නවලෝක රෝහල් සමූහය බදුපෙර රුපියල් මිලියන120ක බදුපෙර ලාභයක් වාර්තා කරයි

Share

Share

Share

Share

නවලෝක රෝහල් සමූහය 2023 වර්ෂයේ ජූනි 30වන දිනෙන් අවසන් වන පළමු කාර්තුවේදී රුපියල් මිලියන 120ක බදුපෙර ලාභයක් වාර්තා කරන ලදි. පසුගියදා නිකුත් කරන ලද අන්තර්කාලීන මූල්‍ය වාර්තාව මගින් මෙම මූල්‍ය කාර්යසාධනයන් ප්‍රකාශයට පත් කළ අතර පසුගිය මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සමාගමේ බදු පෙර ලාභය 158% කින් වර්ධනයක් අත් පත් කර ගැනීමට සමත් වී ඇත. මෙම මූල්‍ය වාර්තාව මගින් නවලෝක රෝහල් සමූහය විසින් මෑතකදී සිදු කළ ව්‍යුහාත්මක වෙනස්කම්, වැඩිදියුණු කරන ලද සායනික සේවා සහ විශිෂ්ටඨ රෝගී සත්කාරක සේවා ආදී ධනාත්මක මෙහෙයුම් ක්‍රියාකාරීත්වයන් මෙම මූල්‍ය කාර්යසාධනය සඳහා හේතු විය. නවලෝක සමූහයේ පිරිවැටුම රුපියල් බිලියන 2.6ක් වූ

අතර එය පෙර වර්ෂයේදී වාර්තා කරන ලද රුපියල් බිලියන 2.1ට සාපේක්ෂව 21%ක වර්ධනයක් පෙන්නුම් කරයි. මීට සමාන්තරව නවලෝක සමූහයේ මෙහෙයුම් ලාභය රුපියල් රුපියල් මිලියන 580ක් වූ අතර එය පෙර වර්ෂයේ සටහන් වූ රුපියල් මිලියන 200ට සාපේක්ෂව 185%ක වර්ධනයක් අත්කර ගෙන ඇත.

නවලෝක රෝහල් සමාගමේ කොටසක ඉපැයීම් ද සාධනීය අගයකින් වර්ධනය වී ඇති අතර එය 2023 වර්ෂයේ ජූනි 30 වන දිනෙන් අවසන් වන පළමු කාර්තුවේ 0.085ක් ලෙස දැක් වුනු අතර මෙම අගය පෙර වසරේ දැක්වුනේ 0.148ක් ලෙසටය. පසුගිය වසරට සාපේෂව සමාගමේ බදුපෙර ලාභය 2,224% කින් වර්ධනය වෙමින් රුපියල් මිලියන 94ක් වාර්තා කළ අතර පසුගිය මූල්‍ය වර්ෂයේදී මෙම අගය දැක්වුනේ රුපියල් මිලියන 4ක් ලෙසටය. එමෙන්ම 2023 වසරේ ජූනි 30 අවසන් වන දින වන විට සමාගමේ පිරිවැටුම රුපියල් බිලියන 1.3ක් වූ අතර

එය පෙර වර්ෂයේ වාර්තා කළ රුපියල් බිලියන 1.1 සමග සැසඳීමේදී 19%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. මේ අතර සමාගමේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 423ක් වූ අතර එය පෙර වර්ෂයේ වාර්තා කළ රුපියල් මිලියන 256ට සාපේක්ෂව 72%ක වර්ධනයක් අත් කර ගෙන ඇත.

නවලෝක රෝහල් සමාගමේ කොටසක ඉපැයීම 0.067ක් ලෙස මෙම වර්ෂයේදී සටහන් වූ අතර මෙම අගය පෙර වසරේ වාර්තා වුනේ 0.003ක් ලෙසටය. නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ නායකත්ව තුළ අත්පත් කර ගනු ලැබූ මෙම විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනය සමගින් නවලෝක රෝහල් සමූහය අමරණීය මතකසටහන් ගණනාවක් වාර්තා කර ගැනීමට ද සමත් විය. හෘද සැත්කම් සඳහා පහසුකම් ස්තාපනය කළ පළමු පුද්ගලික රෝහල් සමූහය ලෙස නවලෝක රෝහල් සමූහය මෙම වසරේදී හෘද සැත්කම්

ක්ෂෙත්‍රයේ සැත්කම් 15,000ක් සම්පුර්ණ කළ පළමු පුද්ගලික රෝහලට හිමි වාර්තාවට හිමිකම් කියු අතර අතිශය පුද්ගලික රෝහල් සේවා සඳහා විවෘත කළ නවලෝක Elite Center

ඒකකය , සහ මුලුමනින්ම වැඩිදුයුණු කළ බාහිර රෝහල් සේවා ඒ්කය සහ නවලෝක home nursing care ඒකකයන් මගින් වඩාත් විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට නවලෝක රෝහල් සමූහයට හැකියාව ලැබී ඇත. එමෙන්ම මෑතකදී ICBT උසස් අධ්‍යාපන ආයතනය සමගින් එළැඹි අවබෝධතා ගිවිසුමට අනුව ජාත්‍යන්තර මට්ටමේ හෙද සේවා අධ්‍යාපනික පාඨමාලාවන් තම හෙද කාර්ය මණ්ඩලය වෙත හඳුන්වා දුන් අතර එමගින් සිය හෙද කාර්ය මණ්ඩලයේ වෘත්තීය ගුණාත්මක භාවය වර්ධනය කිරීමට නවලෝක රෝහල් සමූහය විසින් පියවර ගන්නා ලදි.

මෙම මූල්‍ය කාර්ය සාධනය පිලිබඳව අදහස් දක්වන නවලෝක සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස ” මෙම සැලකියයුතු මූල්‍ය කාර්ය සාධනය මගින් පසුගිය වසරේදී නවලෝක සමූහය මුහුණ දුන් දැඩි අභියෝගාත්මක තත්වය හමුවේ නොසැලී හිඳිමින් මේ සියලු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට හැකි වූ බව මනාව පිළිබිඹු කරන අතර ඒ සියලු අභීයෝගයන් මධ්‍යයේ අපගේ රෝහල් සේවාවේ ගුණාත්මක බව හැම විටම ඉහළින් තබා කටයුතු කිරීමට අපට හැකි වූ අතර සමාජයට වගකියන ආයතන සමූහයක් ලෙස සමාජයට අපෙන් ඉටුවිය යුතු සෑම වගකීමක් ම නොපිරිහෙලා ඉටුකිරීමට අපට හැකි වුණා. අපි පුරෝකථනය කරන ආකාරයට මෙම මූල්‍ය වර්ෂයේ ඉදිරි කාර්තු මීට වඩා සාර්ථක කර ගැනීමට අපේක්ෂා කරන අතර සඳහා සමූහයේ සියලු පාර්ෂවයන්ගේ උපරිම දායකත්වය නිසැක වශයෙන්ම හිමිවන බව මට විශ්වාසයි” යනුවෙන් පැවසීය.

 

Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
මෙරට ඉංජිනේරු අධ්යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්...