දම්රෝ සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීමට HNB වෙතින් සුවිශේෂී ණය පහසුකම්

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශ්වසනීය බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සූර්ය බලශක්ති විසඳුම් සපයන කීර්තිමත් සමාගමක් වන දම්රෝ සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ වැඩි පිරිසකට සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමට හැකි වන පරිදි පහසු හා දැරිය හැකි ණය විසඳුම් ලබා දීමයි.

මෙම හවුල්කාරීත්වය යටතේ දම්රෝ වෙතින් සූර්ය බලශක්ති පද්ධති මිලදී ගන්නා බැංකුවේ අවශ්‍යතා සපුරාලන පාරිභෝගිකයින්ට HNB විසින් පුද්ගලික ණය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) ණය ලබා දෙනු ඇත. තවද මෙම ණය මුදල සූර්ය බලශක්ති උපකරණවල පිරිවැයෙන් 80% සිට 100% දක්වා ආවරණය කරනු ලබන අතර එමගින් නිවාස සහ කුඩා ව්‍යාපාරවලට තිරසාර බලශක්ති ප්‍රභවයන් සඳහා ආයෝජනය කිරීමට ද උපකාරී වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB හි පාරභෝගික බැංකුකරණ ප්‍රධානී/ජ්‍යෙෂ්ඨ උප සභාපති කාංචන කරුණාගම මහතා පැවසුවේ “දම්රෝ සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය පාරිසරික තිරසාරභාවය සහ ජනතාව මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීමට උපකාර කිරීම සඳහා HNB හි අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරනවා. ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට සූර්ය බලශක්තිය භාවිතා කිරීමට සහ දිගු කාලීනව ඔවුන්ගේ විදුලි පිරිවැය අවම කිරීමට උපකාරී වන ණය ලබා දීමට හැකි වීම පිළිබඳව අපට සතුටුයි. ඒවගේම ශ්‍රී ලංකාව පුරා නිවාස සහ ව්‍යාපාර සඳහා සූර්ය බලශක්තිය ප්‍රායෝගික සහ දැරිය හැකි විකල්පයක් බවට පත් කිරීමට අප ආයතන දෙක එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

තවද මෙම ගිවිසුමට අනුව දම්රෝ එහි ප්‍රදර්ශනාගාර, අලෙවිසැල් සහ online වේදිකා හරහා HNB හි ණය පහසුකම් ප්‍රවර්ධනය කිරීමට ද නියමිතය. මෙමඟින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සූර්ය බලශක්ති පද්ධතිය මිලදී ගැනීමේ සිට එය ස්ථාපිත කිරීම හා භාවිතා කිරීමේ ක්‍රියාවලිය දක්වා ඔවුන්ට නිවැරදි තොරතුරු සහ සහාය ලැබෙන බව සහතික කෙරේ. එමෙන්ම මෙම ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක – විශේෂයෙන් දැරිය හැකි සහ පරිසර හිතකාමී බලශක්තිය සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව පියවර ගැනීම පිළිබඳ ඉලක්ක සඳහා ද සහාය වේ. එය රට තුළ ධනාත්මක පාරිසරික හා ආර්ථික වෙනසක් ඇති කිරීමේදී HNB හි කාර්යභාරය තව තවත් ශක්තිමත් කරයි.

මෙම සූර්ය බලශක්ති ණය විසඳුම් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා ළඟම පිහිටි HNB පාරිභෝගික ඒකකය වෙත පිවිසිය හැකිය, නැතහොත් දම්රෝ සමඟ සෘජුව සම්බන්ධ විය හැකිය.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...