වාහන සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට Mahindra Ideal Finance සහ ටොයෝටා ලංකා සමාගම අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

Mahindra Ideal Finance PLC දිවයින පුරා සිටින ටොයෝටා ලංකා පාරිභෝගිකයින් වෙනුවෙන්ම සුවිශේෂී වාහන මූල්‍ය පහසුකම් සලසා දීමට ශ්‍රී ලංකාවේ Toyota සහ HINO වාහන සඳහා මෙරට එකම නියෝජිතයා සහ බෙදාහරින්නා වන ටොයෝටා ලංකා පුද්ගලික සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. මෙම හවුල්කාරිත්වය යටතේ, ටොයෝටා ලංකා සමාගමෙන් වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට MIFL හි Leasing, Ideal Draft, සහ Vehicle Loan Scheme යන ප්‍රධාන මූල්‍ය සේවා මඟින් ඉතා සහනදායී පොලී අනුපාත සහ අවම සේවා ගාස්තු යටතේ මූල්‍ය පහසුකම් ලබාගත හැක.

ශ්‍රී ලංකාව පුරා ශාඛා 38 ක ජාලයකින් සමන්විත MIFL, වාහන සහ වත්කම් මූල්‍යකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටී. මෙම හවුල්කාරිත්වය මඟින් එම සේවාවන් ටොයෝටා ලංකා බෙදාහැරීමේ ජාලය දක්වා තවදුරටත් පුළුල් කෙරේ. මේ හේතුවෙන් පාරිභෝගිකයින්ට තමන් වාහනය මිලදී ගැනීමට තීරණය කරන ස්ථානයේදීම ක්‍රමවත් මූල්‍ය පහසුකම් සෘජුවම ලබාගැනීමේ අවස්ථාව උදාවේ.

වත්තල පිහිටි ටොයෝටා ලංකා ප්‍රධාන කාර්යාලයේදී Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෝහිත බන්දුසේන සහ ටොයෝටා ලංකා කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල යන මහත්වරුන් විසින් මෙම අවබෝධතා ගිවිසුමට නිල වශයෙන් අත්සන් තබන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් MIFL කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා පැවසුවේ “ටොයෝටා ලංකා සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය අපගේ ව්‍යාපාරික ගමනේ වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. මේ හරහා වාහන මූල්‍යකරණ ක්ෂේත්‍රය තුළ අපගේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් වන අතරම, පාරිභෝගිකයින් තම ජීවිතයේ වැදගත්ම මිලදී ගැනීම් සිදුකරන මොහොතේදීම ඔවුන් අසලින්ම රැඳී සිටීමට අපට මෙයින් හැකියාව ලැබෙනවා. සේවාවන් පහසුවෙන් ලබාගත හැකිවීම සහ විශ්වසනීයත්වය අපගේ ව්‍යාපාරයේ මූලික පදනම වන අතර, මෙම සහයෝගීතාවය තුළින් එම විශ්වාසනීය කැපවීම ටොයෝටා ලංකා පාරිභෝගික ජාලය වෙතද ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

“සියලු දෙනාට ප්‍රවාහන පහසුකම් සැලසීම (Mobility for All) යන ටොයෝටා ලංකා සමාගමේ දැක්මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ, ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාවට වාහන හිමිකාරිත්වය සහ ගමනාගමන අවශ්‍යතා වඩාත් පහසුවෙන් සපුරා ගැනීමට මඟ පෑදීමයි. MIFL සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය එම අරමුණ කරා යන ගමනේ තවත් එක් වැදගත් පියවරක් වන අතර, මේ හරහා වැඩි පාරිභෝගිකයින් පිරිසක් වෙත ළඟා වෙමින් ඔවුන්ට විශ්වාසනීය සහ පහසු මූල්‍ය විසඳුම් ලබාදීමට අපට හැකියාව ලැබෙනවා,” යනුවෙන් ටොයෝටා ලංකා කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා පැවසීය.

මෙම හවුල්කාරිත්වයත් සමඟ, ශ්‍රී ලංකාවේ වාහන මූල්‍යකරණ ක්ෂේත්‍රය තුළ තම ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීමටත්, පාරිභෝගිකයන් අතරට වඩාත් සමීප වීමටත් MIFL පියවර ගනිමින් සිටී. ෆිච් රේටින්ග්ස් වෙතින් ස්ථාවර AA-(lka) ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති MIFL කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත ණය සුරැකුම්පත් සහිත සමාගමකි.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...