වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනය විසින් සංවිධානය කරන ප‍්‍රාග්ධන වෙළෙඳපොල විශිෂ්ටතා සම්මාන උළෙල 2024 ජූනි 18 වැනිදා

Share

Share

Share

Share

ශ‍්‍රී ලාංකේය ප‍්‍රාග්ධන වෙළෙඳපොලෙහි බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනය ^CFA& විසින් සංවිධානය කරන ප‍්‍රාග්ධන වෙළෙ`දපොල විශිෂ්ටතා සම්මාන උළෙල එළඹෙන ජුනි මස 18 වන කොළඹ, සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව 2012 වසරේ ආරම්භ කළ දේශීය ප‍්‍රාග්ධන වෙළෙ`දපොල විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන සුවිශේෂී සම්මාන උළෙලක් වන මෙහි 11 වන අදියර මේ වසරේ පැවැත්වෙනු ඇත.

‘රාජ්‍ය – පුද්ගලික සබ`දතාවේ ශක්තිය’ තේමා කරගත් මෙවර සම්මාන උළෙල තුළින් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය -පෞද්ගලික සහයෝගීතාවයන්හි වර්තමාන තත්වය සහ ඒවායේ අනාගතය පිළිබ`දව අවධානය යොමු කිරීමට කටයුතු කර ඇත. එසේම මෙම තේමාව පදනම් කරගත් සාකච්ඡුාව තුළින් රාජ්‍ය – පුද්ගලික සහයෝගීතාවන්හි අතීත අත්දැකීම්, පුද්ගලික අංශයේ කාර්ය භාරය මෙන්ම කලාපීය ඉදිරි දර්ශනයන් තුළින් දැනුම උකහා ගැනීමටද මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනය බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරලත් මූල්‍ය විශ්ලේශකයින්ගේ ආයතනයේ ශ‍්‍රී ලංකා සභාපති අරුණ පෙරේරා මහතා ස`දහන් කර සිටියේ ‘‘රට තුළ ක‍්‍රියාත්මක වූ ආර්ථික අර්බුද හේතුවෙන් විවිධ ක්ෂේත‍්‍රයන්හි දක්ෂතා සහිත වෘත්තිකයින් විශාල ප‍්‍රමාණයක් විදේශ ගත වීමට කටයුතු කිරීම හේතුවෙන් ක්ෂේත‍්‍රය තුළ හැකියාවන්හි සුවිසල් පරතරයක් ඇති වී තිබෙන බව දැකිය හැකියි. ක්ෂේත‍්‍රයට පැමිණෙන නවකයින් හට පර්යේෂණ කර්මාන්තයේ සියුම් වෙනස්කම් අවබෝධ කර ගැනීමට මෙන්ම බලාපොරොත්තු වන ආකාරයේ ඉහළ මට්ටමේ පර්යේෂණයන් සිදු කිරීමට අවශ්‍ය පුහුණුව නොලැබීමට මෙය හේතුවක් වනවා. ඒ නිසා මෙම නව පර්යේෂණ හැකියාවන් වැඩි දියුණු කිරීමට මෙන්ම පර්යේෂණවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අප මෙන්ම සමස්ත කර්මාන්තයද පියවර ගත යුතුයි. මෙම ප‍්‍රාග්ධන විශිෂ්ටතා සම්මාන උළෙල තුළින් ඔවුන්ගේ වර්ධනයට හේතුවන සුවිසල් කඩයිමක් සනිටුහන් කරනු ඇති බව අපගේ විශ්වාසයයි’’ යනුවෙනි.

මෙහිදී අදහස් එක් කළ වරලත් මූල්‍ය විශ්ලේශකයින්ගේ ආයතනයේ ශ‍්‍රී ලංකා ව්‍යාපෘති සභාපතිනි සමල්කා අතුරලිය මහත්මිය ‘‘ශ‍්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේශකයින්ගේ ආයතනය අපගේ ප‍්‍රාග්ධන වෙළෙ`දපොල සංවර්ධනය වෙනුවෙන් හා හොඳම ජාත්‍යන්තර භාවිතයන් ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සුවිසල් කාර්ය භාරයක් ඉටු කරනවා. ප‍්‍රාග්ධන වෙළෙඳපොල විශිෂ්ටතා සම්මාන උළෙල ඒ ම`ගින් සංවිධානය කරන විශේෂ උත්සවයක් වන අතර ඒ තුළින් වෙළෙ`දපොල තුළ කටයුතු කරන්නන්ගේ ගුණාත්මකභාවය, සදාචාරාත්මක භාවිතයන් හා වෘත්තීමය භාවය ඉහළ නැංවීමට උත්සාහ කරනවා. මෙවර සම්මාන උළෙල තුළින් රාජ්‍ය – පෞද්ගලික සබ`දතාවන්හි හැකියාව පිළිබ`දව කතා බහට ලක් කිරීමට අපි බලාපොරොත්තු වනවා’’ යනුවෙන් පැවසීය.

මෙහිදී සායනික හා තාර්කික තීරණ ගැනීමේ ආයෝජක අවශ්‍යතාව හේතුවෙන් වඩාත් පුළුල් ආකාරයෙන් පර්යේෂණ පිළිබ`ද සැලකිලිමත් ආයතනික හා පුද්ගලික ආයෝජකයින් කටයුතු කරනු ඇති බවද ඒ මහතා අවධාරණය කරන ලදී.

කොටස් තැරැුව්කරුවන්, විශ්ලේෂකයින්, වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනයේ වරලත් වෘත්තිකයින්, ලැයිස්තුගත සමාගම්හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ නියාමකයින් වැනි ක්ෂේත‍්‍රයේ විවිධ අංශයන් එක් තැනකට ගෙන ඒමට සමත් මෙම සම්මාන උළෙල මෙරට කර්මාන්ත විශිෂ්ටත්වය මෙන්ම ආයෝජන පර්යේෂණ තත්වයන් ඉහළ නැංවීමටද හේතුවක් වනු ඇත.

මෙම සම්මාන උළෙලේදී හො`දම පර්යේෂණ කණ්ඩායම, හො`දම පර්යේෂණ වාර්තාව, හො`දම ක්ෂේත‍්‍ර වාර්තාව, හො`දම ආයෝජන සබ`දතා කණ්ඩායම, හො`දම ඒකක භාර කණ්ඩායම මෙන්ම හො`දම පාරිසරික, සමාජීය, පාලන වාර්තා සම්මානය ඇතුළු සම්මාන අවස්ථාවන් රැුසකදී ඒ ඒ අංශයන් වෙනුවෙන් රන්, රිදී සහ ලෝකඩ සම්මානයන් ලබා දීමට නියමිතය.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ලැයිස්තුගත සමාගම්හි පාරිසරික, සමාජීය, පාලන විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් සම්මාන උළෙල ස`දහා ප‍්‍රථම වරට පාරිසරික, සමාජීය, පාලන ^ESG& සම්මානය හ`දුන්වාදීමට වරලත් මූල්‍ය විශ්ලේශකයින්ගේ ආයතනය කටයුතු කර තිබීමයි. මූල්‍ය විශ්ලේශකයින්ගේ ආයතනයේ වරලත් සාමාජිකයින් හා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින්ගෙන් සමන්විත ප‍්‍රවීන හා අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයකගේ ම`ග පෙන්වීම යටතේ මෙම සම්මාන උළෙලේ ජයග‍්‍රාහකයින් තෝරා ගැනීමට නියමිතය.

වෙළෙ`දපොල 164ක වෘත්තිකයින් 190,000කට අධික සංඛ්‍යාවක් සම`ග වෘත්තීය විශිෂ්ටත්වය ස`දහා ප‍්‍රමිතීන් සකස් කරනු ලබන ආයෝජන වෘත්තිකයින්ගේ ගෝලීය සංගමය ලෙස වරලත් මූල්‍ය විශ්ලේශකයින්ගේ ආයතනය හ`දුන්වා දිය හැකිය. 2001 වසරේදී ආරම්භ කර ඇති එය වෘත්තීය සංවර්ධනය හා දියුණුව වෙනුවෙන් මෙන්ම ආයතනය ශ‍්‍රී ලංකාවේ මූල්‍ය විශ්ලේශකයින්ගේ වරලත් සාමාජිකයින්ගේ හා අයදුම්කරුවන්ගේ ප‍්‍රගතිය වෙනුවෙන් සහයෝගය ලබා දෙන ලාභ නොලබන සංවිධානයක් ලෙසද ස`දහන් කළ හැකිය. ප‍්‍රධාන විධායක නිලධාරීන්, ප‍්‍රධාන මූල්‍ය නිලධාරීන්, විවිධ ක්ෂේත‍්‍රයන්හි කළමනාකරුවන්, කොටස් විශ්ලේශකයින්, බැංකු වෘත්තිකයින්, ආයෝජන උපදේශකයින් සහ අනෙකුත් ඉහළ මට්ටමේ මූල්‍ය වෘත්තිකයින් 250 කට අධික සංඛ්‍යාවකින් මෙන්ම අපේක්ෂකයින් 300කට අධික පිරිසකගෙන් වරලත් මූල්‍ය විශ්ලේශකයින්ගේ ආයතනය සමන්විත වේ.

 

දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී...
City of Dreams Sri Lanka...
MAS Holdings, AICPA සහ CIMA...
City of Dreams Sri Lanka...
டிஜிட்டல் பொருளாதார வளர்ச்சிக்கு பங்களிப்புச் செய்கின்ற...
ඩිජිටල් යුගයේ මවක් ලෙස ආදරය,...
ITC Ratnadipa to Launch ‘The...
Serving Sri Lanka’s heritage with...
ඩිජිටල් යුගයේ මවක් ලෙස ආදරය,...
ITC Ratnadipa to Launch ‘The...
Serving Sri Lanka’s heritage with...
APB Welcomes Top Banking Industry...