ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ කලාත්මක අතීතාවර්ජනයක් සමගින් ITC Ratnadipa, The Art & Life of Jayantha Premachandra නමින් කලා ප්‍රදර්ශනයක් පවත්වයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත ජයන්ත ප්‍රේමචන්ද්‍ර මහතා සිහිපත් කිරීමේ අරමුණින්, ITC Ratnadipa සහ ජයන්ත ප්‍රේමචන්ද්‍ර පදනමේ සහයෝගය ඇතිව “The Art & Life of Jayantha Premachandra” නැමති අතීතාවර්ජන කලා ප්‍රදර්ශනය අප්‍රේල් 23 සිට 25 දා තෙක් කොළඹ ITC Ratnadipa හි Kathanayake Lounge පරිශ්‍රයේ දී පෙ.ව 10.00 සිට ප.ව 8.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී. කිසිදු අය කිරීමකින් තොරව පැවැත්වෙන මෙම කලා ප්‍රදර්ශනයේ දී කලාකාමී සහෘදයින්ට මෙන්ම පාසල් සිසු දරුවන්ට ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ දුර්ලභ හා වැදගත් නිර්මාණ රැසක් දැකබලා ගත හැකි වේ.

මෙම ප්‍රදර්ශනය තුළින් ප්‍රේමචන්ද්‍රයන්ගේ ගැඹුරු මානව දෘෂ්ටිකෝණය සහ සුවිශේෂී කලාත්මක ශෛලිය ඉස්මතු කෙරේ. දයානුකම්පාව, මනුෂ්‍යත්වය සහ නිදහස වැනි විශ්වීය තේමාවන් ගවේෂණය කරන එම නිර්මාණාත්මක කලා කෘති ශ්‍රී ලංකාවේ එදිනෙදා ජීවන රටාවන් අපූර්වත්වයෙන් යුතුව නිරූපණය කරනු ලබයි. 1950 සහ 1980 දශකයන්හිදී යුරෝපය, එක්සත් රාජධානිය, ස්කැන්ඩිනේවියාව, හිටපු සෝවියට් සංගමය, මැදපෙරදිග සහ ආසියාව පුරා පැවති ඒක පුද්ගල ප්‍රදර්ශන 45 ක් හරහා ඔහුගේ කලා නිර්මාණවලට ජාත්‍යන්තර පිළිගැනීමක් ද හිමි වූ අතර, ඒ ඔස්සේ ශ්‍රී ලාංකේය කලාව ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත සමීප කරවීමට සමත් විය. මෙවර පැවැත්වෙන කලා ප්‍රදර්ශනයට සමගාමීව කලාව පිළිබඳ සාකච්ඡාමය වැඩසටහන් සහ වැඩමුළු මාලාවක් තුළින් ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ ජීවිත කතාව, ශීල්පීය තාක්ෂණය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මහජනතාවට අවස්ථාව උදා වේ.

අප්‍රේල් 23 වන දින සවස 6:30 ට Jayantha Premachandra: Visual Thinking, Exaggeration, and Artistic Practice යන මාතෘකාව යටතේ අදහස් දැක්වීම සඳහා කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය හා රංග කලා පීඨයේ හිටපු පීඨාධිපති ජගත් රවීන්ද්‍ර සහ නීතිඥ ශානක අමරසිංහ යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.

අප්‍රේල් 24 වන දින සවස 5:30 ට, ඉෂානි සේනාධිර මහත්මිය (කලාව පිළිබඳ ශාස්ත්‍රපති – Shanthi Nikethan, B.A, Col) විසින් Insight for The New Generation by Jayantha Premachandra යන විද්වත් සාකච්ඡාව මෙහෙයවනු ලබයි. ඉන් අනතුරුව Curado හි ප්‍රධාන විධායක නිලධාරිනි ශානිලා අලස් සහ Foto Design හි කළමනාකාරිනි නාලිනී තංගවේලු යන මහත්මීන් විසින් The Art of Framing පිළිබඳ වැඩමුළුවක් සහ කතාමාලාවක් පැවැත්වීමට නියමිතව ඇත.

අප්‍රේල් 25 වන දින උදෑසන වැඩමුළුව ආරම්භ වන්නේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ සිතුවම් අංශයේ කථිකාචාර්යවරුන් විසින් පෙ.ව. 10:30 ට පවත්වනු ලබන Art Techniques And Methodology: An Introductory Demonstration යන මාතෘකාවත් සමගිනි. එදින සවස 5:30 ට විශ්ව භාරතී විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ආචාර්ය බීනා ගාන්ධි ඩියෝරි විසින් Beyond Borders: The Shared Artistic Tradition of Jayantha Premachandra යන මාතෘකාව යටතේ සාකච්ඡාමය වැඩසටහනක් පවත්වනු ලබයි. මෙම විද්වත් සාකච්ඡාවන් හා වැඩමුළු මාලාව අවසන් කරනු ලබන්නේ එදින ප.ව 6:30 ට කැපිටල් මහාරාජා ආයතනයේ සමූහ විධායක අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල් සමග පවත්වන Who Owns Art? From Closed Circles to Open Horizons යන සංවාදයත් සමගිනි.

මෙම සහයෝගීතාවය පිළිබඳ තම අදහස් බෙදා ගනිමින්, ITC Ratnadipa හි ශ්‍රී ලංකාවේ කලාපීය කළමනාකරු සහ සාමාන්‍යාධීකාරී කීනන් මැකෙන්සි මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ කලාත්මක උරුමයන් සිහිපත් කිරීම ITC Ratnadipa හි අනන්‍යතාවයේ ප්‍රධානතම අංගයක් වන බවයි. ITC Ratnadipa නිරන්තරයෙන්ම දේශීය කලාකරුවන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා නිර්මාණාත්මක ප්‍රජාවන් සමග ක්‍රියාකාරීව සම්බන්ධ වී කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේ ය. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් කලාකරුවෙකුට ගෞරව කිරීම උදෙසා ජයන්ත ප්‍රේමචන්ද්‍ර පදනම සමග සහයෝගීතාවයෙන් කටයුතු කරන්නට ලැබීම ඉතා වැදගත් පියවරක් බව පැවසූ ඔහු අනාගත පරපුරේ දක්ෂතාවයන් දිරිගැන්වීම සඳහා වේදිකාවක් නිර්මාණය කරන්නට ලැබීම සම්බන්ධයෙන් ආඩම්බර විය හැකි බව ද වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ජයන්ත ප්‍රේමචන්ද්‍ර පදනමේ සභාපතිනි නිලංකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ පැවසුවා ය. ‘‘ITC Ratnadipa සමග ඇති කරගත් සහයෝගීතාවය ඔස්සේ ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ කලාත්මක දැක්ම සිහිපත් කිරීමට වටිනා වේදිකාවක් නිර්මාණය කරනු ලබනවා. මෙම ප්‍රදර්ශනය තුළින් ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ කලාත්මක හැකියාවන්, මානව අත්දැකීම් ගවේෂණය කිරීම සඳහා ප්‍රේක්ෂකයින්ට වැදගත් අවකාශයක් සපයනවා. එමෙන්ම, මෙහි පැවැත්වෙන වැඩමුළු, සංවාද හරහා නිර්මාණශීලීත්වය පෝෂණය කරමින් අනාගත පරම්පරාව කලාව සමග බද්ධ කිරීමට හැකියාව ලැබෙනවා’’
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා +94 77 768 1114 හෝ +94 70 384 2494 ඇමතිය හැකියි. යාවත්කාලීන කිරීම් සහ වැඩමුළු සඳහා ලියාපදිංචි කිරීමේ සබැඳි (links) ITC Ratnadipa සහ ජයන්ත ප්‍රේමචන්ද්‍ර කලා පදනමේ නිල සමාජ මාධ්‍ය පිටු හරහා බෙදා ගනු ලැබේ.

LankaPay Technnovation Awards 2026 හිදී...
BYD ශ්‍රී ලංකාව තුළ වාහන...
TikTok releases Q4 2025 Community...
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ...
ITC Ratnadipa Presents The Art...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
புதிய வாகன மாடல்களுக்கான விரிவான லீசிங்...