ව්‍යාපාරික වීසා ගැටළුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් අවශ්‍යයි” ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජයෙන් ඉල්ලයි

Share

Share

Share

Share

පසුගිය අගෝස්තු 02 වන දින සිට නවතා දමා ඇති කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමු කර එම ගැටළු කඩිනමින් නිරාකරණය කර දීමට කටයුතු කරන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) රජයෙන් ඉල්ලා සිටී.

එම සංසදය සඳහන් කර සිටින්නේ නිසි ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් ගැණුම්කරුවන්, යන්ත්‍රෝපකරණ සපයන්නන් හා තාක්ෂණික සේවා සපයන්නන් ඇතුළු සියලු නිල විදේශීය ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමේදී සැලකිය යුතු දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බවයි.

තවද ශ්‍රී ලංකාවට පැමිණීමේදී සංචාරක වීසා පහසුකම් ලබා ගත හැකි වුවද ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ පහසුකම් දැනට ලබා නොදීම හේතුවෙන් මෙරට ව්‍යාපාර කෙරෙහිද අනිසි බලපෑමක් ඇති කරනු ලබයි. මෙරටට කෙටි කාලීන ව්‍යාපාරික සංචාරයන් වෙනුවෙන් පැමිණෙන විදේශීය ව්‍යාපාරිකයින් සංචාරක වීසා ලබා ගැනීමට සුදුසුකම් නොලබන අතර විදේශීය ව්‍යාපාරිකයින්ට නවාතැන් සැපයීමේ හැකියාවෙහි සැලකිය යුතු පරතරයක්ද මේ තුළින් පෙන්නුම් කරයි. අපනයනය හා ව්‍යාපාරික වර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර සහභාගීත්වය අත්‍යාවශ්‍ය සාධකයකි. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තය පිළිබඳව සැලකීමේදී ජාතික ආර්ථිකයේ හෙට දවස වෙනුවෙන් විදේශීය ව්‍යාපාරික ප්‍රජාවගේ පැමිණීම අනිවාර්යය සාධකයක් වේ.

තවද ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන විදේශීය ව්‍යාපාරිකයින් වෙත නිසි මඟ පෙන්වීමක් ලබා දීමට කටයුතු නොකිරීමද ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ආගමන විගමන වෙබ් අඩවිය යාවත්කාලීන නොවීමද තවත් ගැටළු රැසකට මග පාදන්නකි. එය ජාත්‍යන්තරය තුළ අප පිළිබඳව අවිශ්වාසයක් ඇති කිරීමට හේතුවනු ඇත. රටවල් 35කට වීසා නොමැතිව මෙරටට ඇතුලුවීමේ පහසුව ලබා දීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී සාකච්ඡාවට ලක් වූ අතර එය ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වීමද මෙම ගැටළුව තව තවත් උග්‍ර වීමට හේතු වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර දියුණුවේ තීරණාත්මක අවස්ථාවක එළඹී සිටිනවා. එවන් මොහොතක ඊට අවශ්‍ය භාණ්ඩ පමණක් නොව අවශ්‍ය පුද්ගලයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීම රජයේ වගකීමක් ලෙස සඳහන් කළ හැකියි. ව්‍යාපාරිකයින් මෙරටට පැමිණෙන්නේ අවශ්‍යතා රැසක් ඉටු කර ගැනීම වෙනුවෙනුයි. එහිදී ව්‍යාපාරික හා අපනයන සම්බන්ධ කටයුතු සඳහා මෙරටට පැමිණෙන ජාත්‍යන්තර ව්‍යාපාරිකයින් හට අවශ්‍ය පහසුකම් සලසා දෙන ව්‍යාපාරික හිතකාමී ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය ඇති කරන විසඳුමක් ලබා දීමට කඩිනම් ක්‍රියා මාර්ග ගත යුතුයි” යනුවෙනි.

ඒ අනුව කෙටි කාලීන, තනි ප්‍රවේශ ව්‍යාපාරික වීසා නිකුත් කිරීම සඳහා තාවකාලික විසඳුමක් ලෙස විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටින ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සඳහන් කරන්නේ ඒ තුළින් නීත්‍යානකූලව සුදුසු වීසා බලපත්‍රයක් සහිතව ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවට සහතිකයක් සමඟින් මෙරට වෙළෙඳාම හා කර්මාන්ත සඳහා දිරි ගැන්වීමක් හිමි වන බවයි.

තවද මේ වන විට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙම ගැටළුව විසඳීම කෙරෙහි උත්සාහ ගනිමින් සිටියද එය ක්‍රියාත්මක කරන කාලයක් ඉදිරිපත් කර නොමැති හෙයින් මෙරටට පැමිණෙන ව්‍යාපාරිකයින් හා මෙරට ව්‍යාපාර දැඩි දුෂ්කරතාවකට ලක්ව ඇති බවද එම සම්මේලනය සඳහන් කර සිටියි.

 

22/5/2026
Hellmann மற்றும் MAS ஹோல்டிங்ஸ் இலங்கையில்...
ඇමරිකානු ආයෝජිකා Sandhya Ajjarapu, Kandy...
Hellmann සහ MAS සමූහය එක්ව...
10 වන Huawei ICT තරඟයේ...
GWM வாகன அணுகலை விரிவுபடுத்தும் வகையில்,...
Prime Group strengthens commitment to...
Hellmann and MAS Holdings launch...
GWM வாகன அணுகலை விரிவுபடுத்தும் வகையில்,...
Prime Group strengthens commitment to...
Hellmann and MAS Holdings launch...
Prime Melwa Formally Commences Asia’s...