වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ හැටන් නැෂනල් බැංකුවේ කාර්ය මණ්ඩලයට උපහාර

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කළේය.

HNB විසින් මෙම උත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර එහිදී 1999/2000 වසරවල බැංකුවට සම්බන්ධ වූ සාමාජික සාමාජිකාවන් 160 දෙනෙකුට උපහාර පිදුවේය. මෙම උත්සවය සඳහා HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, ජ්‍යෙෂ්ඨ උප සභාපති/ප්‍රධාන මානව සම්පත් නිලධාරී (CHRO) කේ. ඉන්ද්‍රවාසන් යන මහත්වරුන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී විය.

මෙම සාමාජික සාමාජිකාවන් වසර 25ක් පුරාවට සිදු කළ මෙහෙවර සහ දායකත්වය අගයමින් බැංකුව විසින් ඔවුන් වෙත රන් කාසි දෙකක් සහ සමරු ඵලකයක් පිරිනමන ලදී. සතුට, විනෝදය සහ මියුරු සංගීතය රසවිඳිමින් බැංකුවේ කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ බිරින්දෑවරුන් සහභාගී වුණු රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව මෙම උත්සවය නිමාවට පත් විය.

“වසර විසි පහක කාලයක් අප සමඟ සිටි අපගේ විශ්වසනීය සාමාජික සාමාජිකාවන් සැමරීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වනවා. මෙම සැමරීම තුළින් අප හා ඔවුන් අතර ඇති බැඳීම පෙන්නුම් කරනවා, ඒවගේම ඔවුන්ගේ කැපවීම ඇගයීමට ලක් කිරීමට ලැබීම අප භාග්‍යයක් කොට සලකනවා. එමෙන්ම අප වෙත ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ඔවුන්ගේ සහකරුවන්/සහකාරියන්ට ද අප මෙහිදී අපි කෘතඥ වනවා. දිගුකාලයක් අප සමඟ සිටි සාමාජික සාමාජිකයින් සතුව වටිනා අත්දැකීම් තිබෙන අතර ඒවා නව පරම්පරාවේ HNB කාර්ය මණ්ඩලය සමඟ බෙදා ගත යුතුයි. HNB හිදී අපි සදාචාරාත්මක, විවිධත්වයෙන් යුතු සහ සැමට ප්‍රතිලාභ ලබා දෙන සේවා ස්ථානයක් සඳහා කැපවී සිටින අතර, ඉදිරි වසරවලදී මෙම සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා.” යනුවෙන් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/ප්‍රධාන මානව සම්පත් නිලධාරී කේ. ඉන්ද්‍රවාසන් මහතා පැවසීය.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...