පියයුරු පිළිකා පිලිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් LPL Pink තරඟය සංවිධානය කරයි

Share

Share

Share

Share

Dambulla Sixers පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා විට Jaffna Kings පූර්ව හඳුනා ගැනීම් ප්‍රවර්ධනය කරයි

Dambulla Sixers කණ්ඩායමේ හිමිකරු වන ප්‍රියංග ද සිල්වා මහතාගේ නායකත්වය යටතේ, LPL Pink තරගය හරහා පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය පෙරමුණට ගෙන ඒමට කටයුතු කෙරිණි. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඇති ජාතික මට්ටමේ පිළිගැනීම සහ ප්‍රේක්ෂක ආකර්ෂණය උපයෝගී කරගනිමින්, පිළිකා රෝගය කල්තියා හඳුනාගැනීම දිරිමත් කිරීම සහ එමඟින් මිනිස් ජීවිත බේරාගැනීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ විය.

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී මෙම Pink තරගය සංවිධානය කරනු ලැබුවේ අඛණ්ඩව 2 වැනි වරටය. Dambulla Sixers සහ Jaffna Kings අතර තරගය කොළඹ SSC ක්රීඩාංගණයේදී පවත්වනු ලැබුවේ පියයුරු පිළිකා දැනුවත් කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයක් බවට පත් කරමිනි. ජය පරාජයෙන් ඔබ්බට යමින් ඔබ්බට ශක්තිමත් එකමුතුවක් ප්රදර්ශනය කළ සහ Jaffna Kings සහ Dambulla Sixers කණ්ඩායම ද Pink Match උත්සවයට සහභාගී විය.

තරඟය පුරාම Dambulla Sixers කණ්ඩායම මේ වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කරන ලද රෝස පැහැති ක්‍රීඩා ඇඳුම් සහ හෙල්මට් පැළඳ පිටියට පිවිසි අතර, Touch, Look, Check (TLC) යන පණිවිඩය ක්‍රීඩාංගණය, දැවැන්ත තිර සහ සජීවී රූපවාහිනී විකාශනය ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය කෙරුණි. මෙම ප්රචාරණ ව්යාපාරය මඟින් කාන්තාවන්ට තමන්ගේ පියයුරුවල සිදුවන වෙනස්කම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, කිසියම් අසාමාන්‍ය ලක්ෂණයක් දුටුවහොත් වහාම වෛද්ය උපදෙස් ලබාගන්නා ලෙසත් උපදෙස් ලබා දෙන ලදී.

මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්යාංශය, ජාතික පිළිකා මර්ධන වැඩසටහන, මහරගම අපේක්ෂා රෝහල, ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යාලය සහ අනෙකුත් ජාතික මට්ටමේ වෘත්තීය හා තාක්ෂණික ආයතනවල පූර්ණ සහයෝගීතාවයෙන් ක්රියාවට නංවන ලදී. එමඟින්, ප්රචාරය කරන ලද සියලුම දැනුවත් කිරීමේ පණිවිඩ ජාතික වශයෙන් පිළිගත් පොදු සෞඛ්ය මාර්ගෝපදේශවලට අනුකූලව සහ නිවැරදිව ලබාදීමට පියවර ගෙන තිබුණි.
‘සුව අරණ‘ සහ SOS ළමා ගම්මානයන්හි දරුවන්ද තරඟයට පෙර පැවැති නිල උත්සවයේදී ක්රීඩකයන් සමඟ පිටියට එක්වූ අතර, එමඟින් පිළිකා රෝගය නිසා පවුල්වලට සහ සමස්ත සමාජයට සිදුවන පුළුල් බලපෑම පිළිබඳව සැමට සිහිපත් කර දෙන ලදී.

තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට නිල රෝස පැහැති T-ෂර්ට් මිලදී ගැනීමට අවස්ථාව ලැබුණු අතර, එමඟින් ලැබුණු සියලුම ආදායම් ඉන්දිරා පිළිකා භාරයේ පියයුරු පිළිකා දැනුවත් කිරීමේ වැඩසටහන්, රසායනික චිකිත්සාවලට භාජනය වන රෝගීන් සඳහා කෘතිම කෙස් කළඹ සකස් කිරීම, පියයුරු ප්රොස්ටෙසිස් ලබාදීම සහ අනෙකුත් රෝගී සත්කාරක සේවා සඳහා සෘජුවම පරිත්යාග කෙරිණි.

Sri Lanka strengthens business confidence...
ජී.එස්.පී ප්ලස් යලි සලකා බැලීම...
99x Rebuilds Flood-Damaged IT Labs...
Sunshine Holdings records 16.6% YoY...
Janashakthi Life සමාගම Great Place...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය...