BYD සමූහයේ නවතම රථවාහන සන්නාමය වන DENZA පසුගියදා ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබීය. John Keells CG Auto (JKCG Auto) හි බලයලත් හවුල්කාරීත්වය යටතේ කොළඹ වෝටර්ස් එජ් හිදී හඳුන්වා දුන් මෙම මෝටර් රථ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිසල් පෙරලියක් ඇති කරනු නිසැකය. යුරෝපීය නිමාවෙන් යුත් මෙම නව බලශක්ති වාහන අති නවීන තාක්ෂණය සමඟින් සුව පහසු අත්දැකීමක් මෙරට පාරිභෝගිකයින් වෙත ගෙන ඒමට සමත් වනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ BYD හි ආසියා පැසිෆික් කලාපීය වාහන අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී Ketsu Zhang මහතා “ලොව වඩාත් නවීන නව බලශක්ති වාහන සන්නාමය වන DENZA ආකර්ෂණීය යුරෝපීය නිමාවින් යුතුව නව්‍ය තාක්ෂණය සමඟින් පාරිභෝගිකයින් වෙත සුවපහසුව, සුඛෝපභෝගී බව මෙන්ම තිරසාරත්වය සපිරි විශිෂ්ට නිෂ්පාදනයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. JKCG Auto සමඟින් එක්ව දකුණු ආසියානු කලාපයේ පළමු වෙළෙඳපොල ලෙස ශ්‍රී ලංකාව වෙත තිරසාර ප්‍රවාහන විසඳුම් ලබා දීම සඳහා අපි කැපවී ක්‍රියා කරනවා.” යනුවෙන් පැවසීය.

මෙම නිල දියත් කිරීමේ අවස්ථාව සඳහා මාධ්‍ය ආයතන නියෝජිතයින්, ව්‍යාපාර හා මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් එක්ව සිටි අතර එහිදී DENZA සන්නාමයේ DENZA B8, DENZA B5 සහ DENZA D9 මාදිලි එළිදක්වනු ලැබීය. මෙම මාදිලි අතරට බහුකාර්ය (MPVs) හා ඉහළ කාර්යසාධනයක් සහිත නව බලශක්ති වාහන (PHEVs)ඇතුළත් වන අතර ඒවා සුඛෝපභෝගී හා ඉහළ කාර්යසාධනයක් සහිත රථවාහන සොයන පාරිභෝගිකයින්ට ඉතා වැදගත් වනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ JKCG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා පවසා සිටියේ “ගුණාත්මකභාවය හා විශ්වාසය රැකගනිමින් නව බලශක්ති වාහන පාරිභෝගිකයින් වෙත උසස් තත්වයේ වාහනයක් ලබා දීමට DENZA කටයුතු කර තිබෙනවා. මෙම හවුල්කාරීත්වය තුලින් මෙරට වෙළෙඳපොලට විශිෂ්ට නිෂ්පාදනයක් ලබා දීමේ හැකියාව උදා කර දී තිබෙන අතරම ඒ වෙනුවෙන් අලෙවියෙන් පසු සේවාව සඳහා කැපවීමෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.
BYD සහ Mercedes-Benz අතර සුවිශේෂී හවුල්කාරීත්වයක ප්‍රතිඵලයක් ලෙස 2010 වසරේදී ඉහළ තාක්ෂණය සමගින් යුරෝපීය නිමාවෙන් යුත් විශිෂ්ට නිෂ්පාදනයක් ප්‍රවාහන ක්ෂේත්‍රයට දායාද කිරීම වෙනුවෙන් DENZA සන්නාමය එළිදක්වනු ලැබීය. 2014 වසරේදී පළමු වාහනය හඳුන්වා දුන් DENZA එතැන් සිට ආකර්ෂණීය මාදිලි තුලින් යුරෝපය සහ ඉන්දුනීසියාව ඇතුලු ජාත්‍යන්තර වෙළෙඳපොල රැසක් ජයගැනීමට සමත්ව ඇත. දකුණු ආසියානු වෙළෙදපොල ජය ගැනීමේ සමාරම්භය ශ්‍රී ලාංකීය වෙළෙඳපොලත් සමඟ DENZA මෙම දියත් කිරීම තුලින් සනිටුහන් කරනු ලබයි.
DENZA හි මෙම සුවිශේෂී හඳුන්වාදීම් අතරට තාක්ෂණයෙන් ඉහළ රථවාහන මාදිලි 3ක් ඇතුළත් වන අතර ඒවා නම් BYD හි e-Platform 3.0 මත පදනම් වූ D9 full-electric MPV (සම්පූර්ණයෙන් විදුලියෙන් ක්‍රියාත්මක බහුකාර්ය වාහන), B5 සහ B8 plug-in hybrid SUV රථ වාහනයි.
මගීන් 7 දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි DiSus-C damping control හා ඉහළ ආරෝපණයක් සහිත 800V high-voltage system විශේෂාංගයන්ගෙන් සමන්විත එහි අඟල් 17.3ක touchscreen සහ 5G සම්බන්ධතාව සහිත Intelligent cockpit තාක්ෂණයන්ද අන්තර්ගත වේ. BYD හි බැටරිය භාවිත කරනු ලබන මෙය ඉහළ පරාසයක උෂ්ණත්වය කළමනාකරණය හා ආරක්ෂාව සපයනු ලබයි.

DM-O තාක්ෂණය (Dual Mode Offroad) තාක්ෂණය භාවිත කරනු ලබන B5 සහ B8 රථ වාහන මාදිලි ද්විත්ව ඉලෙක්ටි්‍රක් මෝටර් හා Blade Battery cells සහිත ටර්බෝචාර්ජ් ද්විත්ව plug-in hybrid එන්ජිමකින් බල ගැන්වේ. විදුලියෙන් පමණක් ධාවනය වීමේ හැකියාව සහිත මෙම මාදිලි DiSus-P හයිඩ්‍රොලික් අනුවර්තනය වැළැක්වීම, විද්‍යුත් අගුලු දැමීමේ වෙනස මෙන්ම වේගයෙන් ආරෝපණය වීමේ හැකියාව සහිතය. අඟල් 15.6ක තිරයකින් යුත් සංදර්ශකය සහ මනා රියදුරු සහායක තාක්ෂනයන්ගෙන් සමන්විත මෙම මාදිලි සුඛෝභෝගීත්වය හා තාක්ෂණික විශිෂ්ටත්වය පාරිභෝගිකයින් වෙත නොපිරිහෙලා තිලිණ කරනු ලබයි.
DENZA හි මෙරට බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන JKCG Auto සිය මෝටර් රථ විශේෂඥතාව හා විශිෂ්ට පාරිභෝගික සේවා හැකියාව මෙම හවුල්කාරීත්වය සමඟ එක් කර තිබීම විශේෂත්වයකි. මෙම සන්නාමය සඳහා පුලුල් 3ී පහසුකමක් ස්ථාපිත කිරීමට අදහස් කර ඇති සමාගම ඒ හරහා වගකීම් සහගත සේවාව, නියම අමතර කොටස් සහ දිගු කාලීන සහාය ලබා දීමට අදහස් කර ඇත. ඒ අනුව JKCG Auto හි උසස් තාක්ෂණය, JKCG Auto හි වෙළෙද`පොල පැවැත්ම සහ ශ්‍රී ලාංකීය පාරිභෝගික අවශ්‍යතා යන සියල්ල එක්කළ සුවිශේෂී හඳුන්වා දීමක් ලෙසද DENZA එළි දැක්වීම සඳහන් කළ හැකිය.
වසර 15ක් පුරා විදුලි සහ plug-in hybrid තාක්ෂණය සහිත මෝටර් රථ නිෂ්පාදනය කරනු ලබන DENZA තමන් ලබා ඇති ජාත්‍යන්තර කීර්තිය ශ්‍රී ලාංකීය වෙළෙඳපොලටද ගෙන ඒමට මේ තුලින් සමත්ව ඇත්තේ සුඛෝපභෝගී නව බලශක්ති වාහන ක්ෂේත්‍රයේ නව මානයන් විවර කරමිනි. මෙම නව්‍ය හා විශිෂ්ට තාක්ෂණයන් මෙරට පාරිභෝගිකයාට අසමසම අත්දැකීමක් ලබා දෙනු නිසැකය.
මෙම දියත් කිරීමෙන් පසු DENZA හි නිල ප්‍රදර්ශනාගාරය 2025 නොවැම්බර් 13 වන දින City of Dreams, Sri Lanka, The Shoppes හිදී විවෘත කිරීමට නියමිත අතර එහිදී පාරිභෝගිකයින්ට මෙම විශිෂ්ට සන්නාමය ආකර්ෂණීය රථ වාහන අත්දැකීමක් ලබා ගැනීමට හැකි වනු ඇත.




