BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), දිවයින පුරා සිටින තම පාරිභෝගිකයින් වෙනුවෙන් වාහන charge කිරීමේ පහසුකම් පුළුල් කිරීම සඳහා Green EV සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා දෙපාර්ශවය විසින් පසුගියදා නිල වශයෙන් අත්සන් තබන ලද අතර මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාව තුළ වඩාත් පුළුල් හා විශ්වසනීය ලෙස පරිසර හිතකාමී නව බලශක්ති වාහන (NEV) පද්ධතියක් ගොඩනැගීමට JKCG Auto දක්වන අඛණ්ඩ කැපවීමේ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය.
මෙම හවුල්කාරිත්වය හරහා BYD සහ Denza වාහන හිමියන්ට පළාත් නවයම ආවරණය වන පරිදි, Green EV හි DC fast chargers 100කට අධික සංඛ්‍යාවක් සහ AC chargers 70කට අධික සංඛ්‍යාවක් සහිත පුළුල් ජාලයක් භාවිත කිරීමේ අවස්ථාව උදාවේ. යාපනයේ සිට හම්බන්තොට දක්වාත්, පුත්තලමේ සිට නැගෙනහිර වෙරළ තීරය දක්වාත් විහිදෙන මෙම පුළුල් ජාලය හරහා 40kW, 60kW සහ 120kW ධාරිතාවලින් යුත් fast charging පහසුකම් ලබා ගත හැක. මේ හේතුවෙන් කොළඹ සහ පිට පළාත්වල පාරිභෝගිකයින්ට කිසිදු බාධාවකින් තොරව ඉතා පහසුවෙන් සිය වාහන charge කිරීමට අවස්ථාව ලැබෙන අතර එය විද්‍යුත් වාහන භාවිතයේදී මහත් අස්වැසිල්ලක් වනු නිසැකය. පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා, Green EV විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ අත්වැල් බැඳගනිමින් සෑම charge කිරීමේ මධ්‍යස්ථානයකටම රු. මිලියන 100ක රක්ෂණ ආවරණයක් ලබා දී ඇත.
මෙම හවුල්කාරීත්වය හරහා පරිසර හිතකාමී සහ තිරසාර ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීමට JKCG Auto හි පුළුල් දැක්ම මනාව පෙන්නුම් කරයි. තවද විද්‍යුත් වාහන වෙත මාරු වන පාරිභෝගිකයින්ට ලොව උසස්ම තත්ත්වයේ වාහනවලට අමතරව, ඔවුන්ගේ දෛනික අවශ්‍යතාවලට ගැළපෙන විශ්වසනීය charge කිරීමේ ජාලයක් නිර්මාණය කිරීම ද මෙමඟින් තහවුරු කෙරේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් JKCG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය සාර්ථක වීමට නම්, එම වාහන මෙන්ම ඒවාට අවශ්‍ය charge කිරීමේ පහසුකම් ද ඕනෑම අයෙකුට පහසුවෙන් ලබාගත හැකි වීම මතයි. අනාගතය ගැන සිතන Green EV වැනි සමාගමක් සමඟ එක්වීම පිළිබඳව JKCG Auto ආඩම්බර වන අතර, මෙමඟින් වාහනයේ බැටරිය පිළිබඳව අනියත බියක් ඇති කර නොගෙන කොළඹ ප්‍රදේශයේ හෝ දිවයිනේ වෙනත් ඕනෑම ප්‍රදේශයක සිටින පාරිභෝගිකයෙකුට විශ්වාසයෙන් යුතුව විද්‍යුත් වාහන වෙත යොමුවීමට මඟ පෑදෙනවා.” යනුවෙනි.
“එමෙන්ම Green EV සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය පාරිභෝගික විශ්වාසය ගොඩනැගීම වෙනුවෙන් කළ සෘජු ආයෝජනයක් ලෙස ද හැඳින්විය හැකියි. දිවයින පුරා විහිදුණු fast charging මධ්‍යස්ථාන 100කට අධික සංඛ්‍යාවක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම 120kW අති-වේගවත් DC චාජර්ස් සහිත මෙම ජාලය හරහා BYD සහ Denza පාරිභෝගිකයින්ට මෙරට විශාලතම සහ කාර්යක්ෂම charge කිරීමේ පහසුකම් භාවිත කිරීමේ අවස්ථාව ලැබෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
BYD වාහන ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් දා සිට විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් JKCG Auto සිදු කළ ආයෝජන මාලාවේ නවතම පියවර වන්නේ Green EV සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාවයයි. සමාගම මේ වන විටත් දිවයින පුරා වේගවත් DC fast chargers 100කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කර ඇති අතර, සෑම පාරිභෝගිකයෙකුටම නිවසේ සිට charge කළ හැකි 7kW චාර්ජරයක් ලබාදීමට ද කටයුතු කර ඇත. මීට අමතරව Green EV හි තවත් charge කිරීමේ මධ්‍යස්ථාන 125කට වැඩි සංඛ්‍යාවක් මේ සමඟ එක්වීම, දැනට පවතින ජාලය සැලකිය යුතු ලෙස පුළුල් කිරීමකි. BYD හෝ Denza වාහනයක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකුට තම එදිනෙදා ගමන් බිමන් කිසිදු බියක් සැකක් නැතිව යාමට අවශ්‍ය charge කිරීමේ පහසුකම් ඉතා පහසුවෙන් ලැබෙන බව සහතික වේ.
Charge කිරීමේ යටිතල පහසුකම් මේ අයුරින් වර්ධනය කරනු ලබන්නේ මෙරට ජනතාව ඉතා වේගයෙන් නව බලශක්ති වාහන භාවිතයට හුරු වෙමින් පවතින බැවිනි. දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති සමස්ත විද්‍යුත් වාහනවලින් 70%කට ආසන්න ප්‍රමාණයක්ම BYD වාහන වේ. එමෙන්ම, JKCG Auto ආරම්භ කළ දා සිට මේ දක්වා වාහන සේවා වාර 26,500කට වඩා සාර්ථකව නිම කර ඇති අතර ශ්‍රී ලංකාව තුළ BYD වාහන සඳහා ඇති ඉල්ලුම මෙන්ම එහි පාරිභෝගික සේවා ජාලය කෙරෙහි තබා ඇති නොබිඳුණු විශ්වාසය ද මෙමඟින් මනාව පැහැදිලි වේ. මීට අමතරව පාරිභෝගිකයින්ට අවශ්‍ය අලෙවියෙන් පසු සේවාවන් උපරිමයෙන් ලබාදීම සඳහා කොළඹ, වත්තල, මහනුවර, ගාල්ල, රත්නපුර, කුරුණෑගල සහ අම්පාර යන ප්‍රදේශවල සේවා මධ්‍යස්ථාන ද පිහිටුවා ඇත. තවද විද්‍යුත් වාහන සඳහාම වෙන්වූ මෙරට විශාලතම අමතර කොටස් සහ අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු මධ්‍යස්ථානය සීදූව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර එමඟින් BYD වාහනවල උසස් තත්ත්වයට සරිලන පරිපූර්ණ සහ විශ්වාසදායක සේවාවක් පාරිභෝගිකයින්ට සැමවිටම ලබාගත හැක.
JKCG Auto සහ Green EV සමාගම් අතර ඇති කරගත් මෙම හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමකි. මේ වන විට ක්‍රියාත්මක charge කිරීමේ මධ්‍යස්ථාන 100කට අධික සංඛ්‍යාව තවදුරටත් වර්ධනය කිරීමට මෙම සමාගම් දෙකම එක්ව කටයුතු කරමින් සිටී. මෙමඟින් පැහැදිලි වන්නේ මෙරට ප්‍රවාහන අනාගතය වර්තමානයේදීම සැබෑවක් වෙමින් පවතින බවයි.



