මහේන්ද්‍රා මෝටර් රථ හා ජෙනරේටර් සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දෙමින් HNB අයිඩියල් මෝටර්ස් සමඟ පැවති ගිවිසුම දීර්ඝ කරයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මහේන්ද්‍රා මෝටර් රථ සහ ජෙනරේටර් සඳහා දේශීය අලෙවි නියෝජිතයා වන අයිඩියල් මෝටර්ස් සමඟ වන හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කර ඇත. මෙම සහයෝගීතාවය හරහා මූලික වශයෙන් අඩු පොලී අනුපාත පිරිනැමීම කෙරෙහි අවධානය යොමු කරමින් පාරිභෝගිකයින්ට විශේෂ ප‍්‍රතිලාභ රාශියක් ගෙන එයි. මහින්ද්‍රා වාහන සහ ජෙනරේටර් මිලදී ගැනීමේදී පහසු සහ දැරිය හැකි අත්දැකීමක් සහතික කරමින් පාරිභෝගිකයින්ට දැන් මෙම හවුල්කාරිත්වය හරහා පුළුල් පරාසයක වාසි අත්විඳිය හැකිය.

අයිඩියල් මෝටර්ස් සහ HNB අතර ඇති හවුල්කාරිත්වය මගින් පාරිභෝගිකයින්ට ඉතා දැරිය හැකි ලීසිං විසඳුම්, එක් එක් පුද්ගලයාට විශේෂිත වූ සේවා සහ පාරිභෝගිකයින් මහේන්ද්‍රා වාහන හෝ ජෙනරේටර් මිලදී ගැනීමේදී ණය ලබා ගැනීමේ පහසුකම් ආදි සේවාවන් සඳහා ප‍්‍රවේශය සහතික කරයි. මෙම සහයෝගීතාවයේ අරමුණ වන්නේ ආකර්ෂණීය මූල්‍ය කොන්දේසි පිරිනැමීම මගින් පාරිභෝගිකයින්ට හැකි උපරිම අත්දැකීමක් ලබා දීමයි. අයිඩියල් මෝටර්ස් ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ජේ විජේමාන්න සහ අයිඩියල් මෝටර්ස් අධ්‍යක්ෂ – නීති සහ අලෙවි, නිමිෂා වෙල්ගම යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ”පසුගිය වසර දෙක තුළ අප මුහුණ දුන් අවිනිශ්චිතතාවයන් ප‍්‍රවාහනයට විශේෂයෙන් වාහන මිලදී ගැනීමට කැමති පුද්ගලයින් සහ සැපයුම් සහ ප‍්‍රවාහනයට සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශාල බලපෑමක් ඇති කළා. මෙම අභියෝග හමුවේ වුවද, අයිඩියල් මෝටර්ස් සමඟ අපගේ හවුල්කාරිත්වය අලූත් කිරීමට හැකි වීම ගැන අපි සතුටු වනවා. එක්ව වැඩ කිරීමෙන්, විවිධ මාදිලියේ මහේන්ද්‍රා මෝටර් රථ මිලදී ගැනීමට මිනිසුන්ට පහසුවෙන් ප‍්‍රවේශ වීම සඳහා අපට හොඳම සේවා සහ ආපසු ගෙවීම් විසඳුම් ලබා දිය හැකි බව අපට විශ්වාසයි.’’ යනුවෙනි.

තවද HNB General Insurance විසින් ගනුදෙනුකාරභවතුන්ට වාහන රක්ෂණ වාරික සඳහා ආකර්ෂණීය වට්ටම් ද හදිසි මරණයකදී නොමිලේ රු. මිලියන 4.5ක ජීවිත රක්ෂණාවරණයක් සහ ස්වභාවික මරණයක් සඳහා රු.600,000 ක රක්ෂණාවරණයක් ලබා දෙයි. මීට අමතරව මහේන්ද්‍රා වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට HNB විසින් දිවයින පුරා සිටින සිය පුළුල් වෙළඳ ජාලය හරහා විවිධ මෝටර් රථ නිෂ්පාදන, මෝටර් රථ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ක්‍රෙඩිට් කාඞ්පතක් ද ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

‘‘කාලයෙන් කාලයට වෙනස් වන මෝටර් රථ කර්මාන්තය තුළ, අපගේ ගනුදෙනුකාරභවතුන්ට සුවිශේෂී සේවාවන් සහ වටිනාකමක් ලබා දීමට අපි කැපවී සිටිනවා. HNB සමඟ අලූත් කරන ලද අපගේ හවුල්කාරිත්වය පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා අපගේ අන්‍යෝන්‍ය කැපවීම පෙන්නුම් කරන කදිම සාක්ෂියක්. අප ආයතන දෙක එක්ව පාරිභෝගිකයින්ට දැරිය හැකි විකල්ප හරහා මහේන්ද්‍රා වාහනයක් හිමිකර ගැනීමේ ඔවුන්ගේ සිහිනය යථාර්තයක් බවට පත් කිරීම අපගේ අරමුණයි. අපගේ ප‍්‍රවීණත්වය සහ අප පාරිභෝගික අවශ්‍යතා හොඳින් හඳුනන නිසා මෝටර් රථයක් මිලදී ගැනීමේ අත්දැකීම ඉහළ නංවමින්, ආකර්ෂණීය දීමනා සහ මූල්‍ය සේවා ලබා දිය හැකි බව අපට විශ්වාසයි.’’ යනුවෙන් අයිඩියල් මෝටර්ස් අධ්‍යක්ෂ – නීති සහ අලෙවි, නිමිෂා වෙල්ගම මහත්මිය පැවසුවාය.

 

HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ් පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ් සාමාන්යාධිකාරී සන්ජේ විජේමාන්න සහ අයිඩියල් මෝටර්ස් අධ්යක්ෂනීති සහ අලෙවි, නිමිෂා වෙල්ගම යන මහත්ම මහත්මීන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්. HNB සහ අයිඩියල් මෝටර්ස් නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වූ ජ්යෙෂ්ඨ නිළධාරීන් ඡායාරූපයේ වෙයි.

පාම් තෙල් විරෝධය, විශ්වාස සහ...
2026 ආධුනික වයස් කාණ්ඩ පිහිනුම්...
இலங்கையின் எதிர்காலத்தை நோக்கி களம் அமைக்கும்...
இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனம் Rebuilding...
කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
2025 டிசம்பரில் இலங்கையின் ஆடை ஏற்றுமதி...