- බයිරහා එහි නිර්මාතෘ වන එම්. අයි. එම්. නලීම් හාජියාර් විසින් 1975 වසරේදී තනි ගොවිපලකින් ආරම්භ කරන ලද සමාගමකි.
- බයිරහා ශ්‍රී ලංකාව තුළ ප්‍රථමයෙන්ම බිහි වූ මහා පරිමාණායේ ගුණාත්මක බ්‍රොයිලර් කුකුලු මස් නිෂ්පාදකයා වේ.
- බයිරහා සිය බාහිර කොන්ත්‍රාත් ගොවිපල ව්‍යාපාරය ප්‍රථමයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1985 වර්ෂයේ ආරම්භ කර ඉන් අනතුරුව ග්‍රාමීය ගොවීන්ට ශක්තියක් වෙමින් පුත්තලම, කුරුණෑගල හා තවත් දිස්ත්‍රික්ක ගණනාවකම ව්‍යාප්ත කෙරිනි.
ශ්‍රී ලංකාවෙහි කුකුල් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි වඩාත් ස්ථාවර හා ජනතා විශ්වාසය දිනාගත් ප්‍රම්‍රඛපෙලේ ආයතනයක් වන බයිරහා ෆාම්ස් PLC සමාගම සිය 50 වසරක අභිමානවත් සේවා විශිෂ්ඨත්වය ශ්‍රී ලාංකික පෝෂණ අවශ්‍යතාවයෙහි සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කරමින් සාඩම්බරව සමරනු ලබයි.
බයිරහා 1975 වසරේදී සීය ශ්‍රී ලාංකේය කුකුල් නිෂ්පාදන මෙහෙයුම් ආරම්භ කරනු ලැබූ අවධිය වන විට කුකුල්මස් අප රට තුළ සුඛෝපභෝගී ආහාරයක් ලෙස සැලකුවද පසුකාලීනව එය කාට වුවද පහසුවෙන් දරාගත හැකි සාධාරණ මිලකට ලබා ගැනීමට පහසු වූ ප්‍රෝටීන බහුල ආහාරයක් බවට පත් කිරීමට බයිරහා සමත්වීම විශේෂත්වයකි. මේ තුළින් ගම්‍ය වන්නේ උසස් තත්ත්වයෙන් යුතු ගුණාත්මක ආහාර නිෂ්පාදනයක් පාරිභෝගික ජනතාව වෙත ලබාදීම මෙන්ම ආහාර වලින් රට ස්වයංපෝෂිත කිරීමේ අවශ්‍යතාවය සඳහා සමාගමේ දැඩි කැපවීම හා අඛන්ඩ ප්‍රයත්නය බව නොරහසකි.
අද වන විට ශ්‍රී ලංකාව තුළ කුකුල් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි උසස් තත්ත්වයෙන් යුතු පෝෂ්‍යදායි කුකුල්මස් සැපයීම ඇතුළු මහා පරිමාණයේ සියලු ඒකාබද්ධ අංගෝපාංගයන්ගෙන් සමන්විත මවුපිය සතුන්ගෙන් යුත් අභිජනන හා බ්‍රොයිලර් ගොවිපළ මෙන්ම කුකුල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය එලීසා රසායනාගාරයක් ස්ථාපිත කිරීම තුළින් බයිරහා අදාළ කේෂ්ත්‍රය තුළ ඉදිරියෙන් සිටියි. එසේම කුකුල් නිෂ්පාදන ක්ෂේත්‍රයට අවශ්‍ය සත්වාහාර කම්හලක්ද ද පවත්වාගෙන යන අතර දිවයින පුරා කුකුල් මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන විධිමත්ව රට පුරා බෙදා හරිමින් තිබේ.
කෙසේ වුවද ඇතැම් අවස්ථාවල මුහුණ දීමට සිදුවූ මූල්‍ය අස්ථාවරවීම් මෙන්ම සැපයීම් දාමයේ දුෂ්කර තත්ත්වයන් හමුවේ වුවද බයිරහා නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට සමාගමට හැකියාව තිබේ. එසේම ග්‍රාමීය ගොවි ප්‍රජාව කුකුල් නිෂ්පාදන ව්‍යාපාරයට එක් කර ගැනීමට හැකි වීමෙන් ඔවුන්ගේ ආර්ථික වර්ධනයක් මෙන්ම කුකුල් නිෂ්පාදන පදනමෙහි ද සීඝ්‍ර වර්ධනයක් පෙන්වීමට හැකිවීමෙන් බයිරහා සුවිශේෂී මෙහෙවරක් ඉටු කර තිබේ.
50 වසරක සිය අභිමානවත් ගමන් මග පිළිබඳව බයිරහා ෆාම්ස් PLC හි කළමනාකාර අධ්‍යක්ෂක යාකූත් නලීම් මහතා මෙසේ අදහස් දැක්වීය. “අපගේ 50 වසරක ගමන් මඟ අඛණ්ඩව ඉගෙනීමත් නවෝත්පාදනයන් මෙන්ම කාලීන වෙනස්කම් වලට භාජනය වීම් සමුදායකයින් පිරී තිබෙන්නෙකි. ආර්ථික අභියෝගතා මෙන්ම නිරන්තර වෙනස්වීම්වලට භාජනය වන පාරිභෝගික අවශ්‍යතා හමුවේ වුවද අප නිරන්තරයෙන් පාරිභෝගික විශ්වාසය දිනා ගැනීම පිණිස අප නිෂ්පාදන තුළ ගුණාත්මක භාවය වඩ වඩාත් තහවුරු කර ගනිමින්, සෑම ශ්‍රී ලාංකික ජන කොටසකටම මිලට ගත හැකි තත්ත්වයක් උදාකර තිබෙනවා. මෙම වටිනාකම් හේතුවෙන් පරම්පරා ගණනාවක් තුළ සිදුකල අපගේ මෙහෙයුම් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට හැකිවීම සතුටක්.” වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් මහතා ප්‍රකාශ කළේ දැනට වෙළඳපොලේ අමුද්‍රව්‍ය හිඟය ඉහල යන තරගකාරීත්වය වැනි අභියෝග හමුවේ වුවද අපගේ කුකුල් නිෂ්පාදන කර්මාන්තය දේශීය වශයෙන් මෙන්ම අපනයන වෙළඳපොලෙත් ශක්තිමත්ව තිබීම සතුටක් බවය. එසේම අප ඉදිරියට ගමන් කිරීමේ දී කර්මාන්තයෙහි සුවිශේෂී ආරක්‍ෂාව සඳහා දැරිය හැකි සාධාරණ මිලකට කුකුල්මස් සපයමින් නවෝත්පාදනය හා තිරසාරත්වය තුළින් මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමටත් පාරිභෝගික විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමටත් කටයුතු කරන බවයත්ය.
ශ්‍රී ලංකාවේ කුකුල් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි පරිණාමය සමග බයිරහා අතීත ක්‍රියාවලිය ගැඹුරින් බැඳී තිබේ.අප රට තුළ මහා පරිමාණයේ බ්‍රොයිලර් හා මවුපිය අභිජනන ගොවිපළ මෙන්ම රක්වනාගාරයක්ද සමාගම විසින් 1977 වර්ෂයෙහි ස්ථාපිත කළ අතර ඊට සමගාමීව 1980 වර්ෂයෙහි නවීනපන්නයේ සැකසුම් කම්හලක් ද ස්ථාපිත කෙරිණි. එසේම 1985 වසරේ වාණිජ කුකුල් නිෂ්පාදන ව්‍යාපෘතියක් වශයෙන් ගම්පහ කුරුණෑගල හා පුත්තලම ප්‍රදේශවල ගොවි ප්‍රජාවට ස්ථාවර ජීවනෝපායන් සැලසීම සඳහා ආර්ථික ශක්තියක් ලබා දෙමින් බාහිර කොන්ත්‍රාත් ගොවිපළ ක්‍රමය හඳුන්වා දීම බයිරහා විසින් ඉටු කරන ලද තවත් ප්‍රශස්ත සේවාවකි.
අද වන විට මෙම කර්මාන්තය දිනෙන් දින ඉහළ යාම තුළින් දේශීය ආර්ථිකය නංවාලීමට දායකවීම ජනතාවට ස්ථාවර ජීවන උපායක් නිර්මාණය වීම රට තුළ සැපයුම් දාම ශක්තිමත් කිරීම මෙන්ම සත්ත්ව ආහාර සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ බඩ ඉරිඟු සහ සෙසු සත්ව ආහාර කෘෂි නිෂ්පාදන සඳහා වෙළඳපොලේ සැලකිය යුතු වර්ධනයක්ද දක්නට ලැබීම විශේෂත්වයකි.
දැනට දිවයින පුරා ප්‍රදේශ දහතුනක බයිරහා සිය ගොවිපළ ඇතුළු නිෂ්පාදන ඒකක පවත්වාගෙන යමින් 1300කට නොඅඩු සේවක පිරිසකට මෙන්ම බාහිර කොන්ත්‍රාත් ගොවීන් සිය ගණනකට රැකියා අවස්ථා උදාකර දීම පැසසිය යුත්තකි. මෙම සියලු ඒකක වන සත්ව ආහාර කම්හල, අභිජනන ගොවිපළ, සැකසුම් කම්හල මෙන්ම කුකුල් මස් හා ආශ්‍රිත නිෂ්පාදන බෙදා හරි මේ කටයුතු අවශ්‍ය තත්ත්ව ප්‍රමිතීන්ට මෙන්ම අදාළ නියමයන්ට අනුකූලව ගුණාත්මකව ඉටු කරනු ලබන අතර, ඒ අනුව බයිරහා නිෂ්පාදනද නිරතුරුව පාරිභෝගිකයින් අතට සමීප වේ.
ඊළඟ කාල පරිච්ඡේදයට පිවිසෙන විට වුවද ග්‍රාමීය සමෘද්ධියෙහි ප්‍රධාන කොටස්කරුවකු වන බයිරහා සුපුරුදු පරිදි අඛන්ඩවම පවුලේ ආහාර මේසයෙහි විශ්වාසනීයම වෙළඳ නාමයවනු ඇත. වගකීමෙන් බැදි ශ්‍රී ලාංකේය ආහාර නිෂ්පාදකයකු ලෙස එහි අඩසිය වසක කාල පරිච්ඡේදයක් තුළ ගොඩනගන ලද අපරිමිත පාරිභෝගික විශ්වාසය, පෝෂණය මෙන්ම ජාතික දායකත්වය වැනි ආයතනික උරුමයන් තවදුරටත් ශක්තිමත් කරමින් වඩාත් තිරසාර ගොවිපළ සංවිධාන ක්‍රමවේදයන් සඳහා ආයෝජනය කිරීමට හා එමඟින් බයිරහා මෙහෙයුම් නවීකරණය කිරීමටත් විදේශීය ආයෝජන අවස්ථා තවදුරටත් සොයා බලා අවශ්‍ය පියවර ගැනීමටත් අප සමාගම ඊළඟ කාල පරිච්ඡේදයට පිවිසීමත් සමඟ සිය පූර්ණ අවධානය යොමු කරමින් සිටි.