මගී සුවපහසුව වෙනුවෙන් කවදත් මුල්තැන දුන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික ගුවන් සේවාව වන FitsAir ගුවන් සමාගම, සිය තෙවන සංවත්සරය අභිමානයෙන් සමරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, සිය ජාත්‍යන්තර මගී ගුවන් මෙහෙයුම් හි තුන් වසරක අත්දැකීම අභිමානයෙන් යුතුව සමරයි. එය ශ්‍රී ලාංකිකයන් සඳහා ගුවන් ගමන් පහසුකම් සපයන මෙහෙවරෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.

පසුගිය වසර තුළ FitsAir ගුවන් සමාගම සුවිශේෂී වර්ධනයක් සමගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. FitsAir ගුවන් සේවය සිය ජාලයේ නව ගමනාන්තයක් ලෙස ක්වාලාලම්පූර් වෙත ගුවන් මෙහෙයුම් සාර්ථකව දියත් කළ අතර, ඉහළ යන ඉල්ලුම සපුරාලමින් මාලේ සහ ඩකා වෙත ද තම ගුවන් ගමන් වාර ප්‍රමාණය වැඩි කිරීමට ද කටයුතු කර ඇත. එමෙන්ම මෑතකදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි බිම් මට්ටමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා අනුමැතිය ලබාගෙන තිබීම ද FitsAir හි ස්වාධීන කාර්යක්ෂමතාවයක් සමගින් විශිෂ්ට සේවාවක් ලබා දීම කෙරෙහි ඇති කැපවීම මනාව ඉස්මතු කරයි.

සිය තුන්වන සංවත්සරය සැමරීම පිළිබඳව අදහස් දක්වමින් FitsAir ගුවන් සමාගමේ විධායක අධ්‍යක්ෂ Ammar Kassim මහතා මෙසේ පැවැසීය. ‘‘ FitsAir ගුවන් සමාගම, සැලකිය යුතු වර්ධනයක් සහ දැක්මක් සමගින් මෙතෙක් පැමිණි ගමන්මග සුවිශේෂී වෙනවා. මේ වනවිට අපගේ ගුවන් සේවාව නව වර්ධනයක් ළඟා කර ගනිමින් සිටින අතරම, අපගේ ගුවන් මෙහෙයුම් ශක්තිමත් කරමින් පාරිභෝගිකයින්ගේ සුවපහසුව උදෙසා විශාල වශයෙන් ආයෝජනය කරමින් සිටිනවා. එමෙන්ම කලාපීය ගුවන් සංචාරයන් පහසු සහ දැරිය හැකි මිලකට ලබා දෙන නවීනතම, කාර්යක්ෂම සහ ගෞරවනීය සේවාවක් ලබා දෙන ශ්‍රී ලාංකික ගුවන් සේවාවක් වශයෙන් ස්ථානගත කිරීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි’’

FitsAir ගුවන් සමාගමේ තෙවන සංවත්සරය නිමිත්තෙන්, සීමිත කාලීන ප්‍රවර්ධන සේවාවන් ගුවන් මගීන් වෙනුවෙන් හඳුන්වා දී ඇති අතර, කොළඹ සිට ඩුබායි, ක්වාලාලම්පූර්, මාලේ සහ ඩකා වෙත ආකර්ෂණීය ගාස්තුවක් සමගින් කිලෝග්‍රෑම් 20ක පරීක්ෂා කරන ලද ගමන් මලු සහ කිලෝග්‍රෑම් 7ක අත් ගමන් මලු පහසුකම් දීමනාවක් ද ඊට ඇතුළත් කර තිබේ. මෙම විශේෂ ගාස්තු ප්‍රවර්ධනය සීමිත කාලයක් සඳහා ලබා ගත හැකි බැවින් www.fitsair.com යන ආයතනික වෙබ් අඩවිය හරහා පමණක් මගී ආසන වෙන් කරවා ගැනීමට අවස්ථාව සලසා ඇත.

මගී ගුවන් මෙහෙයුම්හි සිව්වැනි වසරට පා තබන මොහොතක, FitsAir ගුවන් සමාගම සිය ගුවන් ගමන් ජාලය පුළුල් කිරීම, පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ නවෝත්පාදන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කර තිබේ. සාධාරණ සේවා ගාස්තු මගීන්ට පිරිනැමීම කෙරෙහි නිරන්තර අවධානයක් යොමු කරන FitsAir ගුවන් සමාගම, අහසේ පියාසර කළ හැකි විශ්වාසවන්ත මිතුරෙකු වශයෙන් ශ්‍රී ලාංකික ගුවන් සේවාවේ ආඩම්බරය ජාත්‍යන්තරය තුළ ඉදිරියටත් ප්‍රචලිත කරනු නිසැකය.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...