ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ නවතම සහ සුවිශේෂී භෝජන අත්දැකීමක් තව නොබො දිනකින් ආරම්භ වීමට නියමිතය. ගාල්ල Radisson Blu Resort පරිශ්‍රයේ මුහුදට යාබදව පිහිටා ඇති Yazu, රසවත් හා ප්‍රණීත ආසියානු ආහාර වර්ග, සිත්ගන්නාසුළු නිර්මාණ සහ ආකර්ෂණීය වටපිටාවක තමන්ටම ආවේණික වූ අත්දැකීමක් ඔබට ලබා දෙයි. මෙය සම්පූර්ණයෙන්ම නිදහස් පසුබිමක ඔබට උසස් තත්ත්වයේ අත්දැකීමක් භුක්ති විඳිය හැකි සුඛෝපභෝගී නවාතැනකි.
Yazu යනු හුදෙක් රසවත් ආහාර අත්දැකීමක් පමණක් නොවේ, එය පරිපූර්ණ අත්දැකීමකි. ඔබ එහි පැමිණි මොහොතේ සිටම, එහි ඇති විවෘත සහ ආකර්ෂණීය නිමාව ඔබව සැහැල්ලුවට පත් කරනු ඇත. එය දහවල් කාලයේ නිස්කලංක භෝජන අත්දැකීමක් ඔබට ලබා දෙන අතරම රාත්‍රිය උදාවත්ම ඉතා ආකර්ෂණීය සහ ප්‍රබෝධමත් පරිසරයකට නිරායාසයෙන්ම ඔබට රැගෙන යයි.
Yazu හි සැබෑ අනන්‍යතාවය විදහා දැක්වෙන්නේ එහි ඇති සුවිශේෂී ආහාර මෙනුවෙනි (menu). ආසියාතික රටවල ආහාර සංස්කෘතීන්ගෙන් ආභාෂය ලබන මෙම ආහාර මෙනුව ජපන් ආහාර කලාවේ ඇති විනය හා නිවැරදි බව, තායිලන්ත ආහාරවල ඇති ප්‍රබෝධවත් බව හා විවිධත්වය මෙන්ම චීන ආහාරවල ඇති ගැඹුරු රසය හා තෘප්තිමත් ගුණය මනාව එකිනෙක මුසු කරයි. එහිදී උසස්ම අයුරින් පිළියෙළ කළ සුෂි (sushi) සහ සෂිමි (sashimi) මෙන්ම Truffle Edamame සහ ලොබ්ස්ටර් (Lobster) වැනි දෑ අඩංගු රසවත් ඩිම් සම් (dumplings) වර්ග රැසක් රසවිඳීමට ද ඔබට අවස්ථාව ලැබේ.
මීට අමතරව මෙම ආහාර මෙනුව විවිධ ආහාර පිසීමේ ක්‍රමවේද සහ රසයන්ගෙන් පොහොසත් ය. රොබාටා (Robata) ග්‍රිල් ක්‍රමයට සැකසූ ිපදනහ යකිටෝරි චිකන් (Yakitori chicken) සහ මීසෝ බ්ලැක් කොඩ් (Miso black cod) මෙහිදී සුවිශේෂී වේ. එමෙන්ම කටට සැරට ආහාර ගැනීමට කැමති අය සඳහා සිචුවාන් පෙපර්කෝන් චිකන් (Sichuan peppercorn chicken) සහ චිලි බේසිල් ෆිෂ් (Chilli basil fish) වැනි දැඩි රසයකින් යුතු Wok-fired ආහාර ද මෙහිදී රසවිඳිය හැකිය.
එපමණක් නොව, මෙයට ටූනා ටටාකි (Tuna tataki) හෝ Artichoke සහ ටෙරියාකි (teriyaki) වැනි දෑ අඩංගු ආසියාතික ක්‍රමයට සැකසූ පීසා වැනි අපූරු ආහාර ද මෙයට ඇතුළත් වේ. මෙය විවිධාකාර වූ ආහාර වර්ග රැසක් අඩංගු මෙනුවක් වන අතර මිතුරන් හා පවුලේ අය සමඟ බෙදාහදා ගනිමින්, අලුත් රසයන් සොයා යාමට මෙන්ම තමන් වඩාත් ප්‍රිය කරන ආහාර නැවත නැවතත් භුක්ති විඳීමට කදිම මෙනුවකි.
මෙහි ඇති සැර රසයන් සමබර කිරීම සඳහා (Thai papaya salads), (Avocado tartare) සහ පැඟිරි රස මුසු වූ Ceviche වැනි සැහැල්ලු මෙන්ම නැවුම් ආහාර ද ඇතුළත් කර ඇත. මෙහි ඇති විවිධ රසයන් රැසක් එකවර අත්විඳීමට කැමති අය සඳහාම වෙන්වූ සුවිශේෂී Platters සහ තෝරාගත් ආහාර එකතුවක් මෙහි ඇත. එමගින් ඔබට එකම අවස්ථාවකදී මෙනුවේ ඇති විවිධ අංගයන්හි රසය මනාව විඳගැනීමට අවස්ථාව සැලසේ.
Yazu හි බාර් (bar) සේවාව ද නිර්මාණය වී ඇත්තේ විවිධ රසයන් සොයා යන අපූර්ව සංකලනයක් ලෙසිනි. නව්‍ය හා සුවිශේෂී කොක්ටේල් වර්ග සැකසීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන Yazu, ගාල්ල ප්‍රදේශයටම ආවේණික ‘Tiki Escapes’ නම් කොක්ටේල් එකතුව හඳුන්වා දෙමින් මෙයට විනෝදකාමී සහ නිවර්තන කලාපීය ජවයක් එක් කරයි. මෙම සුවිශේෂී කොක්ටේල් එකතුව රසවිඳිය හැක්කේ ගාල්ලේ පිහිටි Yazu වෙතින් පමණි.
මුහුදු වෙරළේ රිද්මයට අනුවර්තනය වෙමින් නිර්මාණය වූ මෙම කොක්ටේල් වර්ග එකතුව, නැවුම් පළතුරු සහ සුවිශේෂී රසයන්ගෙන් සමන්විත ය. මෙහි ඇති Shark Attack කොක්ටේල් එකතුව අරක්කු හෝ ජින් සමඟ කාමරංකා, පැෂන් ෆෘට්, පැඟිරි සහ ඉඟුරු මිශ්‍ර වූ ප්‍රබල රසයකින් යුක්ත වේ. වඩාත් සියුම් රසයකට කැමති අය සඳහා වොඩ්කා, යුසු, පොල් සහ රම්පේ රසයට අන්නාසි සහ blue curaçao මුසු කරමින් Touch Me Slowly කොක්ටේල් එකතුව පිළියෙල කර ඇත.
එමෙන්ම වඩාත් සැර රසයකින් යුතු පානයක් සොයන අය සඳහා One More Sin කදිම තෝරා ගැනීමකි. එය white සහ dark රම් සමඟ කෙසෙල්, අඹ සහ ජින්ජර් බියර් මුසු වූ නිවර්තන කලාපීය කොක්ටේල් රසයකින් සමන්විත වේ. මීට අමතරව වඩාත් සියුම් රසයක් සහිත Holy Ritual කොක්ටේල් එකතුව, තල රස මුසු කළ රම් (sesame-infused rum), Coconut cream, lychee සහ පැඟිරි රසයෙන් යුක්ත වේ.
එහි ඇති ආහාර සහ පාන වර්ග ඉතා උසස් ප්‍රමිතියකින් සහ මනා සැලසුමකින් යුතුව පිළියෙළ කර ඇති අතරම නිදහස්ව සහ සැහැල්ලුවෙන් කාලය ගත කිරීමට හැකි වටපිටාවක් ද එහි ඇත. එය සුෂිවල සිට පසුව ග්‍රිල් කළ ප්‍රධාන ආහාර රසවිඳිමින් සැමට බෙදාහදා ගත හැකි විවිධ ආහාර වට්ටෝරු භුක්ති විඳීමට කදිම ස්ථානයකි. එතැන් සිට රැය උදාවන තුරුම මුහුදු රළ හඬ මධ්‍යයේ කොක්ටේල් පානයක රස බලමින් ඉතා සැහැල්ලුවෙන් කාලය ගත කිරීමට ඔබට මෙහිදී අවස්ථාව සැලසේ.
ගාල්ල නගරයේ පිහිටා ඇති Yazu, ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ ආකර්ෂණය සමඟින් ජාත්‍යන්තර මට්ටමේ භෝජන අත්දැකීමක් හඳුන්වා දෙන අතර එය වෙත පැමිණෙන අමුත්තන්ට ඉතා අද්විතීය මෙන්ම සුවිශේෂී අත්දැකීමක් පිරිනමයි. මෙහි ඇති ප්‍රණීත රසය, සුන්දර වටපිටාව සහ උද්යෝගිමත් බව ඔබ කලින් සැලසුම් කළ කාලයට වඩා වැඩි වෙලාවක් එහි රැඳී සිටීමට ඔබව නිරායාසයෙන්ම පොළඹවනු නොඅනුමානය.



