මහනුවර සහ කුරුණෑගල නව ශාඛා සමඟින් SPAR ශ්‍රී ලංකා සිය ව්‍යාපාරික ජාලය තවදුරටත් පුළුල් කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ එකම ‘GLOCAL’ ගෝලීය ප්‍රමිතියෙන් යුත් දේශීය සුපිරි වෙළෙඳසැල් ජාලය වන SPAR ශ්‍රී ලංකා, මහනුවර සහ කුරුණෑගල නගර කේන්ද්‍ර කරගනිමින් සිය නවතම ශාඛා විවෘත කරමින් දිවයින පුරා සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් ව්‍යාප්ත කරයි.

මහනුවර, අංක 27B, ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතේ පිහිටි නව SPAR ශාඛාව 2026 මාර්තු මස 30 වන දින සුබ මොහොතින් විවෘත විය. මෙය කන්ද උඩරට පාරිභෝගිකයින් දීර්ඝ කාලයක සිට අපේක්ෂා කළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.

දිවයින පුරා විසිරුණු SPAR ශාඛා ජාලය 12ක් දක්වා වර්ධනය වීම මඟින් පෙන්නුම් කරන්නේ, ජාත්‍යන්තර මට්ටමේ සිල්ලර වෙළෙඳ අත්දැකීමක් කොළඹින් බැහැර පාරිභෝගිකයින් වෙතද සමීප කිරීමට ආයතනය සතු කැපවීමයි.

SPAR ශ්‍රී ලංකා හි මෙම සාර්ථක වර්ධනය පිටුපස ඇති ප්‍රධාන ශක්තිය වන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ සන්නාමයක් වන සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් (CBL) සමඟ පවතින ශක්තිමත් දේශීය හවුල්කාරිත්වයයි. 2017 වසරේදී ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසි දින සිට, SPAR සතු ගෝලීය සිල්ලර වෙළෙඳ විශේෂඥතාව සහ CBL ආයතනය සතු දේශීය පාරිභෝගික රුචිකත්වයන් හා සැපයුම් දාම පිළිබඳ ගැඹුරු අවබෝධය මනාව ඒකාබද්ධ වී ඇත. SPAR දේශීය නිෂ්පාදකයින් දිරිමත් කරන අතර පාරිභෝගිකයින්ට ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන සහ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

SPAR Supermarket එක එහි අනාගත වර්ධනය සහ ශාඛාවන් පුළුල් කිරීමට බලාපොරොත්තු වන්නේ දේශීය ව්‍යවසයකන් සමග එකතු වෙමින්. SPAR SaveMor සන්නාමය හරහා එය ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වන අතර එහිදී දේශීය ව්‍යවසායකයන්ගේ මෙහෙයුම් වර්ධනය කිරීම, සැපයුම් පුළුල් කිරීම වැනි ඉතා වැදගත් කරුණු කිහිපයක් යටතේ ඔවුන්ව බලගැන්වීමට SPAR ආයතනය බලාපොරොත්තු වෙයි.

පසුගිය වසර 7ක කාලය පුරා ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳ සැල් ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක නිරත වන SPAR ශ්‍රී ලංකා, පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් සපයා ගත් උසස් නිෂ්පාදන එකතුවක් පිරිනමයි. පාරිභෝගිකයින්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ දේශීය නිෂ්පාදන දිරිගන්වමින් නිපදවන ලද ‘SPAR’ සන්නාමය සහිත නිෂ්පාදන රැසක් ද මෙහිදී මිලදී ගත හැකිය. විශේෂයෙන්ම, නැවුම් ආහාර නිෂ්පාදන වල විශිෂ්ටත්වය කෙරෙහි අවධානය යොමු කරමින්, එළවළු සහ පළතුරු, බේකරි නිෂ්පාදන, මස් වර්ග සහ බෙහෙවින් ජනප්‍රිය ක්ෂණික ආහාර සඳහා SPAR වෙළෙඳ සැල් තුළ ඇති විශේෂත්වයයි. ජාත්‍යන්තර මට්ටමේ පුහුණුව ලත් සේවක මණ්ඩලයක් සපයන විශිෂ්ට සේවාව සහ නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත වෙළෙඳසැල් සැලසුම හේතුවෙන් සෑම පාරිභෝගිකයෙකුටම පහසු සහ ප්‍රසන්න සාප්පු සවාරි අත්දැකීමක් සහතික කෙරේ.

කුරුණෑගල විවෘත වන 13 වැනි SPAR ශාඛාව අප්‍රේල් 10 වන දිනට සැලසුම් කර ඇත. SPAR හි මෙම වර්ධනය මඟින් පෙන්නුම් කරන්නේ භූගෝලීය ව්‍යාප්තිය පමණක් නොව, ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳ සැල් ක්ෂේත්‍රය ලෝක මට්ටමේ අත්ත්දැකීමක් කරා ඔසවා තැබීමටත්, පාරිභෝගිකයින්ට පහසුව, ගුණාත්මකභාවය සහ ඉහළ වටිනාකමක් ලබා දීමටත් ඔවුන් දක්වන අඛණ්ඩ උනන්දුවයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ දේශීය අනන්‍යතාවයේ මනා සංකලනයක් සහිතව, මහනුවර, කුරුණෑගල සහ ඒ අවට වෙසෙන පාරිභෝගිකයින්ගේ එදිනෙදා සාප්පු සවාරි අත්දැකීම නව මානයකට ඔසවා තැබීමට SPAR සූදානම්ව සිටියි.

Hope Is Just a Scroll...
Hope Is Just a Scroll...
Samsung Sri Lanka 2026 අලෙවි...
වාහන සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට...
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
விற்பனை மற்றும் பங்களிப்பில் சிறந்து விளங்கிய...