දැයට අභිමානය ගෙනා ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට බොඩිලයින් වෙතින් උපහාර

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග‍්‍රාහකයා වන Bodyline විසින් පසුගියදා චීනයේ Hangzhou හි පැවති 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී දැයට කීර්තියක් ගෙන ආ ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමට උපහාර දැක්වීමට කටයුතු කරන ලදි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙත පුහුණු වැඩසටහන් සහ ක‍්‍රීඩාවේදී පළඳින ඇඟලුම් පිරිනමන ලද බොඩිලයින්, 2023 ඔක්තෝම්බර් 20 වැනි සිකුරාදා හොරණ පිහිටි සිය ආයතනය වෙත පැමිණි මලල ක්‍රීඩා කණ්ඩායම උණුසුම් අයුරින් පිළිගැනීම සිදුකෙරිණි.

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය සමඟ Bodyline හි හවුල්කාරිත්වය වසර දෙකක පමණ අතීතයකට දිව යයි. Bodyline ආයතනය රටේ දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමඟ කටයුතු කරමින්, ඔවුන්ට ලෝක මට්ටමේ උසස් කාර්ය සාධන ඇඟලුම් පිරිනමමින්, තරග බිමේදී අවශ්‍ය සුවපහසුව ලබාදෙමින්, ඔවුන්ගේ උපරිම හැකියාවන් කරා ළඟා වීමට සහයෝගය දක්වයි. එමෙන්ම Bodyline, 2022 වසරේ සිට ශ‍්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ එක්ව, ‘runner to runner’ ලෙසින් හඳුන්වනු ලබන පරීක්ෂණ හා තත්ත්ව ක්‍රියාවලිවලට සහභාගී වන ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගෙන් ලබාගන්නා කාර්ය සාධන දත්ත සහ ප්‍රතිපෝෂණ භාවිතා කරමින් ධාවකයන් සඳහා නව්‍ය විසඳුම් සංවර්ධනය කිරීමට කටයුතු කරයි.

බොඩිලයින් හි අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ ඩිල්ෂාන් මොහොමඞ් මහතා පැවසුවේ “අපගේ ශ‍්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට දස්කම් අපගේ සමස්ත Bodyline කණ්ඩායම වෙත පිරිනමා තිබේ. කර්මාන්තශාලා බිමේ වෙහෙස නොබලා වැඩ කරන අපගේ කණ්ඩායම් සාමාජිකයින්ගේ සිට අපගේ සැලසුම් සහ සංවර්ධන කණ්ඩායම් දක්වා අපි සැවොම, අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් අපගේ ඇඟලුම් පැළඳ සිටිනු දැකීම සහ ඔවුන් ධාවන පථයේ ඉතා හොඳින් දස්කම් දක්වනු දැකීම පිළිබඳව ආඩම්බර වෙමු. 2024 පැරිස් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල දක්වා කණ්ඩායමට සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත්වෙමු.”

Bodyline හි bonding හා body mapping තාක්‍ෂණය වැනි අති නවීන හැකියාවන් හා අතිශය සැහැල්ලු, තෙතමනය නොරැදෙන ද්‍රව්‍ය එක්කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ඉසව්වලදී සුවපහුසුව සිටිමින් ඔවුන්ගේ හොඳම දස්කම් කෙරෙහි අවධානය යොමු කිරීමට අවස්ථාව උදාකර දෙයි.

“ධාවනයේ විප්ලවීය වෙනසක් සඳහා තාක්ෂණය යොදාගනිමින්, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිළිබඳ අවබෝධය සහ පාරිභෝගික සහයෝගීතාවය ඒකාබද්ධ කරමින් ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමට අප කැපවී සිටිමු. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාව තුළ බොහෝ දියුණු කරගත හැකි ශක්තීන් අප දකින අතර ‘runner to runner’ සංකල්පය ඉදිරියට ගෙනයමින් අපගේ ජාතික ක‍්‍රීඩා කණ්ඩායම්වලට සහාය දැක්වීමට සහ ඔවුන් සවිබල ගැන්වීමට අපි නිරන්තරයෙන් කටයුතු කරමු.” යනුවෙන් ඩිල්ෂාන් මොහොමඩ් මහතා තවදුරටත් පැවසීය. 2022 වසරේ සිට MAS, ශ‍්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේද සාඩම්බර ඇඟලුම් අනුග‍්‍රාහකයා වේ.

MAS පිළිබඳව:

දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ බෙදාහරින්නා වේ. මෙහි 100,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS, රටවල් 17 ක් පුරා විලාසිතා සඳහා ප්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලුම් සපුරාලමින් MAS හි සන්නාම, තාක්ෂණය, FemTech, start-ups සහ ලොව පුරා ඇගලුම් උද්‍යාන ආදිය වේගවත්ව පුළුල් වී ඇත.

වසර 30 කට අධික කාලයක් පුරා සදාචාරාත්මක සහ තිරසාර සේවා පරිසරය, සමාජ සංවර්ධනය සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා සිදුකරන කැපවීම වෙනුවෙන් MAS ගෝලීය පිළිගැනීමක් ලබා ඇත. නිෂ්පාදන විශිෂ්ටත්වය සහ නිර්මාණශීලිත්වය රැකගනිමින්, නව්‍ය නිෂ්පාදන සහ සැලසුම් තුළින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස MAS ජාත්‍යන්තරව කටයුතු කරයි. අද වන විට MAS විසින් නිෂ්පාදන, ජීවිත සහ මිහිතලය යන අංශ තුන යටතේ තිරසාර වෙනසක් ඇති කිරීම උදෙසා කැපවී සිටියි. මෙම මුලපිරීම් හරහා MAS හි අරමුණ වන්නේ සිහිනයන් බලගන්වමින් ජීවන වියමන සාරවත් කරන වෙනස්කරුවන් බවට පත්කිරීමට සියලුම සේවා නියුක්තිකයින් දිරිගැන්වීමයි.

 

 

දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී...
City of Dreams Sri Lanka...
MAS Holdings, AICPA සහ CIMA...
City of Dreams Sri Lanka...
டிஜிட்டல் பொருளாதார வளர்ச்சிக்கு பங்களிப்புச் செய்கின்ற...
ඩිජිටල් යුගයේ මවක් ලෙස ආදරය,...
ITC Ratnadipa to Launch ‘The...
Serving Sri Lanka’s heritage with...
ඩිජිටල් යුගයේ මවක් ලෙස ආදරය,...
ITC Ratnadipa to Launch ‘The...
Serving Sri Lanka’s heritage with...
APB Welcomes Top Banking Industry...