමත්...
බයිරහා, ටොන් 500ක අමතර ශීත...
Atlas SipSavi Naththal Poronduwa Records...
First Capital leads Sri Lanka’s...
City of Dreams Sri Lanka,...
Janashakthi Life steps in to...
BYD හි නවතම 3S පහසුකම...
Samsung ශ්‍රී ලංකා ළඟ එන...
Janashakthi Life steps in to...
BYD හි නවතම 3S පහසුකම...
Samsung ශ්‍රී ලංකා ළඟ එන...
ஃபேர்வே ஹோல்டிங்ஸின் (Fairway Holdings) தலைமை...