ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය මැදි කර ගත් තේ කර්මාන්තය මෙරට ජෛව විවිධත්වයෙන් අනූන පරාදිසයකි. මද්‍ය කඳුකරය මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන කලාපීය වැවිලි සමාගම් රැසක් සිය වැවිලි කර්මාන්තයට අදාල කටයුතු සිදු කරන අතරතුර ක්‍රියාකාරීව ශඛ හා සත්ත්ව සංරක්ෂණය සිදු කරමින් මෙම පරිසර පද්ධතීන් සංරක්ෂණයට උරදී සිටී. තේ වැවිලි කටයුතු වලට සමගාමීව ස්වභාවික වනාන්තරය ආරක්ෂා කිරීමත්, වඳවීමේ තර්ජනයට ලක් වසිටින සතුන් සංරක්ෂණය කිරීම සහ සත්වයින් ගේ ස්වභාවක ගමන් මාර්ග ආරක්ෂා කිරීම මෙන්ම වතු යායන් අවට සිටින ප්‍රජාව මෙම කටයුතු සඳහා සහභාගී කරවා ගැනීම වැනි කටයුතු ද සිදු කරයි.
බොගවන්තලාව වැවිලි සමාගමේ වනජීවී සහ තුරුලතා ආරක්ෂා කිරීමේ වැඩපිලිවෙල
බොගවන්තලාව වැවිලි සමාගම ජෛව විවිධත්ව සංරක්ෂණය තම වැවිලි කළමණාකරණ ක්‍රියාවලියේ ප්‍රමුඛතම සාධකයක් ලෙස සලකයි. තම වතුයායේ මුලු භුමි භාගයෙන් හෙක්ටයාර 75ක් සාම්ප්‍රදායික සංරක්ෂණය සඳහා වෙන් කර ඇති අතර මේ හා බැඳුනු පරිසර පද්ධතිය හෙත්ටයාර 7000ක් දක්වා පැතිර පවතී.
ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන තුල ජීවය යලි ඇති කිරීම, වනසතුන්ගේ ගමන්මාර්ග ඇති කිරීම,ආක්‍රමණික ශාක සහ සතුන් පාලනය සහ පරිසර පද්ධතිය පිලිබඳව තම සේවකයින් සහ ප්‍රජාව දැනුවත් කිරීමේ කටයුතු ද සිදු කෙරේ.මෙම ක්‍රියාමාර්ග මගින් ඵලදායී ප්‍රතිඵල අත් කර ගැනීමට බොගවන්තලාව වැවිලි සමාගමට හැකියාව ලැබී තිබෙන අතර සතුන්ගේ වර්ධනය 18%කින් වැඩි වීම සහ සත්ව කාණ්ඩ 37කගේ ජීවය තහවුරු කිරීම සිදු ව ඇත. ඒමෙන්ම මේ කටුයුතු සඳහා ප්‍රජා සහභගීත්වය 42%කින් ද වර්ධනය වී ඇත.

බොගවන්තලාව වැවිලි සමාගම විසින් සිදු කරන ප්‍රමුඛතම ජෛව විවිධත්ව වැඩසටහන මගින් ශාඛ සහ සත්වයින් 500ක ගේ පමණ ආරක්ෂාව තහවුරු වී ඇති අතර වඳවී යෑමේ තර්ජනයට ලක් ව ඇති නෙලූ ශාඛය සහ pygme lizard වැනි සතුන්ගේ වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කර ඇත. පාංශු සංරක්ෂණය පිලිවෙත් මගින් ඉහත සඳහන් කල සංරක්ෂණ වැඩසටහන් සවිමත් වූ අතර කෘෂි ආර්ථික ප්‍රථිලාභ ද අත් කර දී ඇත. ඒනම් වගාවේ ඵලදායීතාව වැඩි වීම සහ මෙමගින් ක්‍රමානූකුලව ශාඛ සහ සත්ව ගහනය වැවිලි ක්ෂේත්‍රය තුල වර්ධනය වී ඇත.
කහවත්ත වැවිලි සමාගම මගින් සිදු කරන විද්‍යානූකූල නැවත වගාකිරීම සහ ජීවයේ පැවැත්ම ආරක්ෂා කිරීම
කහවත්තවැවිලි සමාගම මගින් පාලනය කරන වතුයායන් ආශ්‍රිතව හෙක්ටයාර 146ක භූමියක් ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ස්වභාවික වනාන්තරය සඳහා වෙන් කර ඇති අතර ඩිල්මා සිලෝන් ටී සහයෝගීතාව සහ ඩිල්මා සංරක්ෂණ වැඩසටහන සමග කටයුතු කරන බැවින් සබරගමුව, රජරට සහ කොළඹ යන විශ්ව විද්‍යාල සමග ඒක්ව නිවර්තන පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම, යන වඩාත් ද්විතික වැඩසටහන් වෙත යොමු ව සිටී. මෙම වැඩසටහන තුලින් ජීවයේ පැවැත්ම තහවුරු කිරීම, වන සත්ව ගමන් මාර්ග ඇති කිරීම, ආක්‍රමණික ශාඛ සහ සත්වයින් පාලනය කිරීම, සහ ප්‍රජාව සඳහා දීප ව්‍යාප්ත පාරිසරික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.
මෙම වැඩසටහන් වල ප්‍රතිඵලයන් අතිශය සාර්ථකත්වයට පත් ව ඇති අතර ජෛව විවිධත්ව සමීක්ෂණය මගින් ශාක විශේෂ 60ක්, සමනල විශේෂ 53ක්, බත් කූරන් විශේෂ 16ක් , උභය ජිවීන් විශේෂ 12ක්, උරග විශේෂ 28ක්, මතස්‍ය විශේෂ 3ක් කුරුළු විශේෂ 74ක් සහ ක්ෂිරපායි සත්තව විශේෂ 15ක් හඳුනා ගෙන ඇත. මීට අමතරව වතුයායන් ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයින් 1500ක් පමණ පරිසරික අධ්‍යපාන වැඩසටහන් සහ ජීවනෝපාය වැඩසටහන් සමග සම්බන්ධ වෙමින් පාරිසරික සංරක්ෂනය සහ ඒක් ව සිටී.
මේ අතුරින් කහවත්ත වැවිලි සමාගම විසින් ක්‍රියාත්මක කරන ඒන්ඳාන ජෛව විවිධත්ව කොරිඩෝව විහේෂයෙන් පෙන්වා දිය හැකි අතර මෙමගින් කිලෝමීටර් 3කට ආසන්න වනාන්තර ගමන්මාර්ගයක් ඇති කරමින් යාබද වනාන්තර දෙකක් සඳහා පිවිසුම ලබා දී ඇත. මෙම වැඩසටහන මගින් හෙක්ටයාර 40ක අතහැර දමන ලද තේ වගා කල භූමියක් නිවර්තන සදාහරිත වනාන්තරයක් බවට පරිවර්තනය කර ඇත. මෙම ක්‍රියාවලිය තුල ශාඛ වර්ග 173කට අයත් පැල 13,804ක් සහ මේ අතරින් ගෝලීය වශයෙන් අනතුරකට මුහුණ දී සිටන ශාඛ 85ක් වගා කළ අතර තවත් පැල 1120ක් සංරක්ෂණ කලාපයෙන් පිටත කලාප 5ක් තුල ස්ථාපනය කර ඇත. දිගු කාලීන පසුවිපරම් කලාපයන් ස්ථාපනය කරමින් පරිසර විද්‍යාත්මක සාර්ථකත්වය ඇගයීමට ලක් කරමින් ඇත. මෙහිදී ඇති කල සතුන්ගේ ගමන් මග විද්‍යානූකූලව යලි වගා කල වනාන්තරයකින් සමන්විත වන අතර ප්‍රජා සහභාගීත්වය , ජීවනෝපාය සහාය, සහ පරිසර විද්‍යාත්මක කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් යම් ගෙවීමක් සිදු කෙරෙන අතර මෙම පුරෝගාමී ක්‍රියාවලිය ජාත්‍යන්තර ඇගයීමට ලක් වෙමින් Franklinia Grant වැඩසටහනේ ගෞරවයට පාත්‍රවී ඇත.
කහවත්ත සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ සංරක්ෂණය වන ශාඛ සහ සත්තව විශේෂ අතර Anacardiaceae, Annonaceae, Calophyllaceae, Dipterocarpaceae, Myrtaceae, Melastomataceae සහ Rubiaceae ශාඛ කාණ්ඩයන් අයත් වන අතර in-situ and ex-situ ක්‍රමෙව්දයට අනුව පර්යේෂණ සහාය, පැල තවාන් කළමනාකරණය, කැමරා සවි කිරීම සහ ප්‍රජා සහභාගීත්ව වැඩසටහන්, සිදු කරන ලදි. ඒමෙන්ම සමාගම තවදුරටත් පරිසර විද්‍යාත්මක සහ ජෛව විවිධත්ව වැඩසටහන් ව්‍යාප්ත කරමින් සමාජ වටිනාකම් වර්ධනය කිරීමටද කටයුතු කර ඇත.
මල්වත්ත වැවැලි සමාගම මගින් ක්‍රියාත්මක කරන ජෛව විවිධත්ව සංරක්ෂණ වැඩසටහන්
මල්වත්ත වැලි වැවිලි සමාගම විසින් හෙක්ටයාර 4430ක තේ වගා භූමියක් කළමනාකරණය කරන අතර ස්වභාවික වනාන්තර සඳහා තම වැවිලි ක්ෂේත්‍රය තුල හෙක්ටයාර 45ක් වෙන් කර ඇත. මෙම සංරක්ෂණ භූමි භාගය තුල කඳුකර වනාන්තර කොටස්, ජලධාරා සහිත පරිසර පද්ධති, වලින් සමන්විත බැවින් මෙහි ජෛව විවිධත්වය තිරසාරව පවත්වාගෙන යෑම සඳහා මහඟු කාර්යයක් සිදු කරනු ලබයි. තේ වගා නොකරන භූමියෙහි වනා වගාවන් යලි ඇරඹීම , සහ මෙම ප්‍රදේශයට ආවේණික ශාඛ වර්ග යලි වගා කිරීම, තේ වගාව ආශ්‍රිතව පවත්වාගෙන යන ජෛව විවිධත්ව ප්‍රෙරණ කලාප වැනි වැදගත් පියවර රැසක් ගෙන තිබේ.
සමාගම විසින් ගනු ලැබූ පියවරයන්හි සාධනීය ප්‍රතිඵල රැසක් පෙනෙන්ට තිබේ. විශේෂයෙන්ම මෙම ප්‍රදේශයට ආවේණික කුරුල්ලන් නැරඹීමේ අවස්ථාවන් ඉහළ යෑම, සහ අවදානමට ලක් ව ඇති උභයජීවින් වැඩි වශයෙන් දැක ගත හැකි වීම, පසුගිය වසර දෙක තුල ඉහළ වර්ධනය වී ඇත. ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා සේවකයින් දැනුවත් කිරීම , ඡායාරූප මගින් ඒම සතුන් සහ ශාඛ පිලිබඳව සංචාරකයින් සහ සේවකයින් දැනුවත් කිරීම පෙන්වා දිය හැක. ඒමෙන්ම මෙම සංරක්ෂණ කටයුතු අවට ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ද ව්‍යාප්ත කර ඇත. මල්වත්ත වැවිලි සමාගමේ පරිසර සංරක්ෂණ වැඩසටහන මගින් වඳවීමේ තර්ජනයට ලක් ව ඇති වලි කුකුලා, සහ තවත් සතුන් වතුයායන් තුලම දැක ගත හැක.
තලවකැලේ ප්ලාන්ටේශන් පී.ඒල්.සී පරපුරෙන් පරපුරට රැගෙන යන පරිසර පද්ධත සංරක්ෂණය
තලවකැලේ වැවිලි සමාගම විසින් හෙක්ටයාර 5134ක වැවිලි භෝග වගාවන් සිදු කරන අතර ජෛව විවිධත්ව සංරක්ෂණය තම වතු කළමණාකරණයෙහි මූලික අංගයක් ලෙස සලකන අතර පාරිසරික විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයන් ගණනාවක් ඔවුන් විසින් කළමණාකරණය කරනු ලබයි. මෙම ස්ථානයන් උඩරට සහ සිංහරාජ සදාහරිත වනාන්තරය තෙක් විහිද යයි. සමස්ත වැවැලි භමියෙන් හෙක්ටයාර 62ක් සාම්ප්‍රදායික පරිසර සංරක්ෂණයට අයත් ව පවති.
මොවුන් විසින් කළමනාකරණය කරන වතු ආශ්‍රිතව පිහිටි ජල මූලාශ්‍රයන් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගාවන් රැසක් පෝෂණය කරනු ලබයි. ඒමෙන්ම තලවකැලේ වැවිලි සමාගමට අයත් දකුණු පළාතේ පිහිටි වතු යායන් මෙරට විශාලතම පහතරට තෙත් සදාහරිත වනාන්තරය දක්වා මායිම්ව තිබේ. මෙබඳු පාරිසරික විද්‍යාත්මකව සංවේදී කලාපයන් ආශ්‍රිතව පිහිටි තලවකැලේ වැවිලි සමාගම ජෛව විවිධත්ව සංරක්ෂනය සිය ව්‍යාපාරික මෙහෙයුම් වල අතිශය වැදගත් කොටසක් ලෙස සලකා කටයුතු කරයි.

වන ජීවි සහ ස්වභාවික පරිසර සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංගමය, කොළඹ, සබරගමුව, වයඹ සහ පේරදෙණිය විශ්වවිද්‍යාල යන රාජ්‍ය සහ පුද්ගලික ආයතන සමග ඒක්ව ජෛව විවිධත්ව සංරක්ෂණ කටයුතු තවත් ශක්තිමත්ව සිදු කිරීමට තලවකැලේ වැවිලි සමාගම පියවර ගෙන ඇත. මෙම සංරක්ෂණ වැඩසටහන් මගින් මෙම පරිසර පද්දතින්ට ආවේණික ජීවින් ගේ පැවැත්ම තහවුරු කිරීම, ආක්‍රමණික ශාක සහ සත්ව ගහනය පාලනය කිරීම, සේවකයින්ට සහ අවට ප්‍රජාවගේ පරිසරික අධ්‍යාපනය දැනුම ප්‍රවර්ධනය කිරීම සිදු කෙරේ.සමාන්‍ය විගණනයන් සහ පරිසර විද්‍යාත්මක සමීක්සණයන් සිදු කරන අතර ඒමගින් සත්වයින් 113ක් හඳුනාගෙන ඇති අතර ඉන් 44 වඳවී යෑමේ තර්ජනයට හෝ දැඩි අවදානමකට ලක් ව ඇති බවත් ශාක 31ක් ද මේ අතර ඇති බව IUCN ආයතනය පෙන්වා දී ඇත.
මේම වැඩසටහන් අතර කිලෝමීටර් 13ක් පුරා දිවයන වන වැස්මකින් සමන්විත වනාන්තර ගමන් මගක් විවෘත කර පවත්වාගෙන යෑමට කටයුතු කරයි.මෙම වනාන්තර මාර්ගය නානුඔය සිට අග්‍රා ඔය දක්වා විහිද යන අතර මෙම මාර්ගයට සමගාමීව හෙත්ටයාර 11ක ප්‍රෙරණ කලාපයක් නම් කර ඇත. මෙම ප්‍රේරණ කලාපය තුල මෙම ප්‍රදේශයට ආවේණික ශාක 50,000ක් පිහිටුවීමට කටයුතු කෙරෙන අතර සමර්සෙට්, බෙයාර්වෙල්, ඩෙස්ෆෝඩ්, රදැල්ල,පාම්ස්ටන්ග්‍රේට් වෙස්ටන් සහ ලොජී වැනි මහා පරිමාණයේ වන වගාවන් ඇරඹීමට කටයුතු කර ඇත. මේ සඳහා වනජීවී සහ සවභාව සෞන්දර්ය ආරක්ෂා කිරීමේ සංගමය සහ තවත් සමාගම් 15ක් , විශ්වවිද්‍යාල, රාජ්‍ය නොව සංවිධාන, ඒ්කාබද්ධව රුපියල් මිලියන 5.2ක පාරිසරික විද්‍යාත්මක සංරක්ෂණ වැඩසටහන් සිදු කරනු ලබයි. මෙම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ප්‍රජාව පැල තවාන් පවත්වාගෙන යෑම, රුක් රෝපණය , සහ ජෛව විවිධත්ව පසුවිපරම් සිදු කිරීම, මෙන්ම ප්‍රජාව සහ පරිසරය අතර ඇති සම්බන්ධතාව ශක්තිමත් කිරීම සිදු කරයි.
තලවකැලේ වැවිලි සමාගම සිය වතුයායන් ආශ්‍රිතව විවිධ පරිසර ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාවේ යොදවා ඇත. දඩයම් කිරීම, වන සතුන් සහ කුරුල්ලන් ඇල්ලීම සහ ලුහුබැඳීම සපුරා තහනම් වේ. මේ අතර ස්වභාවික පරිසරයෙහි ජීවත්වන ජීවීන් ආරක්ෂා කිරීම සඳහා ස්වභාවික වනාන්තර වල තේ වැවිම සිදු නොකෙරේ.
කර්මාන්තශාලා පරිසර සංවේදී කලාපවලින් ඈත්ව පිහිටුවීමට කටයුතු කර ඇති අතර හැකි තාක් ශාක වලට හා සත්වයින්ගේ ජීවයට බාධාවක් නොවන ආකාරයට ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යයි. ඒමෙන්ම ප්‍රේරණ කලාප පවත්වාගෙන යමින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට කටයුතු කෙරේ. මීට අමතරව කෘතිම භාවිතයන් හැකි තාක් අවම කිරීම, අමුද්‍රව්‍ය ආක්‍රමණික ශාක හෝ සතුන්ගෙන් තොරව පවත්වාගෙන යෑම, ස්වභාවික පරිසර පද්ධති ඇති කරමින් විසිරී සිටින සතුන් ඒක් කලාපයකට ගොනු කිරීම සිදු කෙරේ. මෙම ක්‍රියාමාර්ගයන් මගින් තලවකැලේ වැවිලි සමාගම මෙරට කඳුකර තේ වගාව ආශ්‍රිතව ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි.
කලාපීය වැවිලි සමාගම් විසින් ක්‍රියාත්මක කර ඇති මෙරට ජෛව විවිධත්ව සංරක්ෂණ වැඩසටහන් මගින් මෙරට ස්වභාවික උරුමය ආරක්ෂා කිරීම සඳහා වන ඔවුන්ගේ කැපවීම මැනවින් පිලිබිඹු කරයි. වඳවී යෑමේ තර්ජනයට ලක් ව සිටින සතුන්ගේ ආරක්සාව සහතික කිරීම, වනාන්තර යලි ඇති කිරීම, සහ ප්‍රජා පාදක සංරක්සණය සඳහා සක්‍රීය දායකත්වයක් සැපයීම තුල බොගවන්තලාව, කහවත්ත, මල්වත්ත සහ තලවකැලේ වැවිලි සමාගම් ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කිරීමෙහි ලා ඔවුන්ගේ මෙහෙවරෙහි වැදගත් කම යලිත් අවධාරණය කරයි. මෙම උත්සාහයන් තුලින් මෙරට සවභාවික සෞන්දර්ය මතු පරපුරට දායද කිරීමේ ප්‍රමුඛතම ක්‍රියාවලියෙහි කොටස්කරුවන් බවට ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය පත්ව සිටින බව මැනවින් පෙන්නුම් කෙරේ.





