JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රය ශක්තිමත් කරමින්, ෂරියා නියමයන්ට අනුකූල නව්‍ය මූල්‍ය විසඳුම් එකතුවක් හඳුන්වා දී තිබේ. මේ වන විට මෙබඳු වගකීම්සහගත, ESG (Environmental, Social, and Governance) මූලධර්මවලට අනුකූල සහ ආගමික විශ්වාසයන් පදනම් කරගත් ආයෝජන විසඳුම් සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. මෙවැනි තත්වයක් හමුවේ ආයෝජකයන්ගේ රුචිකත්වයන් වෙනස් වීමට අනුකූලව විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ පැනනගින අවශ්‍යතා සපුරාලීම සඳහා සමාගම ඉතා හොඳින් ස්ථානගත වී සිටී.
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. විසින් 2021 වසරේදී විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය හෙවත් Alternative Finance Business Unit (AFBU) හඳුන්වා දෙන ලද්දේ මෙම අරමුණ මුල්කර ගනිමිනි. ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතිය හිමි මෙම ඒකකය මගින් පිරිනමන සියලුම මූල්‍ය සේවාවන් ෂරියා මූලධර්මවලට අනුකූල වේ. ව්‍යාපාරවලට දීර්ඝකාලීන හා තිරසාර දියුණුවට උපකාරී වන ආචාරධාර්මික, විනිවිදභාවයෙන් යුත් සහ වටිනාකම් මූලික කරගත් මූල්‍ය සේවාවන් රැසක් මෙම ඒකකය මඟින් හඳුන්වා දී ඇත.
මෙම ඒකකයට මගපෙන්වීම සඳහා ස්වාධීන ෂරියා උපදේශකවරුන් සහ ප්‍රවීණ ඉස්ලාමීය මූල්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩයමක් පත්කර තිබේ. මෙම ඒකකය මගින් දැඩි පාලනයක් සමඟ ගැඹුරු තාක්ෂණික විශේෂඥතාවක් සහිතව ආචාරධාර්මික ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කළ හැකි Wakala කාලීන ආයෝජන (නියෝජිතායතන පාදක කරගත් ආචාරධර්ම ආයෝජන ව්‍යුහයන්) වල සිට ප්‍රායෝගික සහ පහසු Ijarah වාහන ලීසිං ක්‍රම (ෂරියා මූලධර්මවලට අනුකූල ලීසිං විසඳුම්) දක්වා විවිධාකාර වූ සේවාවන් පිරිනමයි. මේ සියල්ල, කාර්යසාධනය සමඟ වගකීම්සහගත බව එක්තැන් කරන මූල්‍ය විසඳුම් වෙත යොමු වීමේ ප්‍රවණතාවක් පිළිබිඹු කරයි.
“අප මේ උත්සාහ දරන්නේ ශ්‍රී ලංකාවේ සියලුම ආයෝජකයන්ට ෂරියා මූලධර්මවලට අනුකූල මූල්‍ය විසඳුම් පහසුවෙන් හා විශ්වාසයෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමටයි. මේ වන විට ආයෝජකයන් මූල්‍ය ප්‍රතිලාභවලට අමතරව ESG මූලධර්මවලට අනුකූල වීම යන සාධකය බොහෝ විට සැලකිල්ලට ගන්නවා. එබැවින් මෙම ක්ෂේත්‍රය තුළ දියුණුව සඳහා සුවිශාල ඉඩකඩක් පවතින බව පැහැදිලියි. මූල්‍යමය වටිනාකම්වලට අමතරව ආචාරධාර්මික බව තහවුරු කරන මූල්‍ය සේවා පදනමක් සකස් කිරීම සඳහා අප දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා.” ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා පැවසීය.
ආයතනික පාලනය සහ විනිවිදභාවය තුළින් විශ්වාසනීයත්වය ගොඩනැංවීම සඳහා, විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකයේ ක්‍රියාවලින් තුළදී නිරන්තරයෙන් අධීක්ෂණය, වගවීම සහ පාරිභෝගික විශ්වාසය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙනු ලැබේ. කාර්තුවකට වරක් ගිවිසුම් සමාලෝචනය කිරීම, මුදල් භාවිතය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සහ නිතිපතා ක්ෂේත්‍ර චාරිකා සිදුකිරීම යනාදිය ඔස්සේ සෑම ආයෝජනයක්ම නියාමන අවශ්‍යතා සහ ආචාරධාර්මික ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කරගැනේ. මෙම විධිමත් ප්‍රවේශය මඟින් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ශක්තිමත් වන අතරම, ක්‍රමයෙන් විකාශනය වන විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශ්වාසනීය සමාගමක් ලෙස ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සතු කීර්තිනාමය මෙමගින් තවදුරටත් තහවුරු වනු ඇත.
“අපගේ සේවාවන් සියල්ල සැලසුම් කර ඇත්තේ ආයෝජකයන්ගේ විවිධාක වූ අවශ්‍යතා සැලකිල්ලට ගන්නා අතරම, නම්‍යශීලී හා ආචාරධාර්මික නියමයන්ට අනුකූල වන ලෙසයි. මෙවැනි මූලධර්මවලට අනුකූලව ආයෝජනය කිරීම සඳහා ඇති උනන්දුව ඉහළ යමින් පවතින තත්වයක් තුළ, මෙම සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා අප උත්සාහ කරනවා. එහිදී මෙම විසඳුම් කාලීන, ප්‍රායෝගික සහ වෙනස් වන ආයෝජක අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි පවත්වා ගැනීම සඳහා අප සෑම විටම පියවර ගන්නවා.” ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ නාලිකා ප්‍රධානී සමින්ද රත්නායක මහතා පැවසීය.
මේ වන විට විදේශයන්හි මෙන්ම මෙරට තුළද ආචාරධාර්මික හා තිරසාර මූල්‍ය සේවාවන් සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින බව විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකයේ සාර්ථකත්වය මඟින් මැනැවින් පිළිබිඹු වේ. ඉස්ලාමීය මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් අත්කර ගනිමින් තිබෙන සාර්ථකත්වය සහ පැහැදිලි ක්‍රමෝපායික දිශානතිය ඔස්සේ ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. මේ වන විට මෙරට විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ තමන්ට හිමි ස්ථානය තවදුරටත් තහවුරු කරගනිමින් සිටී. ඒ ඔස්සේ වගකීම්සහගත ආයෝජන සඳහා ඉඩකඩ සලසා දෙමින් අනාගත වර්ධනය උදෙසා පුද්ගලයන්ටත් ව්‍යාපාරවලටත් අවස්ථා රැසක් උදාකර දීමට ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමට හැකියාව ලැබී ඇත.
ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුම හා පළපුරුද්ද, ශක්තිමත් ආයතනික පාලනය සහ ESG මූලධර්මවලට දැඩි ලෙස අනුගත වීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ආචාරධාර්මික ආයෝජනය සම්බන්ධයෙන් නව ආදර්ශ සනිටුහන් කිරීමට ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය සමත් වී තිබේ. එමෙන්ම එය මේ වන විට මෙරට විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ දියුණුවේ මීළඟ අදියර සඳහා පදනම සකස් කරමින්, ආචාරධාර්මික මූල්‍යකරණය සම්බන්ධයෙන් නායකත්ව භූමිකාවක් ඉටුකරමින් සිටී.
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. පිළිබඳව
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල්බදු (ලීසිං), රන් ණය (උකස් සේවා), විකල්ප ,මූල්‍ය විසඳුම් සහ ආයතනික මූල්‍ය සේවා ඇතුළු විසඳුම් හා සේවාවන් රාශියක් පිරිනමයි. මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ වසර 44 ක ශක්තිමත් හා ස්ථාවර උරුමයක් එම සමාගම සතුය. නවෝත්පාදනයට මුල් තැන දෙමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම මූල්‍ය විසඳුම් හා සේවා සම්පාදකයෙකු ලෙස ගනුදෙනුකරුවන් අතර විශාල පිළිගැනීමක් හිමි කර ගැනීමට ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සමත් වී ඇත. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී, ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී සමාගමක් වන අතර, Lanka Rating Agency (LRA) වෙතින් BB+ (Positive Outlook) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ.
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. – https://www.janashakthifinance.lk/




