පහසු වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් හවුල්කාරීත්වයක

Share

Share

Share

Share

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි හා පහසු ලීසිං විකල්ප ඇතුළු ප්‍රතිලාභ රැසක් පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය.
මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි කළ සහ ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි හා පහසු ලීසිං විකල්ප ලබා ගත හැකිය. එමෙන්ම පුද්ගලික ගමනාගමනය වැඩිදියුණු කිරීම මෙන්ම පහසු හා පාරිභෝගික හිතකාමී වාහන මූල්‍යකරණයක් ලබා දීම සඳහා HNB අඛණ්ඩ කැපවීම ද මෙමගින් අවධාරණය කරයි.
මෙම හවුල්කාරිත්වය මඟින් ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් හි පුළුල් අලෙවි නියෝජිත ජාලයෙන් වාහන මිලදී ගැනීමේදී එක් එක් පාරිභෝගිකයාට ගැලපෙන පරිදි සකස් කළ ලීසිං සැලසුම් සහ විශේෂිත සහාය ලබා ගැනීමට පාරිභෝගිකයින්ට ඉඩ සලසයි. ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් යනු ශ්‍රී ලාංකික මෝටර් රථ කර්මාන්තයේ විශ්වසනීය නාමයක් වන අතර, වසර 40 කට වැඩි කාලයක් තිස්සේ reconditioned සහ ලියාපදිංචි කරන ලද වාහන අලෙවි කිරීම සඳහා කීර්තියක් උසුලයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “මෙම හවුල්කාරීත්වය හරහා අපගේ පාරිභෝගිකයින්ට වැඩි ප්‍රතිලාභ සහ තේරීම් ලබා දී තිබෙනවා. ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් වැනි කීර්තිමත් සහ විශ්වාසදායක සමාගමක් සමඟ අත්වැල් බැඳගැනීමෙන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පළමු වාහනය මිලදී ගන්නේද නැතහොත් දැනට පවතින වාහනය වෙනත් වාහනයකට මාරු කරන්නේද යන්න පිළිබඳවත් උසස් තත්ත්වයේ වාහන සඳහා පහසු ප්‍රවේශයක් ද ලබා දෙනවා.” යනුවෙනි.
“ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් අපගේ ඉලක්කය වන්නේ ගනුදෙනුකරුවන්ට විශ්වාසදායක වාහන විකල්ප ලබා දීමයි. HNB සමඟින් එක්ව කටයුතු කිරීමෙන් අපගේ පාරිභෝගිකයින්ට වාහන මිලදී ගැනීමේ ක්‍රියාවලිය පහසු කර ඔවුන්ගේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන පරිදි සකස් කර ගත හැකි වඩා හොඳ මූල්‍යකරණ විසඳුම් ලබා දීමට අප ඉඩ සැලසෙනවා.” යනුවෙන් ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් හි විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ හෂින්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ලියාපදිංචි කළ සහ ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමේ සහ ලීසිං ක්‍රියාවලිය පහසු කිරීමෙන් මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ සමස්ත මෝටර් රථ කර්මාන්තයට උපකාරී වෙයි. තවද එය පාරිභෝගිකයින්ට සහනදායී පොලී අනුපාත, අවම ලියකියවිලි භාවිතය සහ කඩිනම් සේවය ද සහතික කරයි.

(වමේ සිට): HNB ජ්‍යෙෂ්ඨ බැංකු සහකාර-භාෂිත වීරසිංහ, HNB බැංකු සේවා කළමනාකාර-ලීසිං මහේෂ් රත්නායක, HNB උප සභාපති – ලීසිං උදාර පතිනායක, HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/සිල්ලර බැංකු ප්‍රධානී කාංචන කරුණාගම, ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් හි විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ හෂින්ද්‍ර සිල්වා, ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සාමාන්‍යාධිකාරිනී, සජිනි සිල්වා සහ කලාපීය කළමනාකාර රසික ද සිල්වා යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වෙයි.

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...